Wednesday, June 24, 2015

සෙනසුරු මහ දසාවේ හැටි - 1

සෙනසුරු මහ දසාව ආරම්භ වන්නේ, ගුරු මහ දසාව අවසන් වූවායින් පසුවයි. එසේ නම්, එම මහ දසාව සුභදායකව සිටි ජිවන තත්වයකින් මිදී කටුක තත්වයට පැමිණීම ගැන නිරන්තරයෙන්ම ඔබට සිහියට නැගෙනු ඇත.
සෙනසුරු මහ දසාව වසර 19ක් තිස්සේ පවති. මෙම මහ දසාව පුද්ගලයාගේ පූර්ව ආත්ම වල අකුසල් පඩිසන් දීමේ යම් කාලයක් ලෙස ජ්‍යොතිෂ්‍යෙදිය හඳුන්වයි.
නමුත් සෙනසුරු මහ දසාව පුද්ගලයෙකුගේ ධෛර්යය, පෙරට යාමේ ගතිය, නොසැලෙන ගතිය ගැන යම්කිසි ප්‍රක්ෂේපණයක් ගැනීමට පුලුවන් කරයි.

සෙනසුරු දුකට සහ එම අවබෝධයට අධිපති ග්‍රහයාය. පුද්ගලයාගේ කටුක ජිවන රටාව, දුක, කඳුල, අධිෂ්ඨානශීලි බව, ඔරොත්තු දීම යන ගුණාංග පෙන්වන්නෙ සෙනසුරුය.
සෙනසුරුට අයත් දිශාව දකුණු දිශාවයි. ශනිට අයත් පාට තද නිල් පාටයි. සෙනසුරුගේ වාහනය කපුටා වෙයි.

මහ දසා කාලය තුලදී බෝධි පූජා පැවැත්වීම, විෂ්ණු දෙවියන්ට භාරහාර වීම, යාචකයන්ට සංග්‍රහ කිරිම, එසේම ශනි දින නිරාහාරව සිට/උපවාසයෙන් යාචකයන්ට දානය දීම අපල දුරුවීමට ප්‍රධාන හෙතුවකි.
නීල මණ්ඩල යන්ත්‍රය මහ දසාවටත්, සෙනසුරු ඒරාෂ්ඨක සමග යෙදුනු කල ශනි මාතුංජයක් කරගැනිමට හේතුයි. එයින් අසුබ පල අඩුවි සුඵ පල වැඩිවේ. එසේම මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමත් ඉතාම හොදයි.
විිශේෂ තත්වයක් නම් බොහෝදෙනා උනන්දු වන මාතෘකාවක් වන දේශපාලන කටයුතු වලදි සෙනසුරුගෙන් ලැබෙන බලය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මන්ද මහජනතාව නියෝජනය කරන්නේද සෙනසුරු ග්‍රහයාය.
යම්කිසි කේන්දරයක සෙනසුරු උච්ච ස්වක්ෂෙත්‍රව යහපත්ව තැන්පත් වුවොත් ඔහුට මහජන බලය ලැබෙන්නෙ නිරායාසයෙනි.
රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාද එවන් කෙනෙකි. ඔබත් පරික්ෂා කරගෙන බලන්න.

මෙම දසාව තුලදී බොහෝ දේවල් අසාර්ථක වීම මෙන්ම සමහරවිට ගුරු මහ දසාවට වඩා හොඳින් දියුණු වීමටද අවස්ථාව ඇති.
සෙනසුරු ග්‍රහයා කල් අල්ලන රෝග සාදයි. සුව වන්නේ ඉතාම හෙමිනි. සෙනසුරු මහ දසාවේ මුල් කාලයේ ප්‍රවේසම් වුවහොත් ඔහුට දියුණු විමේ හැකියාව ඇත.











No comments:

Post a Comment