Tuesday, January 5, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් ! - 01

දිගු නිහැඬියාවකට පසු ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.


01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද  ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය රූපසම්පන්න අයෙක්ද යන්න කේන්දරය අනුව අප බලමු.

(* විශේෂයෙන් කිව යුත්තේ මෙම යොදන සියලු කරුණු පොදු ඒවා බවයි. මෙම තත්වයන් සැබෑවටම ඇතිවන්නට නම්, අදාල ලෙස පිහිටා තිබිය යුතු අතර, කේන්දරයේ පිහිටා ඇති අංශකයන්, ග්‍රහ දෘෂ්ටි, නැකැත්, නවාංශකය යනාදි බොහෝ කරුණු මත එය තීරණය වනු ලබයි.)

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක, 7 වැන්නාධිපතියා ශුභයෙක් වී, ගුරු/බ්‍රහස්පතිගේ හෝ සිකුරු/ශුක්‍රගේ දෘෂ්ටියක් ලබයි නම්, ඔහු/ඇයගේ සහකරු/සහකාරිය මනා කඩවසම් - රූපසම්පත්තිය ඇති පුද්ගලයෙකු බව පෙන්වයි.

● යම්කිසි ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නේ ශනි/සෙනසුරු තැන්පත් නම් ඔහු/ඇයට ලැබෙනුයේ, තරමක වයස් පරතරයක් ඇති ධනවත් අයෙකි. - මෙහිදී ශනිගේ බලය ඉතාම වැදගත් වන අතර, ශනි උච්ච නම් බොහෝදුරට එසේම සිදුවේ.

● ජන්ම පත්‍රයේ බුධ 7 වැන්නේ නම්, 7 වැන්නට සුභ දෘෂ්ටි වැටේ නම්, ඔහුට හෝ ඇයට ලැබෙන්නේ හුරුබුහුටි ගතිගුණ ඇති, මිහිරි තෙපුල් ඇති කෙනෙකි.

● යම් ජන්ම පත්‍රයක පුරසඳු බලවත්ව 7 වැන්නේ නම් මනා පිරුණු දේහයක් ඇති රූමත් සහකරුවෙකු හෝ සහකාරියක් ලබයි.


- සහකරු/සහකාරිය උගත්-බුද්ධිමත් අයෙක්ද යන්න ඊලග ලිපියකින් බලමු.


- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !

No comments:

Post a Comment