Monday, November 2, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 2 සිට

● මේෂ
සමඵල සතියකි.
මේ සතියේදි ආර්ථික වාසි ඔබට ලගාකරගැනීමට පුලුවන්. විශේෂයෙන්ම තමාගේ ව්‍යාපාරික කටයුතු වල නව්‍යකරණයක් දකින්ට ලැබෙනවා. එසේම ආර්ථික වාසි ඔබ නොසිතු ආකාරයට ලගාවිමට තිබෙනවා. නමුත් සතිය අගදී සිදුවන ග්‍රහචාරයේ යම් යම් තත්ව නිසා ඔබට ලැබුනු දේ සමහරවිට රැකගැනිමට නොහැකි වීමට පුලුවන්.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වෙනවා. මේ සතියෙදි පවුලේ අය සමග කාලය ගත කිරිමට රුචිකත්වයක් දක්වනවා වගේම සතිය මැදදී තමාගේ දුවාදරුවන් සමග ගත කිරිමට හෝ විනෝද වීමට හෝ ඔවුන්ගේ කටයුතු වලට මැදිහත් වීමට ඔබට සිදුවේවි.
සෞඛ්‍ය තත්වය, යහපත්ව පවතින නමුත් සදුගේ ගමන අනුව සෙම් රෝග සහ සතිය අගදි යටි බඩේ අජීර්ණ තත්ව ඇතිවීමට පුලුවන්.


● වෘෂභ
ශුභ සතියකි.
මේ සතියෙදි ඔබ බලාපොරොත්තු වන දියුණුව ඔබ කරා පැමිණෙනවා. අලුත් ව්‍යාපාර කටයුතු ඇරඹීමට ඉතාම ශුභයි. පිටපලාත් වල මෙන්ම විදෙස් රැකියා කරන අයටද මේ සතිය හොදයි. හදිසි ධනලාභ ලැබෙන මේ සතියෙදි ව්‍යාපාර කටයුතු වලට වාහන ගැනීමට පුලුවන්. භූමි ලාබද හිමි වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. අලුත් නෑදැ හිතමිත්‍රකම් ඇතිවෙනවා. මංගල යෝග ස්ථිර වෙන මේ සතියෙදි ඔබගේ නිවසට කාලයකින් නොපැමිණි ඥාතියෙකු හෝ හිතවතෙකු පැමිණිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සදුගේ ගමන අනුව සෙම සහ ජලයාශ්‍රිත බෝවන රෝග යම් හෙයකින් වැළදීමට පුලුවන්.


● මිථුන
ඉතාම ශුභ සතියකි.
මේ සතිය කලකට පසු ඔබට උදාවන සුභ සතියකි. ආර්ථික වාසි නිතැතින්ම ලගා වෙනවා. ඔබට හැකියාව අනුව බොහෝ ධනය උපයා ගැනීමට මේ සතියේදි පුලුවන්. ඔබේ දියුණුවට අතහිත ඔබ නොහිතූ ආකාරයට විවිධ පාර්ශව වලින් හිමි වෙනවා, මේ අතර භූමිලාභද වාහන ලාභද ගැනීමට මේ සතියෙදි සිත් පහල වෙනවා. ඒවා බොහෝවිට සාර්ථක වේ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. සහකාර බන්ධනය ඉතාම තදින් අවශ්‍ය වන කාලයකි. අලුත විවාපත් වූවන්ගේ දරු සම්පත් ගැන බලාපොරොත්තු ඉෂ්ට වීමට පුලුවන්. මංගල යෝග උදා වන මේ සතියේදි තමාගේ වැඩිහිටියන්ගෙන් ඉටුවීමට ඇති යුතුකම් ඔබට ඉෂ්ට වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. සදුගේ ගමන අනුව, පපුවේ සෙම අමාරු ආරක්ෂා වන්න.


● කටක
ඉතාම ශුභ සතියක්.
මේ සතියෙදි ආරම්භ වී මුල් පැය කීපයකින් ලග්නාධිපති ලග්නයේ බලවත් වීමෙන් ඔබට කුලීර යෝගය යෙදෙනවා. මේ හේතුව නිසා ආර්ථික වාසි නිරතුරුවම ඔබට ලැබෙනවා. උත්සාහයෙන් මහන්සියෙන් හම්බ කරන අයට අතමිට පිරෙන කාලයක්. ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. ඒ සදහා ඔබට වැඩිහිටියන්, හිතවතුන්ගෙන් උදව් උපකාර සහ මග පෙන්වීම ලැබෙනවා. මග පෙන්වීම කියන්නේ සමහර වෙලාවට මුදලට වඩා වටින දෙයක්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මංගල යෝග උදා වෙනවා. ප්‍රේම සබදතා සඵල වෙනවා. නිවසට අමුත්තන් එන කාලයක්. මුළු නිවසම ප්‍රිය සම්භාෂණයක සිරිය ගන්නවා. විශේෂයෙන්ම ඔබට කාන්තා පාර්ශවයේ නෑදෑ හිතවතුන්, යෙහෙලියන් ඔබට ලංවන කාලයක්.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. උගුරේ සෙම, සෙම් ගෙඩි වලින් ආරක්ෂා වන්න. මේ දිනවල ඇති අයහපත් කාලගුණ තත්වයන් වලින් ඔබ ආරක්ෂා වන්න.



● සිංහ
මේ සතිය සමඵලයි.
සමඵලයි කිව්වට, ඒ තරම්ම නරක නැහැ. ඔබට තියෙන්නේ සතියේ මුල් දවස් 2- 2හමාර කාලය තුල ඔබගේ ආර්ථික තත්වය ආරක්ෂා කරගැනිමට, ණය දීම, ගැනීම හොද නැහැ. ගිවිසුම් වලට එළඹීමට දෙවරක් නොසිතා කිරිම සුදුසු නෑ. අන් අයට උදව් කිරිමෙදි පරිස්සම් වන්න. සතිය අගදි ඔබ ජයග්‍රහණය කරනවා. නව ව්‍යාපාර ඇරඹීමට සුභයි. ඔබගේ කීර්ති නාමය පැතිරේ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. අඹුසැමි ප්‍රේමය දළුලනවා. සහකාර සම්බන්ධය ඉතාම උවමනා වෙනවා. ඔබගේ නිවස තුල එක ලග්නයකට කීවා මෙන් ප්‍රීති උත්සවයක සිරිය ගන්නවා, ඔබත් සතුටින් සිටින්නේ, සතිය අගදී ඥාතින් නිවසට පැමිණෙන්ට පුලුවන් - ප්‍රීතිමත් සතියකි.
සෞඛ්‍ය තත්වය දෙපා වල වේදනාව, සහ හිස කැක්කුම ඇතිවිමට පුලුවන්.


● කන්‍යා
සමඵලයි.
ඔබට ආර්ථික තත්වය මේ සතියෙදි විචල්‍යයි. ලැබෙනවා ආයෙ අතඇරෙනවා, ඒවගේ. ඔබ හම්බ කරන දේ, ආරක්ෂා කරගැනිමට ඔබ උනන්දු විය යුතුයි. ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් නම්, හොර මැරකම් සහ වංචා දූෂණ නිසා ඔබගේ ව්‍යාපාරික කටයුතු පාඩුවීමට පුලුවන්. රැකියා කරන අයගේ, වගකීම් පැහැර හැරීමෙන් ඔබට අවාසි සහ දෝෂාරෝපණ එල්ල විය හැකියි. එය ආර්ථිකයට බලපාවි.
ගෘහ ජිවිතය සමඵලයි. විශේෂයