Thursday, November 5, 2015

සිකුරු මාරුව ලග්න 12ට


ග්‍රහ ලොව මනමාලිය වන සිකුරු/ශුක්‍ර ග්‍රහයා මේ මස 3වනදා සිංහ රාශියේ සිට කන්‍යා රාශියට පැමිණියේය.

තමාගේ නීච රාශියට වන කන්‍යාවෙදි ලග්න 12න් ඔබගේ ලග්නයට මොන විදියට පලාපල ලැබේවිද ?


● මේෂ
අශුභයි - සිකුරු 6ට පැමිණියේය.
ඔබගේ කේන්දරයේ නීච රාශිය වූ 6 වැන්නට සිකුරුගේ පැමිණිම එතරම් හොද නැහැ.
සතුරු කරදර ඔබට බලවත් වීමට ඉඩ ඇත. ලෙඩදුක් වැඩිවිමටද ඉඩ ඇත, විශේෂයි නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය තරමක් හෝ දුර්වල වීම නිසා අසනීප ඇතිවිය හැකියි. - බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න.


● වෘෂභ
ශුභයි - සිකුරු 5ට පැමිණියේය.
විශේෂයෙන්ම කලා කටයුතු වල නියුතු වන අයට නම් බොහෝ හොදයි. යම් නිර්මාණ අලුතින් කිරිමට පුලුවන් කාලයකි.
තමාගේ කාමාශාවද ඉතාම බලවත් වන කාලයකි, කාමුක සිතිවිලි වලින් පිරේ.
ප්‍රේම සබදතා වලට නම් තරමක අශුභ තත්වයක් මේ අතර පවති.


● මිථුන
ඉතාම ශුභයි - 4ට සිකුරුට පැමිණියේය.
නීච රාශිය වුවත් 4 වැන්නට දිග්බල බැවින්, ඔබට සැපසේ සිටිමට අවශ්‍ය කරන, ගෘහ උපකරණ ආදිය ලැබේ. කාන්තාවන්ට මෙය ශුභ ආරංචියක් !
භූමි ලාභ, වස්තු ලාභ හිමිවන කාලයකි. ඔබට ඉතාම හොඳයි. මංගල යෝජනා ඔබ කරා එන කාලයකි.


● කටක
 ඉතාම ශුභයි - සිකුරු 3ට පැමිණියේය.
තමා කීර්තිමත් පුද්ගලයෙක් බව අන් අය පිලිගනි, කීර්තිය පැතිරේ. මංගල යෝජනා පැමිණේ. ශරීරය වර්ණවත් වේ. තමා ගැන පිට අය ගුණ කියයි.
අලුත් ඥාති මිතුරුකම්, හිතවත්කම් ගොඩනැගෙන කාලයකි.


● සිංහ
ඉතාම ශුභයි - සිකුරු 2ට පැමිණියේය.
තමාගේ වචනයට අන් අය ගරු කරයි.
ඉතාම හොද කාලයකි. එසේම කරන කියන කටයුතු සාර්ථක වෙයි. විශේෂයෙන්ම සියලුම වෘත්තින් වල නියුතු ඔබට මෙම සිකුරුගේ මාරුව ඉතාම ශුභයි. තවද ඔබට බොහෝ වැදගත් අය ඇසුරු කිරීමේ වාසනාවද මේ අතර උදා වෙයි.


● කන්‍යා
ඉතාම හොඳයි - සිකුරු 1ට පැමිණියේය.
ලග්නයට පැමිණිම නිසා සමහරවිට සෙම් රෝග එහෙම අධික වීමට පුලුවන්.
කාමාශාව බලවත් වන කාලයකි. මේ කාලයෙදි තමාගේ වැඩ කටයුතු වලට දියුණුව ඇතිවෙනවා. තමා සමාජයට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙයි. ඉතාම හොද කාලයකි. රූප ශොභාවද වැඩිවන කාලයකි.


