Tuesday, June 16, 2015

රවි මාරුව - ජුනි 15 සිට

සෞරග්‍රහ මණ්ඩලයේ පියා හෙවත් රවි ග්‍රහයා ජුනි 15 වන දින වෘෂභ රාශියෙන් ඉවත්ව මිථුන රාශිගත වෙයි.  ඒ සම්බන්ධව ලග්න වලට බලපාන ආකාරය ගැන විස්තරයක් මෙසේය.


● මේෂ
3 වැන්නට රවි පැමිණීම සියලුම මේෂ ලග්න අයට හොදයි.
ඉගෙනීමේ කටයුතු වර්ධනය වීමටත්, අලුත් දේවල් සම්බන්ධව ඉගෙන ගැනීමටත් සිත පහල වෙයි. රසායන විද්‍යාව ගැන කටයුතු කරන අයට හොදයි. වරදක් නැහැ.

● වෘෂභ
2 වැන්නට රවි පැමිණීම ඉතාම හොද ග්‍රහමාරුවකි.
තමාගේ එදිනෙදා කටයුතු දියුණු තියුණු වෙයි. පිටරටක මුදල් ආයෝජනය කිරිමට පුලුවන්. එසේම කේන්ති යෑම පාලනය කරගත යුතුයි. භූමි ලාභ සම්බන්ධව ශුභදායක තත්වයක් ඇති කරනු ලබයි.

● මිථුන
1 වැන්නට/ ලග්නයට පැමිණීම යහපත්ය.
ලග්නයට පැමිණෙන රවි ඔබගේ ආර්ථිකය කෙසේ වෙතත් අධ්‍යාපනික කටයුතු හොඳ මාවතකට ගනියි. එසේම වාසනාව දියුණුව ඇතිවෙයි. ඇස් රෝග වලින් පරිස්සම් වන්න.

● කටක
12 වැන්නට රවි පැමීණිම එතරම් යහපත් නැත.
විය පැහැදම් අධික වනු ඇත. නිස්කාරණ ගමන් බිමන් වලින් ආර්ථික කටයුතු අඩාල වීමට ඉඩ ඇත. එසේම ඔබගේ දියුණුව සම්බන්ධයෙන් කැපවී වැඩ කරන්න. නීතිමය ගැටළු මතුවීමේ අවධානමක්ද ඇත.

● සිංහ
රවි 11ට පැමිණීම ඉතා හොදයි.
කෝටියක් දෝෂ භංග වෙයි. ආදායම් තත්ව වල දියුණුව ඇතිවේ. විශේෂයෙන්ම ඔබගේ උසස් පෙලේ මිත්‍රයන් නිසා ඔබගේ දියුණුවට යම් උදව් උපකාර ලැබෙයි. වාසනාවන්ත සතියකි. ග්‍රහමය පැත්තෙන් හොද රැකවරණයක් ලැබෙයි.

● කන්‍යා
10 වැන්නට රවි පැමිණීම සුභයි.
රැකියාව දියුණු වෙයි. ඔබට උසස් වීම් ලැබේ. වෙලද ව්‍යාපාරික කටයුතු වලදි බුද්ධියෙන් කටයුතු කලහොත් යහපත් ලෙස තවත් දියුණු වීමට පුලුවන්. විදේශ ගතවීමේ හැකියාවක්ද පවති.

● තුලා
9 වැන්නට රවි පැමිණීම සුබයි.
ඔබට විදෙස් ගමන් ඇතිවෙයි. පිටපලාත් වල කරන ගනුදෙනු හේතුවෙන් දියුණුව ඇතිවෙයි. ඔබගේ යහළු මිත්‍රයන් නිසා ඔබට වාසනාවන්ත කාලයක් ඇතිවෙයි. ඉගෙන ගන්නා දුවාදරුවන්ට බොහෝම හොදයි. ඔබට කෙසේ වෙතත් ජයග්‍රහණ හිමි වෙයි.

● වෘශ්චික
8 වැන්නට රවි පැමිණීම එතරම් යහපත් නැත.
රවිගේ මාරුව එතරම් හොද නැහැ. උෂ්ණාධික රෝගාබාධ වලට හේතුයි. සමහරවිට යම් යම් අනතුරු කරදර වලට මුහුණ පෑමට පුලුවන්. වෘශ්චික ලග්න කුඩා දරුවන් එවන් අනතුරු වලින් පරිස්සම් කරගැනීම හොදයි (ගින්නෙන්, විදුලියෙන්), උෂ්ණාධික රෝගාබාධ, බඩේ අමාරු, අක්ෂි රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● ධනු
7 වැන්නට රවි පැමිණීම සමඵලයි.
මෙම ග්‍රහ මාරුව සමග ඥාන ශක්තිය දියුණු වෙයි. නමුත් විවාහ ජිවිත ගත කරන අයට එය එතරම් හොද නැහැ. අඹුසැමියන් අතර යම් යම් මතභේදාත්මක දේවල් මතුවිමට පුලුවන්. එසේම හවුල්කාරයන් අතර යම් යම් ප්‍රශ්න ඇතිවීමට පුලුවන්. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

● මකර
6 වැන්නට රවි පැමිණීම සතුරන් පරාජය කරයි.
සතුරු කරදර රවි 6ට පැමිණිමෙන් ධූරිභූත වෙයි. එසේම බාධක කරදර අවම වෙයි. සතුරන් පරාජය වෙයි. ආර්ථික තත්වයේ මෙතෙක් තිබුනු බාධක වෙයි. ඔබට විරුද්ධව කටයුතු කල සියලුම දෙනාගේ උත්සහයන් ව්‍යර්ථ වෙයි.

●  කුම්භ
5 වැන්නට රවි පැමිණිම හොදයි.
රවි මාරුවෙන් ඥාන ශක්තිය දියුණු වෙයි. ඉගෙන ගන්නා දරුවන්ට හොදයි. ගරු සම්මාන ලැබෙයි. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. බොහෝසෙයින්ම වාසනාවන්ත තත්ව ඇතිවෙයි. ගැටළු සහගත තත්වයන් එන්නේ නැහැ.

●  මීන
4 වැන්නට රවි පැමිණීම හොදයි.
හොදයි. ඥාන ශක්තිය දියුණු වෙයි. කරන කියන කටයුතු වලට අවහිරදා මතුවන්නේ නැහැ. ඉගෙන ගන්නා දරුවන්ට හොදයි. ඔවුන්ටද තරග විභාග ආදිය ජයග්‍රහණයට මෙන්ම අලුත් දේවල් ඉගෙන ගැනීමටද මෙමගින් හැකිවෙයි. එසේම විදේශ ශිෂ්‍යත්ව පවා ලැබිමට හැකියාව වැඩියි. හොද කාලයකි.

No comments:

Post a Comment