Friday, January 29, 2016

රාහු - කේතු මාරුව ලග්න 12ට - (2016 ජන.30 සිට වසර 1 මාස 6කට)



* මෙය පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

මේෂ
රාහු 5 වැන්නටද, කේතු 11 වැන්නටද පැමිණේ.
ඉතාම ශුභයි.
හදිසි ධනලාභ, හදිසි ලොතරැයි වාසනා ආදිය ඇතිවිය හැකියි. පවුලේ ඉදිරියට ඉහලම තැනකට පැමිණීමට මේෂ ලග්න කරුවන්ට පුලුවන්. ඒරාෂ්ඨක තත්වයක් පැවතියද පොදුවේ යහපත් කාලයක් ලෙස රාහු-කේතු මාරුව සමග තත්වය සලකා බැලිය හැකියි.

● වෘෂභ
රාහු 4 වැන්නටද, කේතු 10 වැන්නටද පැමිණේ.
සමඵලයි.
නිවසින් බැහැරව සිටිමට ඔබට සිදු වෙනවා, සැහෙන කාලයක්. විදේශ රැකියා වලට උනන්දු වන අයට නම් මෙය සුභ පල සහිත කාලයකි. මේ හේතුව නිසා එම කටයුතුත් සීග්‍රගාමි වෙනවා. පවුලේ හිතවතුන් ඥාතින් සමග ඉතාම ප්‍රවේසමනේ කටයුතු කල යුතු කාලයකි මේ කාලය. එසේ නොවුනොත් ඔවුන් තමන් සමග අමනාප විමට පවා ඉඩ තියෙනවා. ඒ ගැන කල්පනාකාරිව සිටිය යුතුය.


● මිථුන
රාහු 3 වැන්නටද, කේතු 9 වැන්නටද පැමිණේ.
ඉතාම හොද කාලයකි.
ඔබටද විදේශ රැකියා ලැබෙනවා. කලක් තිස්සේ බලාගෙන සිටි දෙයක් ඔබට හිමි වෙනවා. එසේම හදිසි ධනලාභ, ලොතරැයි ලාභ ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වලින් ඉහලට යෑමේ හැකියාවක්ද මේ කාලයේ ඇති වෙනවා.


● කටක
රාහු 2 වැන්නටද, කේතු 8 වැන්නටද පැමිණේ.
සමඵලයි.
ඉතාම දැඩි විදියට කැපවෙන බවක් නම් පේනවා. අනවශ්‍ය විදියට මහන්සිය, අනවශ්‍ය කලබල වීම් මේ කාලයේ ඔබගෙන් දක්නට ලැබෙන කරුණු කාරණාය. අනවශ්‍ය කලබලය නැති කරගන්න. කෝපාවිෂ්ඨ වීම, එසේම විමසා නොබලා කටයුතු කිරිම ඔබට ඇතිවන අවාසි සහගත තත්වයන්ය.



● සිංහ
රාහු 1 වැන්නටද, කේතු 7 වැන්නටද පැමිණේ.
සමඵලයි
වෙන කාල වලට වැඩිය ඔබ කාර්යබහුල වන කාලයකි. අනවශ්‍ය ආකාරයට කලබලවිම් ඇති නොකරගත යුතුයි. විදේශ රැකියා බලාපොරොත්තු වනවා නම්, ඒ අවස්ථාවන් ලැබෙනවා. එසේම රැකියා වලට කැඳවිම් ලැබෙනවා. ඔබ වෙනදාට වැඩිය ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා.


● කන්‍යා
රාහු 12 වැන්නටද, කේතු 6 වැන්නටද පැමිණේ.
එතරම් ශුභ නැත.
විශේෂයෙන්ම ඔබ ඉන්නා තැනින් තවත් පල්ලෙහාට වැටිමක් වැනි දෙයක් මේ කාලයෙදි සිදු වෙනවා. 12 වැන්නට පැමිණීමෙන් සමාජ තත්වය තව තවත් පිරෙිහෙන ලක්ෂන පේනවා. එසේම මේ කාලයේ කල යුත්තේ සද්ද නොකර වැඩිපුර කිසිම කෙනෙක් සමග දබර නොවි පාඩුවේ සිටිමයි. එවන් තත්වයක් ඇති කරගත්තොත් එය මානසික තත්වයට හොදයි.

● තුලා
රාහු 11 වැන්නටද, කේතු 5 වැන්නටද පැමිණේ.
ඉතාම හොඳයි.
හදිසි ධනලාභ, ධන වාසනාව, සමාජයේ තමන්ගේ නම බැබලීම, කටයුතු වල දියුණුව, ශුභ තත්වය මේ යනාදි සියලු සුබ පල ලැබේ. පවුලේ තත්වය දියුණු වේ. නව නිවාස, ඉඩකඩම් මිලදී ගැනිම කරන්නට පුලුවන්, භූමියෙන් ලැබෙන දේවල් වලට විශේෂයෙන්ම මැණික් හා ඒ අදාල දේ ලැබිමට ප්‍රබල වාසනාවක්ද මේ අතර පවතිනවා.


