Wednesday, December 2, 2015

මකර ලග්නය

*** මේ සියල්ල පොදු කරුණුය, අපගේ ජ්‍යොතිෂ්‍යමය පර්යේෂණ වලින් තහවුරු කරගත් පරිදිය.
කේන්දර සටහන් අනුව මේවා වෙනස් වනු ඇත.

ග්‍රහ ලොව දුප්පතා වන ශනිට අයත් වන මෙම රාශිය පඨවි රාශියක් වශයෙන් සදහන් වේ. නැගෙනහිර ක්ෂිතිජයේ විශාල අහස් ප්‍රදේශයක් පුරා පැතිර පවතින පියවි ඇසෙන් දෘෂ්‍යමාන වන මකරෙකුගේ හැඩය ගත් මෙම රාශිය ලග්න රාශි වළල්ලෙන් විශේෂ අනන්‍යතාවයක් ඇති ලග්නයකි.
විශේෂයෙන්ම සෙනසුරුට අප කිව යුතුයි, ලග්න 2ක උරුමය පවතිනවා. ස්ත්‍රිකාරක වන මකර රාශිය හැරුනුවිට පුරුෂ රාශිය වන කුම්භ රාශිය මේ 2යි.

* මකර ලග්නය පඨවි බල රාශියක් වන අතර මේ මකර ලග්නය හරහා චන්ද්‍රයාගේ ගමනේදි නැකැත් 3ක් මුණ ගැසේ.
එම නැකැත් නම්, උත්‍රසල, සුවණ හා දෙනට වේ.
උත්‍රසල නැකත රවිටත්, සුවණ නැකත සදුටත් දෙනට නැකත කුජටත් හිමි වේ.

මකර ලග්නයෙන් උපන් අයගේ කේන්ද්‍ර ගැන අප ඔබට කීමට ප්‍රථම මා සිතන්නේ මකර ලග්නයේ අය ගැන පාඨක ඔබද යම් කරුණු කාරණා දන්නවා ඇතැයි සිතමි.

● මකර ලග්නයෙන් උපන් අය තරමක් ආත්මාර්ථය විශේෂයෙන් කල්පනා කරති.
එය විවිධාකාර විදියට කෙනෙකුට බලපෑමට පුලුවන.
සමහරවිට ලග්නයට පාප ග්‍රහ බලයක් පිහිටා තිබුනහොත් ඉතාම ප්‍රබල ආකාරයට එම නරක ගතිගුණ ඉස්මතු විමට පුලුවන්.
කිසියම් ආකාරයකට ලග්නයට සුභයන් බලපෑම් කරනවා නම්, එම තත්වය කෙනෙකුට කරදරයක් නොවි තමන්ගේ දියුණුව උදෙසා භාවිතා කරන කෙනෙක් බවට පත්විමට පුලුවන්.

● මකර ලග්නයෙන් උපන් අයගේ විශේෂ ලක්ෂණයක් නම්,
තමාගේ කටයුතු දියුණු කරගැනීමට දිවා රෑ වෙහෙස මහන්සි වි කටයුතු කිරිමයි. අපේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලදි අපිට මුණගැසුනු බොහෝ මකර ලග්න හිමියන් ව්‍යාපාර ක්ෂෙත්‍ර වල නියුතු අයයි. ඒ අයගේ කේන්දර බැලිමෙදි අප්‍රතිහත ධෛර්යය කඩා නොවැටෙන බව ව්‍යාපාරික ඥානය සහ තීක්ෂණ බුද්ධිය ඇති අය බව මනාව පැහැදිලි වේ.
* රැකියා වල නියුතු එසේම අධ්‍යාපනය ලබන මකර ලග්නයේ අය සුවිශේෂි කැපවීමක් ඒ සියලුම කටයුතු වලට යොදයි.

● මකර ලග්නයෙන් උපන් අයගේ විශේෂතාවය නම් තමා කරන දේ ඉතාම පැහැදිලිව සහ ප්‍රකටව කිරිමට උත්සහ ගැනීමයි. මොවුන් ධනාත්මකව සිතන වැට කඩොලු පවුරු කඩාගෙන පෙරට යන දක්ෂ අය වෙති.
මකර ලග්නයේ කුඩා දරුවා පවා ඉතාම ඉදිරිය කල්පනා කරන ඥානවන්ත දරුවන්ය. උපතින්ද ලග්නයට බුද්ධිය සහ ජයග්‍රහණය කිරිම ලග්නයට කාවි ඇත.

* කෙසේ වෙතත් බොහෝ දියුණු වූ අය මකර ලග්නයෙන් අපට මුණගැසි ඇත. ඕනෑම කටයුත්තකට පාඩු වෙන්නට හෝ ලාභ වෙන්නට තමාගේ ධනය, ශ්‍රමය කාලය ආයෝජනය කරයි.
ආත්මාර්ථකාමි බව ඇති මොවුන් තමාගේ ධනය රැස් කිරිම සහ බලය රැස් කිරිම උදෙසා යම් කාලයක් මිඩංගු කරයි.

