ගොඩක් අය හිතනවා ලොකුවට... මහා පරිමාණයෙන් ඒව මේව කරන හැටි ගැන... මහා ගැඹුරින් දේවල් හිතනව... දර්ශනවාදිව හිතනව... එහෙම හිතල වැඩ කරනවා... ඒකෙ වරදක් නැහැ..
නමුත් ඇත්තටම ඕනම දෙයක ප්‍රායෝගික වෙන්නෙ මොකක්ද.... ?
ඒ තරම් සරල බව...
ඔබට සතුටින් සිටින්නට උවමනා නම්, මුලින්ම ඔබ කාරුණික කෙනෙක් වෙන්න...
ඒ කරුණාව, මෛත්‍රි ගුණය අනිත් අයටත් බෙදන්න...
පොඩි දෙයක් කරලා සතුටු වෙන්න, ඒ සතුට විඳින්න, අනිත් අයටත් සතුටට හේතු හදල දෙන්න...
සමහර අයට පොඩි දෙයක් කරලා සතුටු වෙන්න පුලුවන්ද කියල ඇහුවම පුදුම හිතෙනව... පොඩි දෙයක් කරලා නෙමෙයි ඕනම දෙයක් කරලා සතුටු වෙන්න පුලුවන්...
සතුට කියන්නෙ හිතේ තියෙන දෙයක්...
ඒනිසා තමයි පොඩි දරුවෝ කිසි දෙයක් නැති උනත් සතුටින් ඉන්නෙ... සතුටට, සැනසීමට දුප්පත්-පෝසත් භේදයක් නැහැ..
* පින් කරන්නත් එහෙමයි... පින කියන්නෙ පිනවීම... ඒකියන්නෙ එක්තරා සතුටක්.. ඉතින් පින් කරන්න මහ ලොකු සල්ලි ඕනද නැහැ...
කෑම කාලා, පිඟාන හෝදනකොට “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුට ආහාරයක් වේවා “ කියල ප්‍රාර්ථනා කරන්න ඒකම ලොකු පිනක්... (ඇත්තටම පොලවේ ඉන්න සතුන්ට ඒ ඉදුල් ආහාරයක් වෙනව)
ගෙදර අයට උදව් කරන්න, පාරෙදි කෙනෙක්ට මනුස්සකමට හිනාවෙන්න... ඒවත් හිතට සතුට ලැබෙන කාරණා... මේව ගැන එහෙම හිතල හොඳට ජිවිතේ ගත කරන්න...
* මේ විදියට කරුණාව, මෛත්‍රිය දියුණු කරගෙන ඔබ හොඳින් ජිවත් වෙද්දි නොදැනුවත්වම කුසලය/පින වගේම අධ්‍යාත්මය දියුණු වීමෙන් හිතේ සැනසීමෙන් ලොකු බලයක්, ශක්තියක් තමන්ටම දැනෙන්න ගන්නවා...
එතකොට හිතේ සැනසීම තියේවි.. කරල බලන්න....
ඒවගේ තත්වයකට හෙමිට පත්වෙනකොට, දුක කියන කාරණය එන එක එක සිද්ධි ආවත් ඒව අවබෝධ කරගෙන ජිවිතේ හොඳින් ගත කරන්න වාසනාව ලැබේවි !
තෙරුවන් සරණයි !
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
No comments:
Post a Comment