Wednesday, February 3, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් ! - 04



නිහැඬියාවකට පසු ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.

01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1266788290004914/?type=

02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1270557076294702/?type=

03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1275794702437606/?type=

04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය ධනවත් කෙනෙක්ද ? දේපල, ඉඩකඩම්, යාන-වාහන හිමි අයෙක්ද යන්න දැන් බලමු.

ඔබට ලැබෙන සහකරු/සහකාරිය ආර්ථික වශයෙන් ඉහල තත්වයක කෙනෙක්ද ?

  ස්ත්‍රි-පුරුෂ කේන්දරයක අෂ්ටම භාවය හෙවත් 8 වැන්න, තමාගේ සහකරුවා හෝ සහකාරියගේ ධනස්ථානයයි. එසේම 7 වැන්නෙන් 2වැන්නයි.
ඔහුගේ හෝ ඇයගේ අයස්ථානය වනුයේ තමාගේ 5 වන ස්ථානයයි.
අෂ්ටමාධිපතියා/8 අධිපතියා සහ පූර්ව පුණ්‍යස්ථානය වූ 5 වැන්නාධිපතියා බලයෙන් යහපත් දෘෂ්ටි ලැබ සිටීමෙන් තමාගේ සහකරුවා හෝ සහකාරිය ධනවත් වීමේ ප්‍රබල ඉඟියකි.

  සහකරුවාගේ හෝ සහකාරියගේ ධනය, නිශ්චල චංචල දේපල සහ එහි අයිතිය, කතාවේ ශුභ මාධූර්යය බව සහ විවාහයෙන් පසු ඇති කරන සීග්‍රගාමි දියුණුව මේ සියලු කරුණු කාරණා පරික්ෂා කල යුත්තේ,
ස්ත්‍රි-පුරුෂ කේන්දරයක 8 වන භාවයෙන් බව ඔබට වැටහෙනවා නේද... ?

  එසේම යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැන්නාධිපතියා අයස්ථාන/11 ගතවී සිටිම, එම අයස්ථානයට සුභ දෘෂ්ටි ලැබීම, 7 වැන්නාධිපතියා 10 වැන්නේ සිටිම, 10 වැන්න සහ 7 වැන්න පරිවර්ථන වී සිටිම විවාහ වන අවස්ථාව වන විට/විවාහ අපේක්ෂිත වයසෙදි බලවත් ගුරුගේ හෝ සිකුරුගේ මහ දසා ගතවීම, හදිසි ධනලාභ මෙන්ම පොහොසත් වන ග්‍රහ පිහිටිම්ය.

- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !

No comments:

Post a Comment