Wednesday, January 27, 2016

කුම්භ ලග්නය

ලග්න රාශි වළල්ලේ 11 වන රාශියයි.

Youtube _ https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

{ පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය }

මේ කුම්භ ලග්නය සම්බන්ධව සමාජය තුල විවිධ මතිමතාන්තර පවති. නමුත් සමහර ඒවා ඉතාම සාවද්‍ය සහ මිත්‍යාවන්ය. කුම්භ රාශියත්, කටක රාශියත්, මීන රාශියත් යන ත්‍රිත්වය පොදුවේ බැලූ කල දාර්ශනික එසේම ගැඹුරු දේ සොයන පුද්ගලයන්ට පිහිටන ලග්න වෙති.

* මේ කුම්භ රාශිය දුකට අධිපති ශනිගේ දිවා බල රාශියයි. එසේම වායු රාශියක් වශයෙන් නම් කල හැක. කුම්භ ලග්නයේ අධිපති ශනි බැවින්, කුම්භ ලග්නකරුවන්ගේ ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔවුන් කොතෙක් සැප සම්පත් තිබුනත් එම සැප සම්පත් වලට වහල් නොවි ගිජු නොවී, තමාගේ උත්සාහයෙන් සහ වීර්යයෙන් කටයුතු කිරිමයි. සමහරවිට මෙය සමාජයට සැපට දුක් විඳීමක් වශයෙන් පෙනීමටද පුලුවන.

● විශේෂයෙන්ම කුම්භ ලග්නයෙන් උපන් අය, බොහෝ මහන්සි වී දුක් විඳ මුදල් හදල් උපයා ගනිති.
එසේම මෙම ලග්නයෙන් උපන් අයට මනා සකසුරුවම්කමක් පවති. එසේම ලෝකයට අනුකම්පා කරන, පීඩිත පන්තිය වෙනුවෙන් නැගී සිටින අය මෙම ලග්න වලින් බිහි වේ. (වීඅයි ලෙනින් සහ කාල් මාක්ස්)
අපේ අත්දැකීම් වලට අනුව, වෘත්තිය සමිති වල අවංකවම කටයුතු කරන එම නිලධාරින්, එසේම සේවකයන්ට ඉතාම හොදින් සලකන කර්මාන්තශාලා හිමියන්, විශේෂයෙන්ම සිල්වත් බෝධිසත්ව ගුණෝපේත භික්ෂූන්වහන්සේලා මේ ලග්නයෙන් උපන්නෝ වෙති. එයට අප ලග පර්යේෂණාත්මක සාක්ෂි ඇත.

● සමාජයට ඉතාම අනුකම්පාවක් දක්වයි.
කෙතරම් මුදල් හදල් යාන වාහන තිබුනත්, අන් අයට පෙන්වන්නේ නැත. තමාගේ අල්පේශාක්‍ය ජිවිතය උසස් යැයි ඒ අය සිතයි. මොවුන් තුල වටිනා මානුෂීය ගුණාංග බොහෝ ඇත. එසේම කුම්භ ලග්නයේ උපන් අයට සාමකාමි ජිවිතයක් බොහෝදුරට හිමිවිය හැක. මන්ද 4 වැන්නාධිපතියා සිකුරු බැවින්. ඔහු 9 වැන්න සහ 4 වැන්න නියෝජනය කරයි. සිකුරු ග්‍රහයා කුම්භ ලග්නයට ඉතාම යෝගකාරක ග්‍රහයා වෙයි. සිකුරු සහ ශනි අධිමිත්‍ර ග්‍රහයන් වෙති.  සිකුරුගේ බලවත් වීම කුම්භ ලග්න කරුවන්ට උසස් ජිවිතයක් ගතවිමට බොහෝ හේතු වෙයි.
* රවි ග්‍රහයාද වැදගත් ග්‍රහයෙකි. රවිගේ බලවත් වීම මත කුම්භ ලග්න කරුවාට ලැබෙන සහකරු හෝ සහකාරිය තීරණය වෙයි.

● කුම්භ ලග්නයේ උපන් අයට විශේෂයෙන්ම අපගේ අත්දැකීම් අනුව උසස් පෙලේ රැකියා කටයුතු ලැබීමේ හොද අවස්ථාවක් පවති. අපගේ ලග්න විස්තරය මීන ලග්නයෙන් අවසන් වනවා, අප මේ සදහන් කරන සියලු කරුණු පොදු කාරණාය. කේන්දරයෙන් කේන්දරයට වෙනස් වීමට හැකියාව ඇත.
මන්ද කුම්භ ලග්නයේ 10 වැන්න නියෝජනය කරන්නේ අඟහරු/කුජ ග්‍රහයාය. එනිසා කුම්භ අයට තාක්ෂණික ශිල්පයන්, එසේම මෝටර් කාර්මික එසේම ගගන යාත්‍රා නියමුවන්, එහි කාර්මිකයන් එසේම නාවුක ශිල්පීන්, නැවියන්, හමුදාවේ ඉහල නිලධාරින් සිට පහල දක්වා, පොලිස් සේවය, බන්ධනාගාරය, නීතිඥ ධූර ආදි බොහෝ කටයුතු වල කුම්භ ලග්න කරුවන් පෙරමුණ ගෙන සිටි.
උසස් පැවිදි යතිවරුන් කුම්භ ලග්නයෙන් උපන් අය වෙති. ලෝකෝත්තර දර්ශන වැඩිමේ අනුහස් නිසා, උතුම් වූ පැවිදි දිවියද කුම්භ ලග්නකරුවන්ට ඉතාම හොදය.

