Monday, June 29, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 29 සිට

● මේෂ
සමඵල සතියකි.
ආර්ථික තත්වය සතියේ මුල් දින කීපය තුල දැවැන්ත ආකාරයට බිද වැටෙන්න ඉඩ ඇත. කරන කියන කටයුතු වලට දැවැන්ත බාධාවක් එල්ල වේ. ණය ගනුදෙනු සහ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරිම සතියේ මුල් දිනවල බැහැර කල යුතු කාරණාවක්ය. සතිය මැද සහ අගදි ආර්ථිකය යහපත් වේ. ලාබ ලැබේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමි භේද මතුවන්නේ සතියේ මුල් දින 2දීය. ඉන්පසු ක්‍රමානුකූලව තත්වය පහව ගොස් සමගිය සමාදානය රජයයි. දරුවන් සමග විනෝද විය හැක. පිටපලාත් වල යෑමට හැක. වන්දනා ගමන් යෑමට හැක.
සෞඛ්‍ය තත්වයේ සෙම් සහ උදරාබාධ ගැන විසේස අවධානයෙන් සිටින්න.

● වෘෂභ
සමඵලයි.
ඒරාෂ්ඨක අපලයක් සමග උදාවන මෙම සතියෙදි බොහෝවිට හවුල් ව්‍යාපාර බිඳ වැටෙන්නට හැක. ගනුදෙනු කරුවන් සමග ආරවුල් නිසා පාඩු ඇතිවිය හැක. එසේම වෙළද ව්‍යාපාරික කටයුතු වලට දැවැන්ත වූ අලාභ හානි සිදුවේ. ඔබට මේ තත්වය සතියේ මැද දක්වාම පවති. ඉන්පසු යහපත්.
ගෘහ ජිවිතය ආරවුල් සහිත කාලයක් වීමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න. විසේසයෙන්ම අඹුසැමි ප්‍රේමයට ප්‍රබල බාධක පවති. අනවශ්‍ය කරදර වලින් ඔබ හෙම්බත් වීමට පුලුවන්.
එසේම ඔබ අසල්වැසියන් සහ හිතමිතුරන් ආශ්‍රයෙදි පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය නම් යහපත් වන්නේ නැත. අවධානයෙන් කටයුතු කරන්න. මන්ද සෙම් අමාරු උදරාබාධ ඇතිවිය හැක.

● මිථුන
ඉතාම ව්‍යාකූල සතියකි.
සතිය ආරම්භයෙදිම නොයෙකුත් සතුරු කරදර ඇති බැවින් ආදායම් මාර්ග වලට මරු පහරක් වැදීමට පුලුවන. එසේම බලාපොරොත්තු නොවුනු වියදම් ඔබ පීඩාවට පත් කල හැක. ඔබ යටතේ සිටින කෙනෙක්ගෙන් හෝ ඔබගේ විරුද්ධවාදියෙකුගෙන් ඔබට යම් ධන හානි වීමට ඉඩ ඇත. ප්‍රවේසම් වන්න.
ගෘහ ජිවිතය තුල යම් විචල්‍යකාරි වටපිටාවක් නිර්මාණය වේ. එසේම අඹුසැමි ප්‍රේමයට සහ ගෘහ ජිවිතයේ සතුටට යම් යම් බාධා කරදර ඇතිවිය හැක.
බෝවන උණ රෝග සහ වසංගත ආදියෙන් පරිස්සම් වන්න - සෞඛ්‍ය ගැටළු

● කටක
ඉතා අශුභය.
ලග්නාධිපති සඳු නීචව යෙදෙන නිසා මේ සතිය ඉතා අයහපත් විය හැක. ආර්ථිකයට ඒතරම් වාසිදායක නොවේ. වාසනාවට ලැබෙන්නට තියෙන මුදල් නොලැබී යයි. ගනුදෙනු කිරිම ඉතාම පරිස්සමට කල යුතුය. ඔබව උපායමාර්ගිකව ප්‍රයෝග වලට හසුවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල දුවාදරුවන්ට යම් කරදර ඇතිවිය හැක. එසේම තමන්ට යම් නෑදැ හිතමිතුරන්ගෙන් විරුද්ධවාදිකම් ඇතිවිමට ඉඩ ඇත. පාරදෘෂ්‍ය භාවයකින් ආශ්‍රය කිරිම හොදයි.
සතිය පුරා කොන්දේ අමාරු, ඇඟපත වේදනා ආදිය පැවතිමට හැක.

