Tuesday, February 9, 2016

මින ලග්නය

{ පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය }

* ලග්න 12 පොදු විස්තර ඇල්බමය
(https://www.facebook.com/media/set/?set=a.1163510676999343.1073741846.833656709984743&type=3)

ලග්න රාශි වළල්ලේ 12වෙනියට හෙවත් අවසානයට වැටෙන රාශිය මීන රාශියයි.
උඩු අතට සහ යටි අතට මාළුවන්ගේ වරල් ගසා පිහිනන මාළුවන් 2කුගේ හැඩය ලැබෙන නිසා මීන ලග්නය නමින් හඳුන්වයි.
මීන රාශිය ගුරුට අයත් වන රාත්‍රි බල රාශියකි. මීන ලග්නය උභය රාශියකි.
මීන රාශියේ සූර්යයා ගමන් කරන්නේ සාමාන්‍යයෙන් මාර්තු 15 වන දින සිට අප්‍රේල් 14 වනතෙක් දින 30කි. මීන රාශියේ සඳු ගමන් කරන විට නැකැත් 3ක් හමුවේ. පුවපුටුප, උත්‍රපුටුප සහ රේවතී නැකැත්ය.

- මෙම සියලු කරුණු තම කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

●  ස්වභාවයෙන්ම අනුකම්පාසහගත, සංවේදි  සිතිවිලි ඇති අයවලුන් වෙති.
ඕනෑම මීන ලග්න කරුවෙකු කෙරෙන් මේ තත්ව ගම්‍ය වේ.
එසේම මීන ලග්නයෙන් උපන් අය අවිහිංසාව සහ අනුකම්පාව, කරුණාව, දයාව උප්පත්ති උරුමයන් කොට උපත ලැබූවන් වේ. එසේම මේ අය ගසකින් කොළයක් පවා කැඩීමට අකමැතිය.

● ගැඹුරු දේ සෙවීමේ සහ ඉගෙන ගැනීමේ මහත් ආශාවක් දක්වයි. විශේෂයෙන්ම ගුප්ත ශාස්ත්‍රිය කටයුතු වලටත්, ජ්‍යොතිර්වේදය ඉගෙන ගැනීමටත් මොවුන් සමර්ථකම් දක්වයි. අනාගතය, වර්තමානය, අතීතය තුන්කල් දකින සංකලනය කරන ඒ සම්බන්ධව අනුමානය කරන නුවණක් මොවුන් සතුය.
* විශේෂ වශයෙන් මීන ලග්නයේ පිරිමි අය සේම ගැහැණු අයද ඉතාම කරුණාවන්තය. මීන ලග්නකරුවාගෙන් ඉවසිලිවන්ත භාවය මනාව ප්‍රකට වේ.
අප රටේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මීන ලග්නයෙන් උපන් කෙනෙකි.

●  මීන ලග්නකරුවන්ට බොහෝදුරට ගැලපෙන්නේ නාවුක, ගුවන් කටයුතු, සන්නිවේදන අංශ, ගුරු වෘත්තිය, උපදේශකයින්, බැංකු ක්ෂෙත්‍රය ආදි රැකියාය. මෙම ක්ෂෙත්‍ර වල රැකියා කිරිම ඔවුන්ට ආර්ථික සමාජිය සහ අනිකුත් වාසි සැලසෙන අතර, නාවික හමුදාව සහ ගුවන් හමුදාවද ගැලපේ. ජලය ආශ්‍රිතව කරන රැකියා, ආහාර පාන ගැලපේ. අප උදාහරණයකට ගත්තොත් මීන ලග්නයේ සිකුරු උච්චව බලවත්ව සිටි නම් කලා ක්ෂෙත්‍රය තුලද ඔවුන් කිසිදා නොමැකෙන සටහන් තබයි.
* ව්‍යාපාරික කටයුතු වලින් ඉහලට එනවා නම්, ජලය ආශ්‍රිත රැකියා, ආහාර පාන, මුහුදු ගමන් ආශ්‍රිත රැකියා, ආනයන අපනයන, කාන්තාවන්ට අවශ්‍ය දෑ නිපදවීම සහ අලෙවිය මේ ආදි ව්‍යාපාර කටයුතු මීන ලග්න අයට මනාව ගැලපේ.
** වියත් පණ්ඩිත අතිපූජ්‍ය මහා සංඝරත්නයේ යතිවරයන් වහන්සේලාද මීන ලග්නය සම්භව බොහෝවිට උපත ලබා ඇති බව පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලදි අපට හමුවී ඇත.


