Monday, December 7, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ 7 සිට

● මේෂ
සමඵල සතියකි.
ඔයාගෙ ලග්නයට මේ සතියෙ ආර්ථික පැත්තෙන් නම් ඒ තරම් හොදයි කියන්න බැහැ. චන්ද්‍රයා 7,8,9 වැන්නේ ගත කරන මේ සතියේ මුල් කොටසෙදි ණය තුරුස් වෙන්න පුලුවන්, හිත අවුල් වෙලා කඩන් වැටෙන්න පුලුවන්. සතියේ මුල් දින කීපයෙදි ණයතුරුස් වලට අහුවෙන්න එපා. සතිය අගදි සියලුම කටයුතු සාරථක වෙනවා කියල විශ්වාසයි.
ගෘහ ජිවිතය කටයුතුද මධ්‍යස්ථයි. ඒරාෂ්ඨක අපලයකුත් තියෙන මේ සතියේ අඹුසැමි භේද ඇතිවෙන්නට පුලුවන්. දෙදෙනාම විශේෂයෙන්ම අවබෝධයකින් කටයුතු කරන්නට ඕන, ඉවසන්න ඕන. සතිය අගදී පුණ්‍ය කටයුත්තකට සහභාගි වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය ටිකක් නරකයි, ඒරාෂ්ටක අපලයකුත් තියෙන නිසා. වාහන වල යන එන අය පරිස්සම් වෙන්න ඕන. හදිසි තුවාල, අනතුරු විය හැකියි. පොඩි දරුවන්ද ආරක්ෂා කරගන්න.


● වෘෂභ
ටිකක් අසුබයි.
කාලයකට පස්සෙ වෘෂභයට ටිකක් අසුබ වෙච්ච සතියක් මේක. මේ සතියෙදි ආර්ථිකය ගැන හොදක් කියන්න අමාරුයි. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න, එක එක ඒවට අහුවෙන්නෙ නැතිව ආරක්ෂා කරගන්න, ආරක්ෂා කරගන්න කියන්නෙ ධනය. ඒ ප්‍රශ්න මොනවද කියල ඔයා දන්නවා, ආර්ථික ප්‍රශ්න.
ගෙදර දොරේ ජිවිතයෙදි ගැටළු බොහෝමයි. දෙන්න දෙමහල්ලෝ අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙන්න පුලුවන්. ඔයාල ඒ ගැන නිසි අවධානයෙන් සිටින්න. ඒවගේම තමයි රිමෝට් කන්ට්‍රෝල් බෝම්බ ගේ ඇතුලේ පිපිරෙන්න පුලුවන් - ඒකියන්නෙ පිට ඉදල කවුරුහරි ගේ ඇතුලේ ගිනි තියන්න පුලුවන්. සතිය පුරාම මේ තත්වයන් ගැන බුද්ධියෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වය එතරම් හොද නැහැ, ලෙඩ වෙලා සුවය ලබමින් සිටින අය නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂණ පිලිවෙත් අනුගමනය කරන්න ඕන.



● මිථුන
සමඵලයි.
ඔයාටත් කියන්න තියෙන්නේ මේ සතියේ මුල් දවස් 2 සහ අග දවස් 2 තමයි හොද. සතිය මැදදි ආර්ථික පාඩු වෙන්න පුලුවන්. ව්‍යාපාරික සහ රැකියා කරන අයට තරහකාරයන් ඇතිවෙලා ස්ථාවරත්වයට, රැකියාවේ දියුණුවට බාධා එන්න පුලුවන්. මිතුරන් හතුරන් වෙන්න පුලුවන් මේ සතියෙදි එනිසා පරිස්සම් වෙන්න ඕන. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය  තුල ලොකු වරදක් නැහැ. දරුවන් සහ බිරිඳ අතර හොඳ සහයෝගයක් ඇති කරගන්න පුලුවන්. ඒවගේම තමයි සතිය අගදි අවිවාහක ඔයාට මංගල යෝග උදා වේවි. අලුත් හිතවත්කම් ගොඩනැගේවි.
සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු ගැන විශේෂ අවධානයෙන් ඉන්න.


● කටක
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයේ ආර්ථික වාසි එනවා. කරන කියන කටයුතු වලට හොදයි. ඒවගේම තමයි ඔයාට අලුත් ඉඩකඩම්, ඒවගේම වාහන මිලදී ගැනීමේ වාසනාව මුල් කොටසේදි තියෙනව. සතිය අගදී කාගෙහරි සතුරු කරදරයකට ඔයාව ලක්වෙන්න පුලුවන්. විමසීමෙන් ඉන්න.
ගෘහ ජිවිතය  ගැන කියන්න තියෙන්නෙ හොදයි කියල තමයි. ඔයාට ගෙදරට අලුත් බඩුමුට්ටු ගන්න පුලුවන්. ඒවගේම සමහරවිට පිටපලාත් වල සංචාරයට අවස්ථාව ලැබෙනවා. අලුත් ඥාති මිත්‍රකම් ඔයාට ඇතිවෙනවා.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම් අමාරු, බඩේ කැක්කුම් තියෙන්න පුලුවන්. ඒවායෙන් ප්‍රවේසම් වන්න.


