Wednesday, June 17, 2015

ග්‍රහලොව සෙන්පති කුජ හෙවත් අඟහරු, ඊයේ(16) වෘෂභ රාශියේ සිට මිථුන රාශියට සංක්‍රමණය විය.

මිථුන රාශියේ ඊයේ සිට ග්‍රහලොව පියාවන රවි ග්‍රහයාද සිටියි. ඒ අනුව රවි - කුජ යෝගය ඇතිවේ.

මෙම මාරුව පොදුවේ සුභ පල ලෙස අපේක්ෂිත වන්නේ,  3වැන්නට කුජ පැමිණෙන මේෂ ලග්නයට, 6 වැන්නට පැමිණෙන මකර ලග්නයට, 10 වැන්නට පැමිණෙන කන්‍යා ලග්නයට සහ 11 වැන්නට පැමිණෙන සිංහ ලග්න හිමියන්ටයි.

* මේ කාලයේ ඇස් රෝග සහ උණ රෝග ආදිය පැතිර යාමේ අවදානමක් පවති. එනිසා සැමදෙනා විසින් සිය සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වීම මැනවි.
* හදිසි අනතුරු, රිය අනතුරු ආදියද වීමේ අවදානමක් පවති.

* මැතිවරණ උණුසුම දැඩි වන මේ කාලයේ අලුත් දේශපාලන පක්ෂ ඇතිවන්නටද හැකියාව පවති.
වෙනදාට වඩා සන්නිවේදන කටයුතු වැඩිවනු ඇත.
*දේශපාලනේ ගැටළු, වියවුල් ආදිය ඇතිවිමට හේතුයි.

* පවතින රජයේ ඇතැම් කටයුතු යහපත් සිතින් කලත් විවේචනයට ලක්වීමට ඉඩ ඇත. එසේ වුවද කුජ මාරුව පවතින රජයට වාසිදායක බව කල්පනා කිරීමේදි අපට සිතේ.
* රජය විසුරුවන තෙක් පාර්ලිමේන්තුවේ දැන් පරිදිම උණුසුම් තත්ව ඇතිවනු ඇත. විපක්ෂයේ බලය යම්තාක් දුරකට ගිලිහෙන්නට ඉඩ වැඩිය.

*සිදුවුනු රවි මාරුව සහ ඉදිරියේදි සිදුවන ගුරු මාරුව සමග සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරිමේදි ක්‍රමිකව රටට වෙනදාට වඩා යහපත් කාලයක් උදාවනු ඇති බව අපගේ හැඟීමයි.

ඒනිසා යහපත්ව තම කටයුතු කිරීම මැනවි !










No comments:

Post a Comment