● සිංහ
තරමක සුභ තත්වයක් පවති.
ආර්ථික තත්වයට ප්‍රබල ගැටළු මතු නොවේ. මන්ද 4 වැන්නේ 5 වැන්නේ සතියේ බාගයකට වඩා ගත වෙන බැවිනි. ආදායම් තත්වය දියුණු කරගැනිමට අවස්ථාව මෙන්ම හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙන සතියකි. එසේම උසස් අයගෙන් උදව් උපකාරද හිමි වේ.
ගෘහ ජිවිතය යම් ගැටළු සහිතව පැවතියද ඒවා නිරාකරණය කරගැනිමට වාසනාව පවති. සතිය මැදදී දරුවන් සමග ප්‍රීති වීමට, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමට හැක. අවිවාහක අයට මංගල යෝග සතිය මැදදී ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත, නිදන් ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.

●කන්‍යා
එතරම් නරක නැහැ.
ඔබගේ මහන්සියේ හැටියට ප්‍රතිඵල ලබාගැනිමට පුලුවන්. නව වෙලද ව්‍යාපාර සහ ඔබගේ කැපවීම මත කරන සියලුම කටයුතු සාර්ථක වෙනවා. භූමි ලාභ සහ පිටපලාත් වල ආයෝජන ව්‍යාපාර කරන අයට දියුණු විය හැක. විදෙස් රැකියා කරන අයටත් හොදයි.
ගෘහ ජිවිතයේ ප්‍රබල බාධක නැහැ. නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය ගැනීමට අවස්ථාව ලැබෙනවා මෙන්ම, කලකට පසු ප්‍රීතිමත්ව සිටිමට සදුගේ ග්‍රහචාරය හේතු වෙනව.
සෞඛ්‍ය ගැටළු ලෙස, පපුවේ සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.

● තුලා
මේ සතිය නරක නැහැ.
ඔබ සතියේ මුල් දවස් 2-3දි මිල මුදල් පරිපාලනයෙදි යම් ආරක්ෂාකාරි පිලිවෙතක් අනුගමනය කිරිම යහපත් වෙනවා. එසේම ඔබට ඉන්පසු ඉතාම හොද බව කිව යුතුයි. නව ආයෝජන අවස්ථා ලැබේ. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයට ධනලාභ, භූමි ලාභ ලැබේ. උරුමහරුමකම් ලැබේ.
ගෘහ ජිවිතයේ ප්‍රබල ගැටළුවක් නැති වුවද, සතිය මුලදී ආර්ථික ගැටළු නිසා යම් ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. නමුත් සතිය මැද සහ අග ඉතාම ප්‍රිතියෙන් ගත වෙනවා. ඔබට බොහෝ ප්‍රීතිමත්ව සිටිමට අවස්ථාව ලැබෙන බව නම් සිකුරුයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. සෙම් සහ උගුරේ අමාරු නිසා ඔබ පීඩාවට පත් විය හැක.

● වෘශ්චික
මේ සතිය සමඵලයි.
ලග්න ඒරාෂ්ඨකයක් පවතින මේ අවස්ථාවෙදි මුල් කොටසේ දවස් 2 ආදායම යම් ප්‍රමාණයකට අඩුවිය හැක. එමගින් ඔබට වෙන හානිය නම් අප දකින විදියට ආකූල ව්‍යාකූල තත්වයට පත්විමයි. එනිසා ඔබ පරිස්සම් විය යුතුය. තවද ඔබට යම් ප්‍රමාණයකට චිත්ත පීඩා නිසා ආර්ථිකයට යම් හානියක් වන්නට පුලුවන්. නමුත් සතිය මැද සහ අගදී මෙම ත්තවය බොහෝදුරට පාලනය වේ.
ගෘහ ජිවිතය පෙර කීවාක් මෙන්ම කනස්සලු ස්වභායක් දක්නට ලැබෙන්නේ සතියේ මුල් දවස් 2දීය. මෙම තත්වය පහව යයි.
සෞඛ්‍ය තත්වය හිසේ අමාරු සහ හිස සම්බන්ධ රෝග වලින් පරිස්සම් වන්න.