● සිංහ
ශුභ සතියකි.
සඳුගේ ගමන අනුව ඔයාගේ කීර්ති නාමය ලොව දසදෙස පැතිරෙන කාලයක්. ඒවගේම තමයි ඔයා කොයිතරමටද උත්සහ කරන්නේ ඒ තරමටම ප්‍රතිඵල මේ සතියෙදි ඔයාට ලැබෙනවා. ඒවගේම තමයි පරණ ණයක්, දුන්නු දෙයක් ලැබෙන්න මේ සතියෙදි තියෙනව. ඒනිසා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕන, සතිය පුරාම සුබයි.
ගෙදර දොරේ ජිවිතයද ඉතාම සාමකාමි. ඔයාට හිතවත් අය මේ සතියෙදි ගෙදර එන්න පුලුවන්. පවුල ඇතුලෙත් පිටත් ජනප්‍රිය වෙන්න පුලුවන්. සතිය අගදි දරුවන්ගේ දෙයකට කැපවෙන්න ඔයාට පුලුවන්, ඒකෙන් දරුවන් හා ඔයා අතර තියෙන බැඳිම ගොඩක් වැඩිවෙනව.
සෞඛ්‍ය තත්වයේ අවුලක් නැහැ. සෙම් අමාරු ගැන අවදානමත් වන්න.


● කන්‍යා
ශුභ සතියකි.
කාලෙකට පස්සෙ, ඔන්න ඔයාට හොඳ කාලයක් ලැබුවා. සෑහෙන කාලයක් තිබ්බ ප්‍රශ්න ඉවර වෙලා, හොඳ සතියක් මේ සතිය. හිතට එකඟව මේ සතියෙදි වැඩ කරන්න, අලුත් ආයෝජන අවස්ථා, අලුත් ආදායම් මාර්ග ඔයාට ඇතිවෙනවා. ඒවගේම තමයි හොඳ පුද්ගලයන් ආශ්‍රය කිරිම නිසා ඔයාගෙ ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන්. කරන ඕනම දෙයක් හරියනව.
ගෘහ ජිවිතය හොඳයි ඔයාට. කාලෙකට පස්සෙ ගෙදර නිකන් සතුටක් සමාදානයක් තියෙනව වගේ තියෙනව. ඔයාට මංගල යෝග තියෙනවා. අලුත් නෑදෑයෝ ඔයාව හොයාගෙන ඒවි. පරණ තරහ වෙච්ච අය ඔයා එක්ක යාළු වේවි. ඉතින් ඔයත් හොදින් ඉන්න ඕන.
සෙම් අමාරු තමයි හැදෙන්න තියෙන්නෙ, මේ දවස් වල වැස්සට තෙමෙන්න එපා.


● තුලා
හොඳ සතියකි.
ඔයා හොඳ මිනිහ කියල හැමතැනම ප්‍රසිද්ධ වෙනව. ඒවගේම හොඳ ධෛර්යයක් ඔයාට ලැබෙනව. ඒකම භාවිත කරලා ඔයා මේ සතියෙදි හැදෙන්න ඕන. අලුත් දේවල් අරඹන්න මේ සතිය හොද සතියක් වෙනව. ඔයාට හරියාවි සැලකිල්ලෙන් වැඩ කරන්න.
ගෙදර දොරේ ජිවිතය ඉතාම හොදයි. භාර්යාව-ස්වාමියා අතර හොද සම්බන්ධකම් ඇතිවෙනවා. ඒවගේම පවුලේ අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න හිතෙනව. සහෝදර සහෝදරියනුත් ඔයා එක්ක වෙනදට වඩා ලෙංගතු වෙනව.
උගුරේ සෙම් අමාරු, සෙම් ගෙඩි ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
ශුභ සතියක්.
හැබැයි සතියේ මැදදී ඔයා පොඩ්ඩක් කලබල වෙන්න පුලුවන්, ආදායම් තත්වය හා යම් යම් දේවල් සම්බන්ධව. ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. වෙන ගැටළුවක් නැහැ. සතිය අගදී අලුත් ආදායම් මාර්ග ලැබෙනවා. අලුත් ආයෝජන අවස්ථා හිමි වෙනව.
ගෙදර දොරේ ජිවිතය හොදයි. ප්‍රශ්න නැහැ. නමුත් ඔයා කලබල වෙන නිසා, ඔයා විසින් සමහර ලෙඩ දාගන්න පුලුවන්. ඒ ගැන කල්පනාකාරි වන්න.
හිස බරගතිය, හිසේ කැක්කුම් සෞඛ්‍ය ගැටළුය.