● වෘශ්චික
රාහු 10 වැන්නටද, කේතු 4 වැන්නටද පැමිණේ.
ඉතාම හොඳයි.
රැකියාවේ ඉහලට යෑම, ප්‍රසිද්ධ විම ඇතිවෙනවා. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට හොදයි. විදෙස්ගත අයටද හොදයි. උපතෙදි 10 වැන්න පාප පීඩිත නොවි නම් මේ මාරුවෙන් ඉතාම විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව කිව යුතුයි. කෙසේ වෙතත් ඔබ ආයතන ප්‍රධානින් හෝ ව්‍යාපාර වල නියුතු ඔබ කොටස්කරුවන්, ගනුදෙනු කරුවන් හා ආරවුල් නොකර සිටින්නේ නම් තවත් හොදයි.


● ධනු
රාහු 9 වැන්නටද, කේතු 3 වැන්නටද පැමිණේ.
සමඵලයි.
කෙසේ වෙතත් විදේශ රැකියා බලාපෙරොත්තු වන ඔබගේ ඒ කටයුතු සාර්ථක වෙනවා. කුඩා දරුවන්ගේ දෙමාපියන්ට හොද නැහැ. රාහු 9ට පැමිණිමෙන් දරුණු අපල ඇතිවිය හැකියි. වෙනදාටත් වඩා ආගම දහමට නැඹුරුවිය යුතුයි, වෙනම ලෝකයක කරදර කලබල නැතිව කටයුතු කරන්නට ජිවන තත්වය වෙනස් කරගන්නට කටයුතු කරන්න - කෙසේ වෙතත් සියලු යහපත ඇති කරගැනිමට වාසනාවද මේ අතර තියෙනවා.


● මකර
රාහු  8 වැන්නටද, කේතු 2 වැන්නටද පැමිණේ.
එතරම් හොද නැහැ.
උෂ්ණාධික රෝග, ඇපන්ඩිටයිටිස් වැනි රෝග, බඩේ අමාරු, මුත්‍රා අමාරු ඇතිවිය හැකි. එසේම ඔබ සභ්‍ය නොවන දෙයට යොමුවිමටත් විවාහක ඔබ අනියම් සබදතා වලට පත්විමට හා ඒවායින් පීඩා විදියට කටයුතු කල යුතුයි, ආරක්ෂා වන්න.


● කුම්භ
රාහු 7 වැන්නටද, කේතු 1 වැන්නටද පැමිණේ.
සමඵලයි.
7 වැන්නෙ රාහු තැන්පත් වීම නිසා විශේෂ වශයෙන්, හවුල් ව්‍යාපාර කරන ඔබ විශේෂ අවධානයකින් සිටිය යුතුයි. ඔබගේ අතපසුවිම් වලින් අනිත් අය ඔබ ගැන අප්‍රසාදයට පත්විය හැකියි. එසේම විදේශ රටකට යාමේ හැකියාව පවතිනවා. විවාහ ජිවිත ගත කරන අය හොදින් ආරක්ෂා වන්නට කටයුතු කරගත යුතුයි, නැතහොත් ඔබට කරදර ඇතිවිය හැකියි, පවුල රැකගැනිම සහ අනියම් සබදතා ඇත්නම් ඒවා නවතා දමා පවුල දියුණු කරගැනිමටත් ඔබ උනන්දු විය යුතුය.


● මීන
රාහු 6 වැන්නටද, කේතු 12 වැන්නටද පැමිණේ.
ඉතාම හොඳයි.
සතුරු කරදර මැඩ පවත්වාගෙන, හොඳ ගමනක් ඔබට හදා ගැනීමට පුලුවන්. එසේම ඔබගේ කටයුතු සාර්ථක කරගැනිමට ඒ ඔස්සේ පුලුවන්. කිසිම කරදරයක් උපද්‍රවයක් නැහැ. මේ කාල වකවානුව ඉතාම යහපත් ඔබට. සතුරන් මිතුරු කරගැනිමටත්, මිතුරුකම් වැඩි දියුණු කරගැනිමටත් පුලුවන් කාලයකි. දේශපාලනයේ ප්‍රබල පුටු හොබවන දේශපාලකයන්ට තමන්ට විරුද්ධ මත දැරු අය තමා සමග මිතුරු වනවා.
ජයෙන් ජයයි රහු - කේතු මාරුවනේ.

No comments:

Post a Comment