Sunday, January 17, 2016

සතියේ ලග්න පලාපලය - ජන. 18 සිට

● මේෂ
ඉතාම සුභ සතියකි.
චන්ද්‍රයා ලග්නය, 2-3-4 වැන්න තුල ගෝචර වන මේ සතිය තුල ආර්ථික වාසි ඇතිවේ. ව්‍යාපාරික කටයුතු වලින් වැඩි ලාභ ලැබිමට හැකිවනවා සේම අලුත් ආයෝජන අවස්ථා යෙදේ. දුර ගමන් වලින් ලාබ ප්‍රයෝජන ලැබේ. විශේෂයෙන්ම විදෙස් රැකියා, විදෙස්ගත අයට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර වෙනදාට වඩා ප්‍රබෝධයක් හිතට දැනේ. ඔබ වඩාත්ම ප්‍රියමනාප විනෝදශීලි කෙනෙක් වේ. පෙම් සබදතා සඵල වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. පවුලේ අය සමග සතුටින් සිටිය හැක.
ප්‍රබල ගැටළු නැතත්, සෞඛ්‍ය තත්වයේ ලෙඩ වලින් සුව වෙමින් සිටින අය ඒවායින් ආරක්ෂා වන්න.


● වෘෂභ
සමඵලයි.
සතියේ මුල් දින 2 තරමක ගැටළුකාරි තත්වයක් පවති. එයින් ඔබ ආරක්ෂා විය යුතුයි. එසේම ප්‍රවේසමෙන් මුදල් පරිහරණය කරන්න. ජිවිතයේ වැදගත් ව්‍යාපාරික කටයුතු ආදිය, රැකි රක්ෂා කටයුතු ආදිය මේ සතියෙදි තීරණාත්මක මට්ටමකට පැමිණෙනවා, සතිය අගදී දැවැන්ත වාසි අවස්ථාද, රැකියා කරන අයට උසස්වීම්ද ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය කෙසේ වෙතත් සතුටින් ගත වෙනවා. අඹුසැමි ප්‍රේමය වැඩි වෙනවා. ඔබ පවුලේ ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත්වේ. සතිය අගදී ඥාතියෙකුගේ දුර බැහැර නිවසකට යාමට හැකි වේ. පෙම් සබදතා ඇති අයට එහි හොද ප්‍රතිඵල ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ, ඇඟපත වේදනාව, සෙම් රෝග වලින් පරිස්සම් වන්න.


● මිථුන
සමඵලයි.
කරන කියන කටයුතු වලට හොඳ අවස්ථා ලැබෙනවා. සතියේ දින 2 හමාරකට පමණක් ආර්ථික පාඩු ඇතිවිය හැකියි. ණයට ගැනීම, ණයට දීම මුල් දින වලදි නොකරන්න. පසුව ඔබට හොදයි.
ගෘහ ජිවිතය තුල, ඔබට එතරම්ම ගැටළුකාරි තත්වයක් නැහැ. මේ අතර ඔබට ඔබගේ පවුල් පදනම වෙනුවෙන් යම්කිසි හොද දෙයක් කිරිමට අවස්ථාව උදා වෙනවා.
සෞඛ්‍ය  තත්වය, විශේෂ ගැටළු නැහැ.
සෙම් රෝග සහ ඇඟපත අමාරු වලින් ආරක්ෂා වීමම ප්‍රමාණවත්ය.


● කටක
සමඵල සතියකි.
මේ සතියේදි ඔබ අලුත් ආයෝජන අවස්ථාවන් වලට යොමු වෙනවා. ඒතුල ඔබගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරිමට පුලුවන්. ලග්නාධිපති උච්ච වන මේ සතියේදී අලුත් හිත මිතුරන් මාර්ගයෙන් ඔබගේ අනාගතය හෙලි පෙහෙලි කරගැනිමේ හැකියාවක් මේ සතියෙදි පවතිනවා.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. මේ සතියෙදි අතමිට සරු වෙන නිසා, ඔබට ගෙදර දොර වෙනුවෙන් යම්කිසි හොද දෙයක් කරගැනීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග ගැන විශේෂ අවධානයකින් සිටින්න.


