Sunday, December 6, 2015

* අපොස සාමාන්‍ය පෙල විභාගය 2015 - O/L Exam

2015 දෙසැම්බර් 8 වනදාට ඇරඹෙන සාමාන්‍ය පෙල විභායෛන් බොහෝ දරුදැරියන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගන්නා බව අපගේ අනාවැකියක් අනුව අපි ප්‍රකාශ කරමු !

ලෝකායතන ජ්‍යොතිෂ්‍යය අනුව 2015 දෙසැම්බර් මස 8 වන අඟහරුවාදා/කුජ දින ඉර උදා වන්නේ උදෑසන 6.10 ඉර බසින්නේ පස්වරු 5.54ටය.

● උදෑසන 6.10ට ඉරු උදාවන විට රවි ග්‍රහයා වෘශ්චික රාශිගතව සිටින අතර, ඉල්මස අවදොලොස්වක තිථිය උදාව පවති. ශෝභන යෝගයද, තෛපිලකරණයද යෙදෙන අතර නැකැත් 27න් ශුභම නැකැතක් වන රාහු හිමි සා නැකත එදින පස්වරු 8.54 දක්වාම පවති.

● ඉහත දැක්වූ පංචාංගය සමග ග්‍රහචාරය ගැන කල්පනා කරන විට, මෙම විභාගයෙන් වැඩිම හොඳ ප්‍රතිඵල දිවයිනේ බස්නාහිර පලාතටත්, දකුණු පලාතටත් හිමි වේ.
එසේම මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව හොඳ ප්‍රතිඵල හිමිවනු ඇත.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයද පසුගිය කාල වලටත් වඩා අධ්‍යාපනික වශයෙන් යම් පිබිදීමක් ඇතිවන බව කිව යුතුය.
මෙම ප්‍රදේශවල පොදුවේද අධ්‍යාපනික ප්‍රතිඵල බොහෝ හොඳ මට්ටමක පවති.
පොදුවේ මුළු රටටම වෙනදාට වඩා ප්‍රතිඵල යහපත් වනු ඇත !

● මෙම ග්‍රහචාරයත් සමග මෙවර සාමාන්‍ය පෙල විභාගයට සියලුම ලග්න හිමි දරුවන්ට ශුභ බව කිව යුතුයි. ලග්න බොහෝමයකට ඉතාම ශුභයි.

අපගේ ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය බාරගැනීමට සිටින අපගේ ආදරණීය දරු පරම්පරාවට ශුභ ප්‍රාර්ථනා එක් කරන අතර මේ දිනයේදි ඔබ විසින් කල යුතු වතාවත් ඔබගේ අධ්‍යාපනික කටයුතු අතිසාර්ථක කල යුතු වතාවත් එක් කරමින් මේ ලිපියට අවසන් තිත තබමු !

● උදෑසන අවදි වන්න.

● කහ වතුර මිශ්‍ර වතුරෙන් නා පිරිසිදු වන්න.

● බුදුන් වැඳ, බුදු ගුණ සිහිකර සැරියුත් මහරහතන්වහන්සේගේ ගුණ මෙනෙහි කරමින්, උන්වහන්සේගේ ඥාන ගුණය සිහිපත් කරමින්, ඔබගේ ඉෂ්ට දේවතාවුන්ට යම් ප්‍රාර්ථනාවක් එක්කරන්න.
(වෙනත් ආගමක නම් තම ආගමානුකූලව එම කටයුතු කරන්න)

● එදිනට කිරිබතක් අනුභව කිරිම සුදුසුයි.
(මේ කිරිබතට, රතු කැකුළු මිශ්‍ර සුදු කැකුලුද, කඩක පරිප්පු තම්බා එයට එක්කොට එළඟි තෙල් මිශ්‍ර කර තිබිම වඩා හොදයි)

● දෙමාපියන්ට, වැඩිහිටියන්ට වැඳ ආශිර්වාද ලබාගෙන, මරුට පිටුපා එනම් නැගෙනහිර දිශාව බලා නිවසින් පිටත් වන්න.

සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සමස්ත දරු පරම්පරාවටම සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා !

රත්නත්‍රයේ සරණයි !

‪#‎ඉරුසේවය‬

No comments:

Post a Comment