Thursday, June 18, 2015

කුජ මාරුව ලග්න වලට බලපාන අයුරු

_ කුජ මාරුව ලග්න 12ට බලපාන ආකාරය _
ග්‍රහලොව සෙන්පති අඟහරු ඊයේ සිට මිථුන රාශි ගතවු අතර, එය පුරා මාස 1 හමාරකට ආසන්න කාලයක් පවති.

● මේෂ
3 වැන්නට කුජ පැමිණීම සමඵලයි.
ආර්ථිකය දියුණු වේ. ව්‍යාපාර කරන අයට වෙනදාට වඩා ලාභ ලැබේ. වෙනත් අයගේ උදව් ලැබේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි. හවුල් ව්‍යාපාර වලට සුබයි. නව මිතුරන් ඇතිවේ. රැකියාවේ දියුණුව, උසස්වීම් අපේක්ෂිතය.
ගෘහ ජිවිතයේ කටයුතු වලදී ඔබ දෙපලගේ සංහිඳියාව වැදගත් වේ. විනෝද උත්සව ආදිය ඇතිවන්නට හේතුයි. විදෙස් ගතවන්නටද සුබයි. තරමක කාර්යබහුලතාවයක් ඇතිවන්නට පුලුවන.
සෙම් ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.

● වෘෂභ
2 වැන්නට කුජ පැමිණිම එතරම්ම යහපත් නැත.
අවශ්‍යව තිබු මුදල් ලැබීමට ඉඩ ඇත. එසේ වුවද අනවශ්‍ය වියදම් සහ ගමන් බිමන් ආදිය යෙදෙන්නට ඉඩ වැඩි නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. ආර්ථිකය යහපත්ය.
නව මිතුරන් ලැබෙන කාලයකි. සහෝදර සහෝදරියන්ට සුබයි. ගමන් බිමන් අධික වේ. විදෙස් ගමන් වලට සුබයි.
හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න, නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.

● මිථුන
1 වැන්නට කුජ පැමිණිම මිශ්‍රපලයි.
රැකියාවේ දියුණුව අපේක්ෂා කල හැක. ආර්ථිකය යහපත් වේ. එසේ වුවද තම හොඳ නම රැකගැනීමට කටයුතු කරන්නට සිදුවිය හැක. හවුල් ව්‍යාපාර ආදියෙදි බාධා, ගැටළු ඇතිවිය හැක. නව ව්‍යාපාර සහ දේපල ඉඩකඩම් ආදිය ගැනීමේදි මනාව සිතා බලා ඒවා කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. ප්‍රේම සබදතා ස්ථිර වෙයි. දරුවන් වෙනුවෙන් සතුටු වීමට කැපවීමට ලැබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු එතරම් නැත. නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.

● කටක
12 වැන්නට කුජ පැමිණීම අයහපත්ය.
ණය දීම, ගැනීම, යාන-වාහන මිලට ගැනීම, දේපල මිලදී ගැනීම් ආදි කටයුතු වල මේ කාලයේ නිරත නොවීම වඩා යහපත්ය. නිතර වන්නෙ නම් කේන්දර සටහන මනාව පරික්ෂා කර බලා කල යුතුය.
රැකියාවේ දියුණුව අපේක්ෂා කල හැක. යම් තරමකට බාධා දුරුවේ. එසේ වුවද සෞඛ්‍ය තත්වය ගැන අවදානයෙන් සිටින්න.
ගෘහ ජිවිතය යහපත්ව ගත කරන්නටද යම් බාධා ඇතිවිය හැක. පෙම් සබදතා වලට සුබයි. මංගල යෝජනා ලැබේ. දරුවන්ට සුබ තත්වයක් පෙන්වයි. අධ්‍යාපනයට සුබයි.
හදිසි අනතුරු වලින් සහ අසනීප තත්වයන්ගෙන් පරිස්සම් වන්න.

● සිංහ
11 වැන්නට කුජ පැමිනීම යහපත්ය.
රැකියාව දියුණු කරගන්ටන පුලුවන්, එය ඔබේ කැපවීම මත තීරණය වෙයි. උසස් වීම් ලැබිය හැක. තම වාසනාවට ධනය හිමිවිය හැක. හදිසි ධනලාභ වලටද ඉඩ පවතී. නව කටයුතු ආරම්භ කල හැක. ගමන් අධික විය හැක.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කල හැක. යම් බාධා තත්වයන්ද පෙන්වයි. ගමන් අධික වීමෙන් ශරිරයට අවශ්‍ය සුවතාවය අවම විය හැක.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වුවද නිදන්ගත රෝග ඇති අය ඒ ගැන උනන්දුවීම වැදගත්ය.

● කන්‍යා
10 වැන්නට කුජ පැමිණීම සුභයි.
ආර්ථික වාසි අපේක්ෂිතයි. තම කටයුතු සාර්ථක කරගත හැක. නිවාස වල යම් අලුත්වැඩියා හෝ නව නිවාස වලට යෑමටත් හැකිය. රැකියාවේ කටයුතු දියුණු වේ. හවුල් ව්‍යාපාර වලට සුබයි. හදිසි ධනලාභ උදාවිය හැක.
ගෘහ ජිවිතයේ කටයුතු සතුටින් කෙරෙනු ඇත. මංගල යෝග උදාවන කාලයකි. දරු සම්පත් බලාපොරොත්තු වූ අයට වාසනාවන්ත දරු උපත් හිමි විය හැක.
සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු, උදරගත වේදනා ආදියෙන් ප්‍රවේසම් වන්න.