● මීන ලග්න කරුවාගේ ආදර-ප්‍රේමය සහ විවාහය ගැන සැලකීමේදී, ස්වභාවයෙන්ම අහිංසක සහ අනුකම්පාසහගත හදවතක් මින ලග්න හිමියන් බලාපොරොත්තු වන්නේද ගුණ යහපත්කමෙන් අගතැන්පත් ස්වාමියෙක් හෝ බිරිදක්ය. මීන ලග්න හිමියන්, තම ස්වාමියාට හෝ බිරිදට ඉතාම යහපත්ව සලකයි. තම සහකරුට, සහකාරියට ඉතාම ප්‍රිය වචනයෙන් කතා කරන අතර, ඔවුන් බලාපොරොත්තු වන්නේද එවැනිම සංකලනයක් ඇති අයයි.
* ආදරය සහ ප්‍රේමයෙදි බොහෝ සංවේදී චරිතයක් වන මොවුන්, ඉතාම මධ්‍යස්ථ මානසික තත්වයකින් හැසිරිය යුතුයි. මන්ද යම් ගැටළුවක් ප්‍රශ්නයක් ඇතිවුවොත් ඒවා විඳදරා ගැනිමේ මානසික ශක්තියද මොවුන් තුල ඇත්තේ ඉතාම අල්පවය.
- විවාහ ජිවිතය බොහෝවිට සාර්ථක විවාහ ජිවිතයක් ඇතිවන අතර, අඟහරු/කුජ, සෙනසුරු/ශනි කේතු, යන ග්‍රහයන් මේ ලග්න හිමි අයට බාධා නොකලේ නම් ඉතාම සාර්ථක සහ සුන්දර විවාහ ජිවිතයක් මේ අයට හිමි වෙයි.
* මීන ලග්න කරුවන්ට විවාහයට ඉතාම ශුභ ලග්නය කන්‍යා ලග්නයයි (මෙය පොදු කරුණක් පමණි)

● මීන ලග්නකරුවන් බොහෝවිට දීර්ඝායුෂ විඳින බව අපගේ පර්යේෂණාත්මක කටයුතු වලදි හෙලිවි ඇත.
8 වැන්නාධිපති සිකුරු සහ 7 වැන්නාධිපති බුධ පාප පීඩිත නොවි සිටින විට  ලග්නාධිපති ගුරු ග්‍රහයා කේන්දරස්ථානයක හෝ ලග්නයේ බලවත්ව ශුභ දෘෂ්ටි ලබයි නම් අවු 80 ඉක්මවා ආයුෂ වින්දනය කරන බව අපට පෙනී ඇත.

● සෞඛ්‍ය තත්වයේ, මොවුන්ට විශේෂයෙන්ම සෙම් ආශ්‍රිත රෝග, ඇඟ පත වේදනා, කකුල් වල වේදනා යනාදිය විශේෂයෙන්ම දක්නට ලැබෙන රෝග හෝ එවන් දෑ වෙයි.

_ දුර්වලතා _

* ඕනෑවට වඩා අනුකම්පාව සහ ස්නේහවන්ත ගතිය අවාසියක් වනු ඇත.
* විශේෂයෙන්ම අන් අයගේ දුක තමාගේ සැපතට හරවා ගැනීමට බලයි.
* අන් අය පමණට වඩා විශ්වාස කරයි. නැති ලෙඩදුක් ගැන බය වේ, දුක්වේ.


● ශුභ දින - සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයි.

● ශුභ වර්ණ - රතු, කහ සහ තැඹිලි වර්ණයි.

●  ශුභ අංක - 1,2,3,9


Youtube _ https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

#ඉරු #හඳහන #කේන්දර #පලාපල #ජිවිතය #ලංකාව #ලග්න #අනාවැකි

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

No comments:

Post a Comment