Monday, December 21, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ. 21 - 28

මේ සියලු කරුණු පොදු කරුණුය, කේන්දර සටහන අනුව වෙනස්විය හැක.

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
● මේෂ
ඉතාම ශුභ සතියකි.
කරන කියන කටයුතු වල දියුණුව ඇතිවේ. ආදායම් මාර්ග දියුණු වේ. ඔබගේ රැකියා තත්වය සහ ව්‍යාපාරික කටයුතු දියුනු වෙයි. නව ආයෝජන අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර නිවසට, අඹුසැමියන්ට සුභ කාලයකි. විශේෂයෙන්ම මේෂ ලග්න ගෘහණියන්ට සිය ස්වාමියාගෙන් surprises ලැබේ. නිවසට නව බඩුමුට්ටු ගැනිමේ හැකියාව පවති.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු පමණයි.


● වෘෂභ
සමඵල සතියකි.
ආර්ථික වාසි සැලසෙනවා, නමුත් සතිය මුල් කොටසෙදි ඔබ ප්‍රවේසම් විය යුතුයි. සතිය මැදදි අලුත් ආයෝජන අවස්ථා මෙන්ම, පිට පලාත් වල වැඩ කටයුතු වලින් හොද තත්වයක් ලැබෙනවා.
ගෘහ ජිවිතය නම් සැලකිය යුතු වරදක් නැහැ. අඹුසැමියන් අතර ආදර ප්‍රේමය දළුලනවා. ඔබටත් පිට පලාත් වල ගමන් බිමන් යෑමේ හැකියාව පවතිනවා. නව හිතවත්කමක් ගොඩ නැගේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ.


● මිථුන
හොඳ සතියකි.
මේ සතිය ඇතුලත, බොහෝ කටයුතු ඉෂ්ට සිද්ධ කරගැනිමට පුලුවන්. ඔබගේ ආර්ථික කටයුතු දියුනු වනවා. එසේම කරන කියන කටයුතු දියුණු වෙනවා. අලුත් ආයෝජන අවස්ථා උදා වෙනවා. මේ කාලය ඇතුලත ඔබගේ දුන් ණය මුදල් අයවිමේ හැකියාවක්ද තියෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, අවිවාහයකයන්ට මංගල යෝග උදා වෙනවා. ඥාති මිත්‍ර හිතවත්කම් ගොඩනැගෙනවා. තවද ඔබගේ දියුණුවට වැඩිහිටියන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.


● කටක
ඉතාම හොඳ සතියකි.
මේ කාලයෙදි ආර්ථික වාසි නිතැතින්ම සැලසෙනවා. ව්‍යාපාරික කටයුතු කරන අයටද, විදේශ රැකියා කරන අයටද ඉතාම හොදයි. රැකියා කරන අයට විවිධ වරප්‍රසාද ලැබෙනවා. ඒ අතර විදේශ සංචාරද හිමියි.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගතවන කාලයක්.
අතමිට සරුවන නිසා පවුලේ දියුණුවද මේ අතර සැලසෙනවා. පිට පලාත් වල සංචාරයට හැකියාව ලැබෙනවා. මංගල යෝග උදාවන අතර, නව හිතවත්කම් ගොඩ නැගෙන කාලයකි.
නිදන්ගත රෝග හැරුනු විට ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැහැ.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
මේ සතියේදි ඔබට පෙර පින පෑදෙනවා මෙන් ආදායම් මාර්ග හිමි වෙනවා. කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. නව ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරගෙන යන ව්‍යාපාර වලට වැඩිහිටියන්ගේ පූර්ණ ආශිර්වාදය හිමි වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම සුබයි. යුග දිවි සැපත ලැබෙනවා. මංගල යෝග උදා වේ. නව නෑ හිතවත්කම් ලැබේ. මේ කාලයේ ඔබට කිව යුතුයි, කාලයකින් නොදුටු මිතුරෙකුගේ හමුවීම සතිය අගදී සිදු වේවි.
සෙම් අමාරු සහ උදාරාබාධ හැරුනු විට ප්‍රබල ග්‍රහ දෝෂ තත්වයක් නැත.

● කන්‍යා
සමඵලයි.
සතියේ ආරම්භක දින 2 හමාර පරිස්සම් වන්න. මුදල් යෙදවීම ඉතාම පරිස්සමට කල යුතුයි. පාඩු, කරදර සිදුවිමට පුලුවන්. ඒ අතරතුර කාලයේදී ඔබ අතින් අතපසුවිම්ද වීමට පුලුවන්. සතිය අග වන විට මේ තත්වය දුරුවී නැතිවු දේ නැවත ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන්නේ සතිය අගදි. මුලදි අඩදබර ආරවුල් වලින් ඔබ ආරක්ෂා විය යුතුයි. දුවාදරුවන් සමග ඔබට විනෝද චාරිකා ආදිය යෑමට පුලුවන්, සතිය අගදි.
සෞඛ්‍ය ගැටළු නම් උදරාබාධ, ජීර්ණ පද්ධතියේ අසනීප ආදියයි - ආරක්ෂා වන්න.

