Monday, January 11, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් - 02

ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.


01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
(https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1266788290004914/?type=)
02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද  ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් අයෙක්ද යන්න කේන්දරය අනුව අප බලමු.

( විශේෂයෙන් කිව යුත්තේ මෙම යොදන සියලු කරුණු පොදු ඒවා බවයි. මෙම තත්වයන් සැබෑවටම ඇතිවන්නට නම්, අදාල ලෙස පිහිටා තිබිය යුතු අතර, කේන්දරයේ පිහිටා ඇති අංශකයන්, ග්‍රහ දෘෂ්ටි, නැකැත්, නවාංශකය යනාදි බොහෝ කරුණු මත එය තීරණය වනු ලබයි.)

02 ) උගත් බව

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නාධිපතියා 5 වැන්නේ නම්, 7 වැන්න සහ 5 වැන්න පරිවර්ථනය වී ඇත්නම් ඔහුට හෝ ඇයට ඉතාම බුද්ධිමත් සහකරුවෙක්/සහකාරියක් ලැබේ.
නමුත් සමහර වෙලාවට එම සහකරු/සහකාරිය ඉතාම සූක්ෂම සහ තීක්ෂණ බුද්ධියකින් හෙබීය.  මෙවැනි අයට නියපොතු වලත් මොළය ඇතැයි පැරැන්නෝ කියති.

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නාධිපතියා ශුභයෙක් වී ඔහුට ගුරුගේ පූර්ණ දෘෂ්ටි වැටේ නම්, ඔහු/ඇයට සත්කලත්‍ර යෝග යෙදෙනවා මෙන්ම අධ්‍යාපන මට්ටමෙන් ඉතා අනූන, ප්‍රඥාවත් සහකරු/සහකාරියක් ලැබීමට නිසර්ඟ හේතුවකි.

● එසේම කන්‍යා - මිථුන ලග්න වල උප්පත්තිය ලබා, බුධ ග්‍රහයා ගුරු සමග සුභ දෘෂ්ටි හෙලීමද, එකට සංයෝග වී සිටිමද බුද්ධිමත් සහකරුවන්/සහකාරියන් ලැබීමට හේතුවකි.

● තවත් පර්යේෂණාත්මකව විශේෂිතව අත්දැකීමෙන් දත් කාරණාවක් නම්, විවාහ අපේක්ෂිත වයසේදී බුධ හෝ ගුරුගේ මහ දසා ගතවීම බුද්ධිමත් සහකරුවෙක්/සහකාරියක් ලැබෙන තවත් විශේෂිත අවස්ථාවකි.


- සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී  අයෙක්ද යන්න ඊලග ලිපියෙන් බලමු.


- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !

No comments:

Post a Comment