● තුලා
9 වැන්නට කුජ වැයවීම මිශ්‍රඵලයි.
ආර්ථික තත්වය දුර්වල නොවුවද වියදම් අධික වීමට ඉඩ ඇත. අරපරිස්සමෙන් කටයුතු කරන්න. වෙනදාට වඩා ක්‍රියාශීලි වන කාලයකි. ලැබෙන්නට තිබු මුදල් ලැබීමට ඉඩ ඇත. රැකියාවේ දියුණුව සහ උසස්වීම් ලැබිමට ඉඩ ඇත. අන් අය අතර පිලිගැනීමට ලක්වන කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. මංගල යෝජනා ලැබෙන කාලයකි. අද්‍යෘපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුව නිසා සතුටු විමට හැකියාව ලැබේ. අන් අය සමග කරන කටයුතු වලදි ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
8 වැන්නට කුජ පැමිණිම සුබ නැත.
ආර්ථික තත්වය දුර්වල වීමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න. රැකියාවට යම් යම් බාධා ඇතිවීමේ ඉඩක්ද පවති. වෙනදාට වඩා සිත ආගම දහමට යොමුවන සහ එසේ කිරිමෙන් යම් සැනසීමක් ලැබෙන කාලයකි. තම සැපයට හේතුවන කරුණු වලින් යම්තාක් දුරකට දුරස් විමට සිදුවිය හැක.
ගෙදර දොරේ ජිවිතයට ලොකු ගැටළු නැති වුවද බුද්ධියනේ කටයුතු කිරිම මැනවි, ආර්ථිකයේ වෙන අවාසි පවුලේ කටයුතු වලටද බලපෑමට ඉඩ ඇත. ලග්න ඒරාෂ්ඨක අපලය ගත වෙන නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ලේ සම්බන්ධ රෝග, උෂ්ණාධික රෝග ආදියෙන්ද බෝවන රෝග යනාදියෙන්ද විශේෂයෙන් පරිස්සම් වීම මැනවි.

● ධනු
7 වැන්නට කුජ පැමිණීම සමඵලයි.
සිතට යම් පීඩා ඇතිවන කාලයකි. අධික කාර්යබහුලතාවයක්ද ඇතිවිමට ඉඩ ඇත. ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි ගතවුවද වියදම් අධික විමේ ඉඩක් පවති. රැකියාවටද යම් බාධා එල්ල විය හැක. ඒවා මැඩගත හැක. ව්‍යාපාර වලට යම් පාඩු වීමේ අවදානමක් ඇත. කැපවීමෙන් සහ බුද්ධියෙන් කරන කටයුතු වලින් ජය ලැබිය හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විවාහපේක්ෂක අයට මංගල යෝජනා පැමිණේ. කරන කටයුතු බුද්ධියෙන් කිරිම වටී.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් විය යුතු කාලයකි. විශේෂයෙන් මුත්‍රා ආබාධ සහ ඇස් රෝග යනාදියෙන් ප්‍ර
වේසම් විය යුතුය.

● මකර
6 වැන්නට කුජ  පැමිණිම සාමාන්‍ය ලෙස සුබයි.
ආර්ථික වාසි මෙන්ම තමන්ට තිබු යම් යම් බාධක දුරුවන කාලයක් කිව හැක. තමන්ගේම රැකියා, ව්‍යාපාර කරන අයට සුබයි. රැකියාවේ උසස්විමක් බලාපොරොත්තු විය හැක. කෙසේ වුවද බාධා පවති.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වනු ඇත. අවිවාහක අයට මංගල යෝග පැමිණෙන, පෙම් සබදතාව සතුටින් ගත කල හැකි කාලයකි. අද්‍යාපන කටයුතු වලට සුබයි.
සෞඛ්‍ය තත්වයේ වාත අමාරු, පිත ආශ්‍රිත රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● කුම්භ
5 වැන්නට කුජ පැමිණිම මිශ්‍රඵලයි.
ව්‍යාපාර වලට සුබයි. ලාභ ලැබේ. රැකියාවේ දියුණුව ඇතිවිමට ඉඩ ඇති වුවද යම් සිද්ධින් නිසා රැකියාව ගැන කණගාටුවක් ඇතිවන්ටද පුලුවන. ඒවා තාවකාලික බව සිතා කටයුතු කිරිම වටි.
ගෘහ ජිවිතය සතුටින් ගත කරන්නට හැකියාව ලැබේ. අධයාපන කටයුතු වලට සුබයි. නව දේපල ලාභ ලැබිමට හැකියාව ඇති සතියකි. පවුලේ සමගිය සහ දියුණුව වෙනුවෙන් බොහෝසේ කැපවන්නට සහ එයින් සුබ පල නෙලාගන්නට හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ, දෙපා සම්බන්ධව අවදානමත් වන්න.

● මීන
4 වැන්නට කුජ පැමිණිම සමඵලයි.
රැකියාවෙ කටයුතු සාර්ථකව කරගෙන යන කාලයකි. වෙනදාට වඩා අරපරිස්සම් වීමෙන් මුදල් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන කාලයකි. අන් අය අතර ගෞරවයට පාත්‍ර වෙයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදිද ගත කල හැක. ඥාතින් හා අමනාපකම් ඇතිවමට ඉඩ ඇත. දේපල ලාභද ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වය යහපත් වේ. මෙතෙක් පැවති රෝගි තත්වයන් දුරුවන කාලයකි.

No comments:

Post a Comment