● ධනු
ටිකක් හොඳ නැහැ මේ සතිය.
ඔයා සතිය මුලදී හොඳයි. සතිය මැදදී පාඩුවක් ඇතිවෙන්න පුලුවන්. රැකියා කරන ඔයාගෙ අතපසුවීම් නිසා පාඩු වෙන්න පුලුවන්. ව්‍යාපාර කරන ඔයාගෙ ණය ගැනීම්, දීම් එක්ක ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුලුවන්, ආරක්ෂා වන්න. සතිය අගදි මේ තත්වයන් හරියනව.
ගෙදර දොරේ ජිවිතයෙදි ස්වාමියා-භාර්යාව එක්ක ගැටුම් ඇතිවිය හැකියි, ඒවා සමනය කරගන්න ඕන. ඒවගේම අනවශ්‍ය දේවල් වලට ඔයාගෙ කාලය - ධනය - ශ්‍රමය වැයවෙන්න පුලුවන්. සතිය අගදි මේ තත්වයන් හරියනව.
සෞඛ්‍ය තත්වය ගත්තම ඇඟේපතේ අමාරුකම් ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන අවදානමත් වන්න.


● මකර
හොඳ සතියක්.
වෙළහෙලදාම් කරන අයගේ තත්වය දියුණු වෙනවා. සැලකිය යුතු රැකියා කරන අයට විදෙස සංචාර හිමිවෙනවා, අලුත් වගකීම් එක්ක හොද දේවල් ලැබෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භයට හොදයි. විශේෂයෙන්ම කැවිලිපෙලිවි, ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ගොඩක්ම හොදයි කියන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය හොදයි. පවුලේ සමගිය ඇතිවෙනවා. භාර්යාව-ස්වාමියා ඔයාට හොදින් සලකනවා. ඒවගේම ස්වාමියාට-බිරිදට ස‘ප්‍රයිස් එකක් දීලා සතුටු කරන්න මේ සතියෙදි පුලුවන්.
සෞඛ්‍ය තත්වය ලොකු වරදක් නැහැ. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වෙන්න.


● කුම්භ
ඉතාම ශුභයි.
ඔයාගෙ ග්‍රහචාරය අනුව ඔයාට මේ සතියේ අතපසුවුනු ගොඩාක් දේවල් කරගන්න පුලුවන්. මුදල් සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය වෙනව. අලුතෙන් දෙයක් පටන් ගන්න පුලුවන්. කාලය හොද වෙනව. කරන කියන කටයුතු සාර්ථක වෙනව. ඔයාට හිතකර ගිවිසුම් වලට එළඹෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතයත් ඉතාම ප්‍රීතිමත්. වැඩිහිටි නෑදෑයො එක්ක පින් දහම් කටයුතු වල යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. දුරබැහැර සංචාර වලට අවස්ථාව ලැබෙනවා. භාර්යාව, ස්වාමියා එක්ක හොද බැඳීමක්, සම්බන්ධයක් ඇති වෙනව. ඒවගේම ප්‍රීතිමත් සතියක් මේ සතිය.
සෞඛ්‍ය තත්වයේ ප්‍රශ්න නෑ, දණිස් අමාරු තියෙනව නම් පරිස්සම් වන්න. සැප වැඩි නිසා නිදන්ගත රෝග එහෙම වැඩි වෙන්න පුලුවන්.


● මීන
සමඵල සතියකි.
සතියේ මුල් කොටස ඔයාට හොදයි කියන්න බෑ. කරන කියන කටයුතු වල යම් ප්‍රබල බාධක ඇතිවෙන්න පුලුවන්. ලැබෙන්ට තියෙන මුදල් නොලැබී යන්ට පුලුවන්. ඔයා සතුරු කරදර හෝ රැවටීම් වලට ගොදුරු වෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය සාමාන්‍යයි. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. භාර්යාව-ස්වාමියා අතර ගැටුම් ඇතිවෙන්න පුලුවන්, ඒවා කතා කරලා නිරාකරණය කරගන්න.
සෞඛ්‍ය තත්වයේ යම් ප්‍රශ්න තියෙනවා, හිසේ කැක්කුම, ඇඟපත අමාරුව සහ විවිධාකාර රෝගාබාධ වලින් පරිස්සම් වෙන්න. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.


https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

________

No comments:

Post a Comment