● ධනු
තරමක ව්‍යාකූල සතියකි.
ආර්ථික තත්වය කෙසේ වෙතත් ඔබ උපයා සපයාගත් ධනය අනවශ්‍ය ආකාරයට වැයවීමට පුලුවන්. ඒ ගැන අවධානමත් වන්න. එසේම ධන හානි සහ අනවශ්‍ය දෙයට මුදල් හානි වීම මේ අතර ප්‍රධානයි.
ගෘහ ජිවිතයෙදි ඔබ අඹුසැමි සම්බන්ධතා ගැන පරිස්සම් විය යුතුයි. එමෙන්ම දෙදෙනාගේ සමගියට බාධා වන්නේ අන් අයගේ කේලම් ඇසීම නිසාය, ඒ ගැන ප්‍රවේසම් විය යුතුය. මේ තත්වයන් සතිය අගදී පහව යයි. නිවසට අමුත්තන් නෑදෑයන් පැමිණීමට පටන් ගනී.
සෞඛ්‍ය තත්වය පාද වල ආබාධ, හිසේ කැක්කුම්, සෙම් අමාරු, ආදිය ඇතිවිය හැක. නිදන්ගත රෝග ඇති අය ඉතාම පරිස්සම් විය යුතුය.

● මකර
එතරම් හොද සතියක් නොවේ.
විශේෂයෙන්ම ආර්ථික වශයෙන් විශාල වශයෙන් අලාභ හානි පාඩු සිදුවිය හැකි සතියකි. ඔබ අැසුරු කරන අය නිසා ඔබට ධන හානි සිදුවේ. හවුල්කාරයන්ගේ කටයුතු නිසා ලැබිය යුතු මුදල් නොලැබී යාමට හැක. ඔබ රැවටිම් සහ විවිධ උපක්‍රම වලට හසුවි සවුත්තු වීමට ඉඩ ඇත. ඔබ වාහන ඇති කෙනෙක් නම් වාහන වලට දඩ වැදීමට ඉඩ ඇත. නීතිමය ගැටළු ආදිය ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත නොවේ. ප්‍රබල ග්‍රහ දසාවක් නැත්නම්, මේ සතිය ඇතුලතදී අඹුසැමි ගැටළු, ආරවුල් දික්කසාදය දක්වා පවා දුර යෑමට පුලුවන. මකර ලග්නයේ ඔබ වෙන කිසිවක් එපා දහම අනුව කටයුතු කරමින් දහමට නැඹුරු වී සිටින්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ වාත රෝග ආදියෙන් ප්‍රවේසම් වෙන්න.

● කුම්භ
මේ සතිය සමඵලයි.
ආර්ථික වශයෙන් ඔබ යම් දුෂ්කරතාවයන් වලට පත්වෙන බව පේනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික ඔබට පොලු වැටිමට ඇති ඉඩකඩ වැඩියි. ඔබද ණය තුරුස් වලට අහුවීමට පුලුවන්. බුද්ධිමත්ව කටයුතු කර මේ තත්වයන් පිටුදකින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. සතිය මැදදී ඥාති මිතුරෙකුගේ ගමනක් නිවසට අපේක්ෂා කල හැකි අතර, සතිය මැද සිට ඔබට ප්‍රීතියෙන් සිටිමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වේ.
පාද වල ආබාධ, සෙම් රෝග, ඇඟපත වේදනාව යනාදිය සෞඛ්‍ය තත්වයෙන් අවදානමත්ව සිටිය යුතු ඒවාය.

● මීන
අශුභම නැති සුභ සතියකි.
ඒරාෂ්ඨක අපලය යෙදෙන්නේ 9 වැන්නේ බැවින් එතරම් මහා පරිමාණ අපලයක් ඇති නොකර අතර ආර්ථික අංශයෙන් ඔබව ශක්තිමත්ව තැබීමට රුකුලක් සපයයි. මේ සතියෙදි ආදායම් මාර්ග පුළුල් වන අතර ලැබීම හොදයි. එසේම අලුත් ආදායම් මාර්ග විවර කරගැනිමට ඔබට අවස්ථාව හිමි වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කල හැක. පිනට දහමට යොමුවේ. මේ සතිය තුල දුර බැහැර ගමන් අවස්ථා යෙදෙනු ඇත. එසේම ඥාති හිත මිතුරන්ගේ පැමිණීම, මුණ ගැසීම අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වීම හොදයි.








No comments:

Post a Comment