● ප්‍රේම සබදතා සම්බන්ධව තරමක් විචාරශීලිව බලයි. එසේ නම් ආවට ගියාට නොවේ. යම් ආකාරයකින් ඒ සම්බන්ධව හොද තත්වයකින් බලයි.
ඍජු තීරණ ගනී. එසේම මකර ලග්නයේ අය අතර විශේෂයෙන්ම ප්‍රේම සබදතා ඇති අතර යම් යම් ගැටළු පැනනැගිමේ යම් ඉඩකුත් පවති. මන්ද සමහරවිට මේ ලග්නයට ගැලපෙන ලග්න එසේ නොමැති නම් ගැලපෙන ග්‍රහ තත්වයන් නොමැති වුවහොත් සමහරවිට ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
මකර ලග්නකරු හුඟාක් ආශා කරනවා, තමාගේ මතයට අන් අය ගරු කරනවා නම්, එසේ නොමැති නම් තමාගේ මතයේ අනිත් අයත් පිහිටනවා නම්.

● කෙසේ වෙතත් ආදරය ප්‍රේමය නැමති හැඟීම සිතිවිලි වලට පෙරලුනහොත් තමාගේ භාර්යාවට ස්වාමියාට ආදරය කරයි.
විශේෂයෙන්ම අපි හිතමු මකර ලග්නය හිමිව ලග්නයේ සදු පිහිටා තිබියදී, එම සදු සුවණ නැකතේ ගමන් කර ඇත්නම් අවශේෂ වශයෙන් සිකුරු 4 වැන්නේ පිහිටා තිබියොත් බොහෝම ප්‍රේමණීය හදවතක් ඇති දැඩි ලෙන්ගතුකමක් ඇති බොහෝම ආදරණීය කෙනෙක් මේ තුලින් බිහිවේ. එය සුවිශේෂි තත්වයකි.

● මකර ලග්න කරුවන්ගේ සිදුවන්නේ බොහෝවිට විවාහය සිදුවන්නේ තම කැමැත්තෙනි.
මේ අයට යෝජිත විවාහයක් සිදුවුවත් ආශ්‍රය කර හදුනාගැනිමේ වැඩි ඉඩකඩක් පවති. කෙසේ වෙතත් මකර ලග්නයේ හොද විවාහයක් සිදුවීමේ වැඩි සම්භාවිතාවයක් පවති. විවාහයෙන් පසු දියුණුවීම මකර ලග්න අයගේ විශේෂත්වයකි. බොහෝවිට ශුභ ග්‍රහ තත්ව ඇත්නම් විවාහයෙන් පසු දායද වල හිමිකමද ඇතිවනු ඇත.


● මකර ලග්නකරුවන්ට රෝග වශයෙන් විශේෂයෙන්ම දණිස් ආශ්‍රිත රෝග, ආමාශ රෝග වැළදීමේ යම් ඉඩකඩක් පවති. එසේම ලග්නාධිපති සෙනසුරු නිසා සමහර වෙලාවට කල් අල්ලන රෝග එසේ නොමැති නම් කාලයක් ගොස් සුවපත් වන රෝග වැළදීමට පුලුවන්.
මකර ලග්න අයගේ කේන්ද්‍ර වල ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා බලවත් තැනක පිහිටා 8 වැන්නාධිපති රවි බලවත් නම් එසේම ලග්නයට සුභ බලපෑම් තිබේ නම් මේ අය අවුරුදු 80 ඉක්මවා ආයුෂ වින්දනය කරති.

_ දුර්වලතා _

● මේ ලග්නය බොහෝවිට ඉතාම මසුරු සහ ලෝභී බවක් පෙන්වයි.
මේ ලග්නයේ අය තමාගේ පවුලේ අයට වඩා පිට අයට බොහෝ සලකයි.

● ඇති දේ ගැන නොසිතා නැති දේ ගැන බොහෝ සිතයි. බොහෝවිට අනුන්ගේ සිත් රිදවයි. එය මෙය ලග්නයේ උපන් අයගේ ලක්ෂණයකි.


●  සුභ දින = බදාදා, සිකුරාදා, සදුදා


● ශුභ වර්ණ = ලා කොළ, ලා නිල්

● ශුභ අංක = විශේෂයෙන්ම 5 සහ 6

● ශුභ දිශාව = ඊසාන දිශාවයි.

● ශුභ මැණික් = පච්ච ගල, සුදු නිල් ගල අපල ඇත්නම් කාක නිල් ගල ශරීරයේ ස්පර්ශ නොවන සේ.


මකර ලග්නයෙන් උපන් ප්‍රවීණයෝ ජිවිතය තම ස්වෝත්සාහයෙන් ජයගත් අය බව මතක් කරමින් ලිපිය අවසන් කරමු !

No comments:

Post a Comment