Tuesday, June 2, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 2 සිට

●  මේෂ
සමඵලයි.
සතිය ආරම්භයෙදි ආර්ථික පැත්ත ගොඩක් වැටෙනවා. කරන කියන කටයුතු වලට බාධාව සහ ගැටළුව උපරිම ආකාරයට එනවා. ඒවගේම තමයි විශේෂයෙන්ම ඔයාගේ හවුල් ව්‍යාපාර වලට ප්‍රබල බාධක එනවා. මේ තත්වය හරියන්නේ සතිය මැදදී තමයි. සතිය අගදී ඉතාම හොද තත්වයකට පත් කරගන්න පුලුවනි මේ තත්වය. ප්‍රවේසමින් වැඩ කරන්න ඕන.
ගෘහ ජිවිතය හොදින් ගත කරන්න පුලුවන් වෙන්නෙ සතිය මැදින් පසුවයි. සතිය මුලදී දෙදෙනා අතර ආරවුල් ඇතිවෙන්න පුලුවන්. කල්පනාකාරිව කටයුතු කරන්න. සතිය අගදී පිටපලාතක සංචාරයක් තියෙනවා.
සෞඛ්‍ය තත්වය සතිය මුලදි පිරිහෙන්න පුලුවන්. සෙම් රෝග, ජලාශ්‍රිත රෝග ඒවගේම නිදන්ගත රෝග ඇති අයට ඒ සංකූලතා වැඩිවෙන්න පුලුවනි.

●  වෘෂභ
එතරම් සුබ නැහැ.
සතිය මුල පටන් ගන්නේ කරදර රාශියක් එක්කයි. එනිසා ප්‍රවේසම් වෙන්න ඕන. ඒවගේම තමයි හවුල් ව්‍යාපාර කරන අය ගොඩාක් කරදර වලට මුහුණ පාන්න පුලුවන්. ඒවගේම කරන කියන කටයුතු ආරවුල් ඇතිවෙන්න පුලුවන්.
ගෘහ ජිවිතයෙදි පරිස්සම් වෙන්න ඕනෙ. අඹුසැමි ගැටුම් ඇතිවෙන්න පුලුවන්. සතිය අගදී මේ තත්ව නැති වී යනවා.
සෞඛ්‍ය තත්වය, මානසික කායික සෞඛ්‍ය පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන බලාගන්න.

●  මිථුන
සමඵලයි.
සතිය පටන් ගන්නේ සතුරු කරදර රාශියක් එක්කයි. විශේෂයෙන්ම සතුරු කරදර තියෙන අය ප්‍රවේසම් වෙන්න ඕනෙ. නැත්නම් තමන් නැති කරදර වලට මුහුණ පාන්ට පුුලුවන්. ඒවගේම විශේෂිත වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්නත් පුලුවන්. ඒ ගැන කල්පනා කරන්ට.
ගෘහ ජිවිතය ශුභාශුභ මධ්‍ය තත්වයේ යන්නෙ, සතිය මුල අග නරක නිසා අඹුසැමියන් අතර, දුවාදරුවන් අතරත් ගැටුම් ඇතිවෙන්ට පුලුවන්. ඒ ගැන විශේෂ අවධානයෙන් සිටින්න.
සෞඛ්‍ය ගැටළු බඩේ අමාරු ඇතිවෙන්න පුලුවන්.

●  කටක
සමඵලයි.
ලග්නාධිපති නීචව පටන් ගන්න මේ සතිය තුල ආර්ථික දියුණු කරගන්න එක හරි අමාරුයි. ඒකත් එක්කම නැති සතුරු කරදරයක් මතු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම වෙලහෙලදාමේ නියුතු අයටත්, විදෙස් රැකියා වල නියුතු අයටත් ප්‍රශ්න උපද්‍රව මතුවෙන්ට පුලුවන්. ඒ ගැන කල්පනා කරන්න.
ගෘහ ජිවිතය ටිකක් අවුල් වියවුල් ඇතිවෙන්න පුලුවන්. කරදර බාධක මැදින් තමයි යන්නෙ. දරුවන්ට පවුලේ අයට ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. තමන්ටත් එහෙමයි. ඒ ගැන කල්පනා කල යුතුයි.
සෞඛ්‍ය තත්වය, බඩේ අමාරු සහ සෙම් කෝප වීම නිසා හටගන්නා රෝග තත්වත්, උණත් ප්‍රශ්න විය හැකියි.

●  සිංහ
සමඵලයි.
සතිය පටන් ගන්නේ ඒරාෂ්ඨක අපලයක් සිව් වැන්නෙ යෙදීමෙනි. එනිසා ආදායම් තත්ව වලට ගෙදරින්ම පොලු වැටෙනවා. ඒවගේම පවුලේ සාමාජිකයන් අතර රණ්ඩු දබර ඇතිවෙන්න පුලුවන්. සතියේ මුල් දවස් 2-3 තුල මේ තත්වය බලපානවා. ඉන්පසු මේවා නැති වෙනව.
ගෘහ ජිවිතය සාමාන්‍යයෙන් ගැටළුකාරියි. ප්‍රවේසම් වන්න. හැම කරදරයකින්ම පරිස්සම් වෙන්න ඕන.
සෞඛ්‍ය තත්වය සතිය අගදී උදරාබාධායක්, ස්නායු රෝග, හන්දිපත් කැක්කුම් ඇතිවෙන්න පුලුවන්.

