Thursday, December 17, 2015

රවි මාරුව ඔබගේ ලග්නයට කොහොමද ?

● මේෂ
ශුභයි.
රවි 9 වැන්නට පැමිණේ.
 සමාජ තත්වය ඉහල යයි. සමාජයේ ගෞරවය ලැබේ. ප්‍රසිද්ධ වේ.
දියුණුවට උසස් අයගෙන් උදව් උපකාර ලැබේ.  විදේශ සංචාර ලැබේ.


● වෘෂභ
සමඵලයි.
රවි 8  වැන්නට පැමිණේ.
කලහෝලාහල වලට මැදිහත් වීම, මානසික තත්වය පිරිහීම, ධන-ධාන්‍ය තත්ව වල අඩුපාඩු සහ තැන්පත් මුදල් වැයවීම ආදියත් ශාරීරික රෝගාබාධත් වැළදිමට ඉඩ ඇත. බුද්ධියනේ කටයුතු කරන්න.


● මිථුන
ශුභයි.
රවි 7 වැන්නට පැමිණේ.
බුද්ධිමත්භාවය ඇතිවිම සිදුවේ. හවුල් ව්‍යාපාර කටයුතු දියුණුවීම, එසේම දේපල ලැබීම, සහකාරිය/සහකරුගෙන් උදව් උපකාර ලැබීමට නියමිතයි.


● කටක
ශුභයි.
රවි  6 වැන්නට පැමිණේ.
සතුරන් යටත්වීම, එදිරිවාදින් මෙල්ල වීම සිදුවන අතර, විදේශ රැකියා, විදේශ සංචාර ඇතිවිම ඇත. තමාට විරුද්ධව ඇති නඩුහබ වලට ඍජුව ඉදිරිපත් විමට හැකි කාලයකි.


● සිංහ
ඉතාම ශුභයි.
රවි 5 වැන්නට පැමිණේ.
ඉගෙනීමේ කටයුතු දියුණු වේ. දුවා-දරුවන්ගේ කටයුතු දියුණු වේ. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු - තීරණ ඍජුව ගන්නා මැලි නොවන ඒවායින් යහපත සිදුවන කාලයකි. හදිසි ධනලාභ ලැබිමට හේතුවකි.


● කන්‍යා
මිශ්‍රපලයි.
රවි 4 වැන්නට පැමිණේ.
දේපල සම්බන්ධව යම් යම් ප්‍රශ්න ඇතිවිමට හේතුයි. එසේම කරන කියන කටයුතු වලට යම් බාධා ඇතිවිමට හේතුයි. ප්‍රවේසම් විය යුතුයි. මේ අතරම උපතේදි රවි ග්‍රහයා සුභව සිටින අයට, දේපල ලැබීම්, නිලතල ලැබීම්, ආගිය තැන ගරු සම්මාන ලැබිමට පුලුවන්.


● තුලා
ඉතාම ශුභයි.
රවි 3 වැන්නට පැමිණේ.
බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් තමාගේ බොහෝ කටයුතු සාර්ථක කරගැනිමට පුලුවන්. ඉගෙන ගන්නා දුවාදරුවන්ගේ තරඟ විභාග ආදියෙන් ජයගැනිමට වැඩි ඉඩක් පවති. පිටපලාත් වල සංචාරයට අවස්ථාව, විදේශ ගතවිමට වාසනාව ලැබේ.


● වෘශ්චික
ශුභයි.
රවි 2 වැන්නට පැමිණේ.
තමාගේ වචනය නිසා අන් අය තමාට යටත් කරගැනිමට පුලුවන්. විශේෂයෙන්ම නීතීඥ වෘත්තියේ අයට සහ දේශකයන්ට ඉතාම සුබයි. යුගදිවියේ නම් යම් ගැටළු ඇතිවිය හැකියි. ඔබ ආවේගශීලි විය හැකියි, කේන්ති යාම පාලනය කරගන්න. උෂ්ණ රෝග වැළදීමේ ඉඩකඩක්ද පවති.


● ධනු
ඉතාම ශුභයි.
රවි 1 වැන්නට පැමිණේ.
රවි ග්‍රහයා ධනු රාශියට පැමිණෙන විට බුධද ලග්නයේ බැවින් “ධර්මකර්මාධිපති රාජ යෝගය“ යෙදෙනවා. ලග්න 12න් එයට ඉතාම හොද ධනුවයි. තරඟ විභාග වලින් ජයගත හැක. ගරු නම්බුනාම, ජන ප්‍රසාදය ලැබෙනවා. මේ කාලයේදී බුද්ධිය දියුණු වන බව කිව යුතුයි, මේ කාලයේ ධනුවෙන් උපදින දරුවන්ද ඉතාම වාසනාවන්තයි.


● මකර
සමඵලයි.
රවි 12 වැන්නට පැමිණේ.
මේ යෝගය යෙදෙන්නේද 12 වැන්නේ බැවින් කරන කියන කටයුතු වල ශුභා-ශුභ මිශ්‍රව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයට බාධක මධ්‍යයේ එවා කල යුතුයි. ව්‍යාපාරිකයන්ට නම් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි, මන්ද තමා නොදැනුවත්ව ව්‍යාපාරික අංශයෙන් පාඩු විය හැකි නිසා.


● කුම්භ
ඉතාම ශුභයි.
රවි 11 වැන්නට පැමිණේ.
ඉතාම හොද කාලයක් වශයෙන් කිව හැකි මේ කාලයෙදි උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා. එසේම අලුත් ආයෝජන අවස්ථා ව්‍යාපාරිකයන්ට ලැබෙනවා. උසස් පෙලේ මිතුරන් ආශ්‍රය කිරිමේ වැඩි ඉඩකඩක් ලැබෙනවා.


● මීන
ඉතාම ශුභයි.
රවි 10 වැන්නට පැමිණේ.
ආදායම් තත්ව දියුණු වේ. කරන කියන කටයුතු දියුණු වේ. රැකියා කරන අයට මේ කාලයෙදි උසස් වීම ලැබීමට නියමිතයි. ඉගෙන ගන්නා දරුවන්ටද සුබයි.

No comments:

Post a Comment