● සිංහ
ඉතාම සුබ සතියකි.
පෙර පිනට මෙන්ම ඔබගේ ආර්ථික වර්ධනය මේ සතියෙදි සීග්‍රගාමි වනවා ඇත. ආයෝජන අවස්ථාද, පරණ ණය තුරුස් ලැබීමද මේ සතියෙදි ඔබට අත්වන සුවිශේෂි වාසි තත්වයන් වේ. එසේම සතිය මැද, අග විශාල දියුණුවක් ඔබට ලැබේ. ඒ අතර ව්‍යාපාරික කටයුතු දියුණු කිරිමේ හොද හැකියාවක් ලැබේ. දියුණුව
ගෘහ ජිවිතයහොදයි පවුලේ අය හා විනෝද ගමන් යෙදීමේ අවස්ථාව මේ සතියේදි හිමිවනනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබාගෙන කටයුතු දියුණු කරගැනීමටත් හැකියි.
සෞඛ්‍ය තත්වයේ දණිස් අමාරු, කොන්දේ වේදනාව යනාදියෙන් පරිස්සම් වන්න.


● කන්‍යා
මේ සතිය හොද සතියකි.
සතිය මුලදි සුළු ආර්ථික අවපාත ඇතිවන නමුදු සතිය මැදට යන්ට යන්ටම ඒවා හොද විදියට නිරාකරණය වෙයි. විශේෂයෙන් කරන කියන කටයුතු වලට හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. තවද ඔබගේ ජනප්‍රියත්වය නිසා අලුත් ආයෝජන අවස්ථා උදා කරගැනිමට පුලුවන්. රැකියා - ව්‍යාපාර කරන අයට මේ සතිය ඉතා හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව වෙන සති වලට වඩා ශක්තිමත් වේ. ඔබගේ පවුල තුල ඔබට හොද ප්‍රසාදයක් හිමි වේ. පමාවු අයට මංගල යෝග ඇතිවන කාලයකි. විශේෂයෙන්ම කිව යුතුයි, ආර්ථික තත්වයේ ශුභදායක වෙනස්කම් නිසා ගෙදර දොර ජිවිතයද හොද වේ.
රෝගාබාධ ලෙස හිස කැක්කුම, අනවශ්‍ය කලබල විම් ඇතිවිය හැක.


● තුලා
සමඵලයි.
ආර්ථික වශයෙන් ගත්කල සතිය මුල් කොටසෙදි ඔබට හරියන ආර්ථික - ව්‍යාපාරික තත්වයන් එසේම සියලුම ආර්ථික වාසි සතිය මැදදී යම් ආකාරයකට නැතිවිමට පුලුවන්. ඒ ගැන ඔබ අවධානය යොමු කල යුතුයි. එසේම වෙනත් විශේෂ කරුණු නැහැ. සතිය අගදී පිට පලාත් වල සංචාරයෙන් ආර්ථික වාසි හිමිවනු ඇත.
ගෘහ ජිවිතය තුල යම් යම් විචල්‍යකාරි තත්වයක් ඇතිවිය හැක. සතිය ආරම්භයේ ඔබට පවතින සුබ තත්වයන් සතිය මැදදී නැතිවිමට පුලුවන්, අවධානයෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නමුත් ආමාශගත රෝග, මුත්‍රා ආබාධ ආදියෙන් පරිස්සම් වන්න.


● වෘශ්චික
තරමක අපහසුතා ඇතිවන කාලයකි.
මේ සතියෙදි කරන කියන කටයුතු වලට බාධක මතුවිමට පුලුවන. ආර්ථිකමය වශයෙන් ඔබට එතරම් ශුභදායක නැහැ. ඔබ ප්‍රවේශම් විය යුතුයි, හවුල් ව්‍යාපාර කරනවා නම්, එසේම මුදල් ආයෝජනය කරන්නට සිතේ තියාගෙන ඉන්නවා නම් ඒ ගැන දෙවරක් සිතා බලා බුද්ධියෙන් කරන්න. ණයට ගැනීමත් දීමත් බුද්ධිමත්ව කරන්න. රැකියා කරන අයද ආයතන ප්‍රධානින් හා උරණ නොවි ඉන්න බලන්න.
ගෘහ ජිවිතය තුල විචල්‍යකාරි වෙන්න පුලුවන්. අඹුසැමියන් අතර භේද ඇතිවිය හැකියි. පවුලේ අය හෝ දීර්ඝකාලිනව ආශ්‍රය කල කෙනෙක් දුරස් විමට හෝ තරහ විමට පුලුවන්. කල්පනාවෙන් සියලු කටයුතු කරන්න.
ආමාශගත රෝගථ යටි බඩේ රෝග ජිර්ණ ආබාධ ගැන විම් ගැන අවදානමත් වන්න.