● තුලා
සමඵලයි - සිකුරු 12 ට පැමිණියේය.
සමහරවිට ඔබට අනවශ්‍ය ආකාරයට මුදල් වියපැහැදම් වීමේ ඉඩකඩක් පවති.
මෙනිසා ඔබ විටෙකදී මානසික පීඩාවන් වලට හසුවීමට ඉඩ ඇත. ඒ ගැන කල්පනාකාරි විය යුතුය. ඔබ ස්ත්‍රින් කරණකොටගෙන බොහෝ මුදල් නාස්ති කරගැනීමේ අවදානමක්ද පවති, කල්පනාකාරි වන්න.
වෙනත් අය වෙනුවෙන් අනවශ්‍ය මැදිහත් වීම්, ඇපවීම් මේ කාලයේ නොකර සිටිම වඩා හොදය.


● වෘශ්චික
ශුභයි - සිකුරු 11ට පැමිණියේය.
ආර්ථික වාසි ඇතිවිමට හේතුය.
උසස් සමාජයෙන් ඔබට ආධාර උපකාර ලැබේ. එසේම ඔබට යන එන තැන, ඔබට ඉහලම පිලිගැනිම හිමිවනු ඇත. ඉතා හොඳ කාලයකි. ඉහල පෙලේ මිතුරු මිතුරියන් ඇසුර ඔබට ඇතිවිය හැක. එසේම විදේශ රැකියා වල නියුතු ඔබටත් ඉතාම හොදයි.


● ධනු
ඉතාම ශුභයි - සිකුරු 10ට පැමිණියේය.
රැකියාවේ දියුණුව, ආර්ථික වාසි හිමි වේ. රැකියා කරන අයට ඉහල උසස්වීම්ද ව්‍යාපාරික වැඩ කටයුතු කරන අයට එහි දියුණුවද හිමි වේ. විදේශ වෙලදපල සමග ගනුදෙනු කරන අයටද ඉතා හොදයි. එසේම හැකියාව තුලින් තවත් ඔබට සමාජයක් හඳුනාගැනීමටද මේ කාලයෙදි පුලුවන.


● මකර
ඉතාම ශුභයි - සිකුරු 9ට පැමිණියේය.
පෙර පින පෑදෙන කාලයකි. ඔබගෙන් වැඩිහිටියන්ද ඉතාම ශුභයි. ඔබගේ කීර්ති නාමය පැතිරෙන කාලයකි. එසේම අලුත් අලංකරණයට අවශ්‍ය දෑ මිලදී ගැනිමට ලැබෙන කාලයකි. ඒ හැකියාවටද ආර්ථික වාසි හිමි වෙයි. උරුමහරුමකම් ලැබෙන ශුභ කාලයකි.


● කුම්භ
එතරම් ශුභ නැත, සිකුරු 8 වැන්නට පැමිණියේය.
ඇති ලෙඩ රෝග උත්සන්න වීමේ හැකියාවක් පවති.
යක්ෂ-ප්‍රේත උපද්‍රව වලට ලක්විමටත් ඉඩ ඇත. සතුරු කරදර වලට අවනත වීමටද අවදානමක් පවති. ඔබගේ මානසික තත්වය පිරිහීමටත්, ඒ අතරතුර අනියම් කම්සැප ලැබෙන්නටත් පුලුවන්. රහසිගත ප්‍රේම සබදතා ගොඩනැගෙන්නට පුලුවන්.


● මීන
ශුභයි - සිකුරු 7 වැන්නට පැමිණියේය.
හවුල් ව්‍යාපාර දියුණු වෙනව. සුබ කාලයකි.
රැකියා කරන, ව්‍යාපාර කරන අයටද ඉතාම හොදයි.
අලුත් මිත්‍ර සබදතා ගොඩනැගෙනවා. ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය හිමි වෙනවා. පෙම් සබදතා ගොඩ නැගනෙවා. කාමාශාව ඉතා බලවත් වනවා. බලගතු ලිංගික ශක්තියක් ඇතිවෙනවා. පෙම් සබදතා ස්ථිර වෙනව.

No comments:

Post a Comment