Tuesday, November 3, 2015

කුජ මාරුව ඔබට ?

ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා සිය මිත්‍ර රාශිය වන සිංහයේ සිට තම සතුරු රාශියක් වන කන්‍යා රාශියට පිවිසේ. ඒ මේ මස 3වන දින උදේ 8.10ටය. මාසයයි දෙසැ 24.
මෙම ග්‍රහමාරුවත් සමග ලග්න 12ට බලපාන පොදු පලාපල විස්තරයක් මෙසේය. 25 සිකුරු දෙසැ

● මේෂ
කුජගේ මාරුව සමඵලයි.
විශේෂයෙන්ම උදරාබාධ ඇතිවිමට හේතුයි. ආමාශගත වේදනා, හර්නියා වැනි රෝග තිබේ නම් ශල්‍යකර්ම ආදිය කිරිමට පවා හේතු යෙදීමට ඉඩ ඇත. පරිස්සම් වන්න.
සතුරන් පරාජය වී ඔවුන් මිතුරන් වන කාලයකි.
භූමි ලාභ ලැබේ. ඔබට ඒ අංශයෙන් සුභයි.


● වෘෂභ
5 වැන්නට කුජ පැමිණීම - ශුභයි.
තමාගේ ශිල්පීය ඥාන තත්ව දියුණු වීමට හේතුවකි. දරුවන් ලැබීමට සිටින මව්වරුන් ප්‍රවේසම් විය යුතු කාලයකි. තමාගේ සිතට ආවේගශීලි අදහස් පහල වේ. එසේම තමන්ට බලවත් කාමාශාවක් උපදින කාලයකි.
සුළු උදරාබාධ ආදිය ඇතිවිය හැක.


● මිථුන
කුජ 4 වැන්නට පැමිණීම - සමඵලයි.
තමා සිටින ස්ථාන වල යම් ගැටුම් ඇතිවිම් ආදියට ඉඩ ඇත. එසේම ගෘහ ජිවිතය තුල යම් ගැටළු ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. ඒ සම්බන්ධව කල්පනාකාරි විය යුතුය.
භූමි ලාභ ඒ අතර හිමි වීමට වාසනාවද තිබේ. තවද ඔබගේ කේන්දරයට අනුව පිට පලාත් වල ඉඩකඩම් ආදිය හිමි වීමේ හැකියාවද පවති.


● කටක
3 වැන්නට කුජ පැමිණීම - ශුභයි.
ආර්ථික වාසි හිමි වෙනවා.
තමාගේ බලය ප්‍රචලිත වෙන කාලයකි. දේශපාලනයේ නියුතු අයට ඉතාම හොද කාලයකි. එසේම කරන කියන දේවල් දියුණු වෙනවා. බලවත් සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා.


● සිංහ
2 වැන්නට කුජ පැමිණීම - එතරම් ශුභ නැත.
හදිසි තීරණ නිසා පාඩු සිදුවීමට පුලුවන්. එසේම වචනය භාවිතයේදි අන් අය සමග කතාවේදි ප්‍රවේසම් විය යුතුයි. ඔබට චිත්ත ධෛර්යය මැනවින් ලැබෙන කාලයකි. එය ඔබගේ දියුණුවට හේතුවක් කරගන්නට කටයුතු කරන්න. අලුත විවාහ වූ අය අඹුසැමි ගැටළු ඇතිවිමට ඉඩ නොදි ප්‍රශ්න නිරාකරණය කරගැනීමට කටයුතු කරන්න.


● කන්‍යා
1 වැන්නට කුජ පැමිණීම - ශුභ නැත.
කුජ මාරුව නිසා ඔබට විවිධ ගැටළු මතුවිමට පුලුවන්.
එසේම හිසට අනතුරු - තුවාල ආදිය ඇතිවිමටද ඉඩ තිබේ. කේන්ති අධික වන කාලයකි. යාන වාහන වල යන එන අය ඉතාම ආරක්ෂාකාරි විය යුතුයි. ඔබ ඉතාම ඉවසීමෙන් කටයුතු කල යුතුයි. ලේ විෂවීමේ රෝග, ආහාර අපත්‍ය වීම් ආදිය ඇතිවිය හැකි බුද්ධිමත් වන්න.