● ධනු
එතරම් ශුභ නැත.
හොද නැති භාව2කයි සතිය මුලදි සදු  හැසිරෙන්නේ. එනිසා ඔබ ව්‍යාපාර හෝ රැකියා කටයුතු කරනවා නම් ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්න. ණයට දීම හා ගැනිම 2ම හොද නැහැ. ආරක්ෂාකාරි-කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තුල දරුවන් ගැන නම් හොද සුභ දෙයක් අහන්න ලැබෙනවා. සමහරවිට නැන්දා මාමා කෙනෙකුගේ උදව් උපකාර ලැබිමට - ඒ වාසනාව ලැබිමට පුලුවන්. ප්‍රබල ගැටළු ඇති නොවේ.
සෞඛ්‍ය තත්වයේ සාමාන්‍ය පරිදි ගත වේ. මුත්‍රා අසනීප ඇතිවිමට පුලුවන්. සැලකිලිමත් වන්න. එසේම යම් යම් ජීර්ණ පද්ධතියේ රෝග වලින්ද ආරක්ෂා වන්න.


● මකර
හොඳ සතියකි.
අතපසුවු හුඟක් දේවල් මේ සතියේදි කරගැනිමට පුලුවන්. එසේම ඔබ මේ කාලයේදී ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය කරන යම් යම් පහසුකම් ඇති කරගැනිමට ඔබට හැකියාව ලැබෙනවා. හොද තත්වයකි.
ගෘහ ජිවිතය සතුට සමාදානය ඇති වෙනවා. පවුලේ අය වෙනුවෙන් ලොකු සාදයක් පැවැත්වීමට පවා ඔබට පුලුවන්. ඥාති මිතුරුකම් අලුත් වෙනවා. නිවසට අලුත් බඩුමුට්ටු ආදිය මිලදි ගැනිමේ හැකියාව මේ සතියෙදි ඇති ‍වෙනවා.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. පපුවේ සෙම් ගතියෙන් ආරක්ෂා වන්න.


● කුම්භ
ඉතාම ශුභ සතියකි.
තමාගේ හැකියාව ඉතාම හොදින් ප්‍රදර්ශනය වෙනවා. ආර්ථික වාසි එමගින් ලැබෙනවා.
තමාගේ දක්ෂපක්ෂකම් ඉස්මතු විම මේ සතියෙදි වන දෙයක්. දියුණුවට අතහිත ලැබෙන මේ සතියෙදි චිත්ත ප්‍රීතිය නිසා කරන සියලුම කටයුතු සාර්ථක වීම සිදුවෙනවා. රැකියා කරන අයටද බොහෝ සුබයි.
ගෘහ ජිවිතය තුල සතුට ලැබෙනවා. මංගල යෝග ඇතිවෙනවා. නැවති තිබු ඥාති මිතුරුකම් ඇතිවෙනවා. නව ඥාති හිතවත්කම් ගොඩ නැගෙනවා. පවුලේ අය හා ඥාතින් සමග වෙනදාට වඩා සහයෝගයෙන් සහ සතුටින් ගතකිරිමට හැකියාව ලැබෙනවා
සෞඛ්‍ය තත්වෙය් ජලය ආශ්‍රිතව ගොඩනැගෙන රෝගාබාධ වලින් පරිස්සම් වන්න.


● මීන
ඉතාම හොද සතියකි.
අලුත් ආයෝජන අවස්ථා ඔබට හිමි වෙනවා. කරන කියන කටයුතු සාර්ථක වෙනවා. ව්‍යාපාරික කටයුතු වල අයට බැංකු ණය ආදි අතහිත ලැබෙනවා, මේ අනුව හොද සතියක්.
මීන ලග්නයේ ගෘහණියන්ට/කාන්තාවන්ට රන් ආභරණ, ආයිත්තම් ආදිය ලැබෙනවා. ඒ වාසනාව පවතිනව. කාන්තාවන්ට ඉතාම සුභ සතියක් මේ සතිය.
ගෘහ ජිවිතයද  ඉතාම හොදයි. ආර්ථිකය සමග ඉතා ඉහල තැනක ඔබ සිටිනවා. ඔබ ගැන සොයා නොබැලු ඥාතින් ඔබ ගැන සොයා බැලීමට පුලුවන්. මංගල යෝග උදා වෙනවා. පෙම් සබදතා සඵල වෙනවා. හොදයි.
පපුවේ සෙම, ඒ නිසා හටගන්නා ඇගපත වේදනාව ඇතිවිය හැකියි. ආරක්ෂා වන්න.


-
* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

No comments:

Post a Comment