● කුම්භ ලග්න හිමියන්ගේ චිත්ත ස්වභාවය සාමාන්‍යයෙන් දැඩිය.
ඔවුන් අනුකම්පාව, මානුෂීය ගති ඇතත්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද දැඩිය.
ආදරය, ප්‍රේමය යන මාතෘකා වලදි පොඩි දරුවන් සේ හැසිරේ. එනම් ඉතාම සංවේදි, රැකවරණයක් ඔවුන් අපේක්ෂා කරයි. ඒ පිරිමි පාර්ශවයයි.
නමුත් කුම්භ ලග්න කාන්තාවන් ඉතාම රළු පරළු ලෙස ආදරය ගැන තීරණ ගනි. ඔවුන්ගේ ශරීරද පිරිමින් මෙන් දැඩි ගතියක් ගනී. කුම්භ ලග්න කරුවන්ට ආදරය කරනවා නම් ඉතාම විමසිල්ලෙන් කල යුතුයි.
● මන්ද එසේ නැති වුවොත් යම් වෙලාවක ගැටළු සහගත තත්ව ඇතිවිමට පුලුවන්. මන්ද කුම්භ ලග්නයෙන් උපන් අයට 7 වැන්නාධිපතියා වන්නේ රවි ග්‍රහයාය.
කුම්භ ලග්නකරුවන් වෙන ලග්නකරුවන් මෙන් නොව විවාහයෙදි කායික මානසික ගැලපීම සම්බන්ධව දැඩි ලෙස සොයා බැලිය යුතුය.

● කුම්භ ලග්නකරුවන්ගේ ශාරිරික අවයව අන් අයට සාපේක්ෂව වෙනස්ය. ඔවුන්ට ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම විශාල ලිංගික අවයව පිහිටයි.
● විශේෂයෙන්ම කාන්තාවන්ට එම තත්වයන් බලපානවා සේම, පිරිමි අයට සෙනසුරු ලග්නයේ 3 වැන්නේ 7 වැන්නේ සිට බලපෑම් කරන්නේ නම් දැඩි තරමක් විශාල පුරුෂ ලිංගයක් හිමි වේ. මේවා විවාහ ජිවිත වලදි යම් ගැටළු සහගත තත්වය මතුවිමට යම් හේතු විය හැක.
* එනිසා කායික ගැලපීම සහ මානසික ගැලපීම ඉතාම අත්‍යාවශ්‍යයි සාර්ථක විවාහ ජිවිතයකට. ්‍

● කුම්භ ලග්නයෙන් උපන් අයට පරම්පරාවෙන් එන නිදන්ගත රෝග වැලදීමේ හැකියාවක් ඇත. ඒවායින් ආරක්ෂා වන්න. විශේෂයෙන්ම පාද වල වේදනා, වළලුකර වේදනා ඇතිවිමට හේතුයි. ආරක්ෂා වන්න.
කුම්භ ලග්න කරුවන්ට ශනි උච්ච, ස්වක්ෂෙත්‍ර හෝ මිත්‍ර බලයෙන් බලවත්ව 9 වැන්නාධිපති සිකුරු සහ බුධ බලවත්ව යම් බලවත් තැනක විරාජමානව සිටි නම් ඔවුන් සැබවින්ම අවුරුදු 90 ඉක්මවා ජිවත් වෙති.

● කුම්භ ලග්නකරුවන් යම් ව්‍යසනයකට හසුවන්නේ කලාතුරකිනි. ඒත් දුර්වලම ග්‍රහචාරයක් තිබුනොත් පමණි. ඔවුන්ට දරා ගැනීමේ සහ විඳදරා ප්‍රබල හැකියාවක් ඇත.

_ දුර්වලතා _

බොහෝවිට මුළුගැන්වෙන ස්වභාවය ලග්නයට ආවේණික වූ කම්මැලිකම ඇත. එසේම බොහෝ වෙලාවට කටට එන දේ කෙලින්ම කියයි.
වුවමනාවට වඩා පරිස්සම් කිරීමට ගොස් තමන්ට දේවල් නැතිවීමට ඉඩ වැඩිය. සියලුම දත් කෙනෙකුසේ හැසිරේ.

* කුම්භ ලග්නයට ශුභ දින - බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදය, ඉරිදා දිනයද ශුභයි.

* ශුභ මාණික්‍ය - පද්මරාග, මරකත පච්ච සහ සුදු නිල්

* ශුභ දිශාව - බස්නාහිර

* ශුභ අංක - 1, 3, 5, 6

* ශුභ වර්ණ - තැඹිලි, කොළ සහ ලා නිල් යන වර්ණයන්.


පොදුවේ ගත්කල කුම්භ ලග්න කරුවන් විශිෂ්ට තත්වයට පත්වු අය බවට සාක්ෂි ඇත. ලෝක දේශපාලනයෙදි ලෙනින් සහ කාල් මාක්ස් වැනි අයද සුපිරි ක්‍රීඩකයන් අතර සනත් ජයසුරිය වැනි අයද සිටිති. ඔවුන් විටෙක අප රට ජාත්‍යන්තරයට ගෙනගොස් ඇත.
කුම්භ ලග්න අය මේ තත්ව තේරුම් ගෙන සුභ තත්වයන් වැඩි කරගෙන දියුණු වන්නට ඉල්ලා සිටිමු.

අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකා ද්විපයේ ලග්නයද කුම්භ ලග්නයයි !

No comments:

Post a Comment