●  කන්‍යා
සුභයි.
තමාගේ අප්‍රතිහත කැපවීම සහ උත්සහය නිසා මෙම සතිය තමාගේ වැඩ කටයුතු වලට හොදයි. ඒවගේම සතිය මැද සහ අග වෙනකොට ගොඩක් තමන්ගේ උත්සහයට ප්‍රතිඵල ලැබෙනවා. මුදල් ලැබෙනවා. අලුත් හවුල්කාරයෝ එනවා. කරන කියන කටයුතු දියුණු වෙනවා.
ගෙදර දොරේ ජිවිතය සතියේ මුල් දවස් 2 ප්‍රශ්න තිබුනත් ඒවා සතිය මැදදී පහවෙලා යනවා. ඒවගේම තමන්ට ප්‍රීතිය ගෙන දෙන දරුවන්ගෙ ජයග්‍රහණ සහ ගෙදර දොරේ යම්කිසි සිද්ධි නිසා ප්‍රමෝදයට පත් වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, පපුවේ සෙම ඇති අය පරිස්සම් වන්න.

●   තුලා
ශුභයි.
දැඩි කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කලොත්, මෙම සතිය වාසනාවන්ත වේවි. පිටපලාත් වල රැකියා කරන අයට, විදෙස් රැකියා කරන අයට ඉතාම හොදයි.
ගෙදර දොරේ ජිවිතය ඉතාම යහපත්ව ගත වෙනවා. තමන් ගැන සමාජයේ හොද කතා වෙනවා. සතියේ අගදී ඥාති හිතවතෙකු නිවසට පැමිණීමක් හෝ ඔබ එහි යාමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය නරක නැහැ. උගුරේ සෙම ආදියෙන් පරිස්සම් වන්න.

●  වෘශ්චික
සමඵලයි.
ලග්න ඒරාෂ්ඨකයක් සමග ඇරඹුනත්, තමාගේ උත්සහයෙන් මේ හැමදේම වලක්වන්න පුලුවන්. කරදර බාධක දුරු වෙනවා. ඒවගේම ආරක්ෂාව සෙත සැලසෙනවා. කරදරයක් නැහැ.
ගෘහ ජිවිතය බොහොමත් ප්‍රීතියෙන් යුක්තව ගත වෙනවා. තමාගේ කටයුතු වලට නෑදෑයන්ගෙන් අතහිත ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය, නරක නැහැ. හිසේ කැක්කුම සහ මානසික ආතතියෙන් පරිස්සම් වන්න.

●   ධනු
සමඵලයි.
සතිය මුලදී ධන හානි, ණය තුරුස් වීම් ඒවා වලට පැටලී කරදරයේ වැටීම් ආදිය සිද්ධ වෙන්න පුලුවන්. සතිය මැදදී මෙම තත්වය පහ වෙනවා. කරන කියන කටයුතු වලට බාධක නැහැ. මුදල් ලාභ ඇතිවෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරන්න පුලුවන් වෙන්නෙ, සතිය මැදදී. පිට පලාත් වලට යෑම, දුවාදරුවන් සමග සතුටින් සිටිමට අවස්ථාව ලැබෙනවා.
සෞඛ්‍ය තත්වයේ සෙම් කෝප වීම සහ ඇඟපත අමාරු මේ අතර ප්‍රධානයි.

●   මකර
සමඵල සතියකි.
මේ සතියේදි දැවැන්ත ආකාරයෙන් ආර්ථික පාඩු වීමට පුලුවන්. තමන් ඇසුරු කරන අය නිසා තමන්ට පාඩු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඥාතින්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් ගෙදරට ආවොත් ආර්ථික හානියක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. වෙළද ව්‍යාපාර පාඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ගෘහ ජිවිතය ස්වාමි භාර්යා අතර ගැටළුකාරි තත්ව මතු වෙන්න පුලුවන්. අඹුසැමි සමගියට බාධක ඇතිවෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය අයහපත් විය හැකියි. විශේෂයෙන්ම රෝග පීඩා ඇති අය ප්‍රවේසම් විය යුතුයි. නිදන්ගත රෝග ඇති අයත් එහෙමයි.

●   කුම්භ
මේ සතිය හොදයි.
ඔබට විශේෂයෙන්ම සතියේ මුල් දවස් 2-3 පාඩු සිද්ධ වෙන්න පුලුවනි. සමහරවිට උපතේදි සෙනසුරු බලවත් නම් මහා පරිමාණයෙන් ලාභ ප්‍රයෝජනත් ලැබෙන්න ඉඩ තියෙනවා. එසේම සතිය මැදදී හිතවතෙක්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. කෙසේ වෙතත් භාග්‍යවන්තව සිටිමට වාසනාව ලැබෙනවා. ගෙදරට අමුත්තෙක් එන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ලොකු ගැටළුවක් නැහැ. හන්දිපත් වේදනාව ගැන කල්පනාකාරි වන්න.

●  මීන
සමඵලයි.
සතිය මුල යම් බාධක තිබුනත් සතිය මැදදී යහපත් දේ බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔබට රැකියාව වෙනුවෙන් කැපවීම් කරන්ට වෙනවා. පිට පලාත් වල යෑමට ඉඩ තියෙනවා. විදෙස් රැකියා කරන අයට හොදයි. පඩි වැඩිවීම් බලාපොරොත්තු විය හැකිය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. ලොකු වරදකුත් නැහැ. නරකකුත් නැහැ. සතිය අගදී සංචාරයක් යන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ, ප්‍රබල ගැටළු නැහැ. සෙම් අමාරු සහ මානසික පීඩාවන් පාලනය කරගන්න.












No comments:

Post a Comment