● තුලා
12 වැන්නට කුජ පැමිණීම - ශුභ නැත.
නොකල වැරදි වලට දඬුවම් ලැබීමටත්, අභූත චෝදනා අපවාද එල්ල වීමටත් ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි. කල්පනාකාරි විය යුතුයි, එසේම ඔබගේ ජිවිතය තුල පසුතැවිලි ඇති නොවන ලෙස මේ කාලයෙදි කටයුතු කරන්න. මේ මාස 1 හමාරක කාලය තුල ඔබගේ දේපල ඉඩකඩම් වාහන ආදියට පවා බලපෑම් - අහිමිවිම් විය හැකියි.
අඹුසැමි ප්‍රේමයටද බාධා එල්ල විය හැකියි, බුද්ධියෙන් කටයුතු කරන්න.


● වෘශ්චික
11 වැන්නට කුජ පැමිණිම - එතරම් නරක නැත.
භූමි ලාභ සැප සම්පත් ලැබෙනවා.
නමුත් ඔබට හිතවත්ව සිටි මිතුරෙකු ඔබගේ අඩුපාඩුවක් නිසා තරහ වීමට පුලුවන්. ඔබ පොලව ආශ්‍රිත කර්මාන්ත කරන, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදාම් කරන ක්ෂෙත්‍රයක නියුතු අයෙක් නම්, ඔබට මේ කුජ මාරුව නිසා එම කටයුතු වලින් බොහෝසේ ලාබ ලැබෙනවා.
තමාගේ ධෛර්යමත් සිතිවිලි වලින් ඔබට ඉදිරියේ කටයුතු කිරිමට පුලුවන්.


● ධනු
10 වැන්නට කුජ පැමිණීම - ඉතා ශුභයි.
ඔබට 10 වැන්නේ කුජ දිග්බල වීම ඉතාම ශුභයි. ඔබ කරන රැකියාව කුමක් වුවත් එහි ස්ථාවරත්වය සහ බලය ඔබ කරා නිතැතින්ම පැමිණෙනවා. ඔබගේ ව්‍යාපාර වස්තු හොදින්  රැකෙන කාලයකි.
භූමි ලාභ  වාහන මිලදී ගැනීමට ඉතා හොද කාලයකි. දේශපාලනය කරන අයටද ඉතාම හොදයි.
මේ කුජ මාරුව නිසා බොහෝවිට තමන්ට වාසනාවන්ත ජිවිතයක් ගත කිරිමට පුලුවන්.


● මකර
9 වැන්නට කුජ පැමිණීම - ශුභත් නැහැ, අශුභත් නැහැ.
ඔබගේ තීන්දු තීරණ වල යම්කිසි සැරපරුෂකම් ඇතිවිමට පුලුවන්. එනිසා වැඩිහිටියන් යම් ආකාරයකින් කණගාටුවිමට සහ මානසිකව පීඩා විදීමට පුලුවන් හෙයින්, ඒ ගැන කල්පනා කරගත යුතුයි.
තවද ඔබගේ කටයුතු වලට වැඩිහිටියන්ගේ මැදිහත් වීම ඔබට දැඩි මානසික පීඩාවක් ඇතිකිරිමටද ඉඩ තිබෙනවා.


● කුම්භ
8 වැන්නට කුජ පැමිණීම - එතරම් ශුභ නැත.
මේ තත්වය නිසා ඔබට බොහෝසෙයින්ම කරදර ඇතිවිමට ඉඩ ඇත.
රෝග - පීඩා ඇතිවිමට පුලුවන්, ලේ විෂවිමේ රෝග ඇතිවිමට පුලුවන්. එසේම යාන වාහන වල යන ඔබ ඉතාම ප්‍රවේසමෙන් ආරක්ෂාකාරිව කටයුතු කල යුතුයි.


● මීන
7 වැන්නට කුජ පැමිණීම - සමඵලයි.
ඔබගේ ධෛර්යය ඇතිවිමට හේතුවකි.
එසේම කුජ ග්‍රහයා 7 වැන්නේ සිටිමෙන් අනවශ්‍ය කේන්තිය ඇතිවිමට හැකියි. එසේම අඹුසැමියන් අතර, යම් වාද විවාද ඇතිවිමෙන් ඔවුනොවුන් අතර අසමගිය ඇතිවිමටද යම් අවදානමක් පවතින නිසා, මේ තත්වයන් හොදින් තේරුම් අරගෙන කටයුතු කිරිම මැනවි.

No comments:

Post a Comment