● තුලා
ඉතාම විචල්‍ය වූ සතියකි.
චන්ද්‍රයා 8 වැන්නේ හැසිරෙන සතිය මැදදි ආර්ථික පාඩු සිදුවිය හැකියි. සතිය අගදි එම තත්වය දුරුවෙනවා. ආයෝජන අවස්ථා වලදි පරිස්සම් විය යුතුයි. යම් ව්‍යාපාරයකට මුදල් යට කර ඇත්නම් ඒ ගැන සොයා බලා කටයුතු කිරිම ඔබගේ යහපතට හේතුවේවි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාවට යම් පරහක එල්ල විය හැකියි. ඥාති හිතමිතුරන් තරහවිම්, ස්වාමි - භාර්යා දෙදෙනා අතර යම් යම් අසමගිකම් ඇතිවිය හැකිය. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, උදරාබාධ පීනස් රෝග ඇති අය ඒවා පාලනයට උත්සුක වන්න.

● වෘශ්චික
චිවල්‍ය සතියකි.
මේ සතියෙදි ලාබ-පාඩු මධ්‍ය රේඛාවේ යන්නේ. කල්පනාවෙන් කටයුතු කරන්න. ආර්ථිකය පාඩු පැත්තට බරයි, කරන කියන කටයුතු සිතා බලා කරන්න. ඒ තුලින් පාඩු අවම කරගත හැක.
ගෘහ ජිවිතයද එසේමයි. ඥාති හිතවතුන් අතර යම් අමනාපකම් ඇතිවිය හැකියි. ඔබට සතුරු කරදර ඇතිවන්නට මෙන්ම,  ස්වාමි - භාර්යා අතර විරසකයක්ද ඇතිවිය හැක. දුවාදරුවන්ගෙන් යම් තරමක් ඈත්ව සිටිම කරනවා නම් හොදයි. ඉවසිමෙන් කටයුතු කරන්න.
එතරම් යහපත් නැහැ සෞඛ්‍ය තත්වයේ, තිබෙන කුඩා අසනීපය ලොකු විය හැකියි. සැලකිලිමත්ව කටයුතු කරන්න.

● ධනු
සමඵලයි.
සතිය ආරම්භයෙදි තිබුනු ප්‍රබෝධය අගදි නැති වෙනවා. සෙනසුරුද 12 නිසා පාඩු විය හැකි. ණයට ගැනිම සහ ණය දිම නොකර සිටිනවා නම් වඩා හොදයි. ආයෝජන අවස්ථා වලදි කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා.
දුවාදරුවන් සමග සතිය මුලදි සිටිමට හැක. ඉන්පසු යම් ඈත්වීමක් පෙන්වනවා. සතිය අගදී ඔබට මංගල යෝග වැනි සුබ පණිවිඩයක් ලැබීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, මුත්‍රා අසනීප, උෂ්ණාධික රෝග සහ මානසික ආතතිය ආදිය ඇතිවිමට හැකියාව තිබේ.


● මකර
සාමාන්‍ය සතියකි.
සතිය ආරම්භය සහ මැද ඉතාම හොදයි. එම කාලෙදි ඔබට කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. එනම් සතියේ මුල් දින කීපයෙදි ඒවාට ප්‍රවේශයක් ගැනිම ඔබට හොදයි. සතිය අගදී එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරිම යහපත්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ම ගත වෙනවා. නිවසට අලුත් බඩුබාහිරාදිය ගැනීමට ඔබට පුලුවන්. ඒ ගැන ගැටළුවක් නැහැ. මංගල යෝග මේ අතර උදා වෙනවා. නව හිතමිතුරුකම් ගොඩනැගෙනවා.
සෞඛ්‍ය තත්වය  ඔබට ඇඟපත වේදනාව සහ ආමාශගත ගැටළු හැරුනුවිට වෙනත් ප්‍රශ්න නැහැ.


● කුම්භ
හොඳ සතියකි.
සහෝදර සහෝදරියන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. ඔබට ඉතාම හොද කාලයක්. පිට පලාත් වල කරන රැකියා බොහෝසෙයින්ම සාර්ථක වෙනවා. එසේම ඔබට අලුත් ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරන කියන කටයුතු බාධාවකින් තොරව කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. අඹුසැමි ප්‍රේමය දළුලනවා. දුවාදරුවන් සමග වැඩිපුර කාලය ගත කිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් අමාරු තත්වයන් ඇතිවිමට පුලුවන්. ඒ ගැන කල්පනාකාරි විය යුතුයි.


● මීන
ඉතාම ශුභ සතියකි.
සතිය ආරම්භයේ සිට අවසන් වනතුරු ඉතාම සුබයි. කුමන රැකියාව, ව්‍යාපාරය කලත් ඒවායේ තත්වයේ හැටියට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ඒ අනුව හිමි වෙනවා. සතිය මැදදී අලුත් කටයුත්තකට අතගැසීමට පුලුවන්. කරන කියන කටයුතු වල නව්‍යකරණයක් දකින්ට ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. දුවාදරුවන් සමග විනෝදයෙන් ප්‍රීතියෙන් සිටිය හැකියි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු ගැන අවදානමත් වන්න.

No comments:

Post a Comment