Sunday, November 22, 2015

උත්සහය නිශ්ඵල වුවද අවමානයක් නොවන්නේය !

“ශ්‍රී කාන්තා තොමෝ උදක් උත්සාහවන්තයා කෙරෙහිම එළඹෙන්නීය, දෛව පිළිබඳ චේතනාව අත්හැර දමා උට්ඨාන වීර්යයෙන් යුක්තව උත්සාහවත් වන කල්හිම ඉෂ්ඨාර්ථ සංසිද්ධිය වන්නේය...
උත්සාහය නිශ්පල වුවද අවමානයක් නොවන හෙයිනි “..
- පංච තන්ත්‍රය

මේ කියමන කොයිතරම් සත්‍යයද කියල තේරෙන්න නම් ජිවිතේ යම් අත්දැකීම් ප්‍රමාණයක් තියෙන්න ඕන..

ඒවගේම මතක් වෙනවා Richest Man in Babylon/බැබිලෝනියාවේ ධනවත්ම මිනිසා කියන පොත ගැන.
ඒකෙ තියෙනවා,

“ වාසනාව උඩඟු දෙවඟනකි, - කම්මැලිව සිටින මහන්සි නොවන කිසිවෙකුට ඇය කිසිවක් දෙන්නේ නැත “ කියල...

ඉතින් මේ කියමන් 2ම එක්ක හිතුවම සෑහෙන්න ඇත්ත කියල හිතෙනව.. ජිවිත අත්දැකිම් අනුවම...

● තමන්ගෙ ජිවිතේට ඇති කරගන්න ඕන තත්වය ගැන කලින් හිතල, ඒ ගැන හොඳට කල්පනා කරලා ටික ටිකවත් ඒ වෙනුවෙන් ගමන යායුතුයි. එහෙම නැතිව රස්සාවක් ලැබෙන තුරු ඉන්නව නම්, කරන රස්සාවෙ පඩිය වැඩිවනකම් ඉන්න නම්, කරන කියන ව්‍යාපාරයේ ලොකු දියුණුවක් ඉබේ ඇතිවේවි කියල හිතාගෙන වැඩ කරනවා නම් එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.

● නිතරම තමන් අනාගතයේදි පත්විය යුතු තත්වය ගැන අවබෝධයෙන්, කල්පනාවෙන් වැඩ කරන්න. ඒවගේම ඒ ගැන හිතන්න, ඒ සිහිනය හිතේ මවාගත්තට ඒකෙන් සතුටු වෙලා නිවරදිව ඒ වෙනුවෙන් වැඩ කලාට කිසි වරදක් වෙන්නෙ නැහැ.
* එහෙම කරද්දි සමහරවිට මුල් වතාවල උත්සහයන් අසාර්ථක වේවි.. ඒත් ආයෙත් උත්සහ කරන්න... එතකොට කලින් වතාවෙ අත්දැකිම් එක්කම වඩා හොඳින් වැඩ කරගන්න පුලුවනි.


#හිතල බලන්න - #ඉරු

No comments:

Post a Comment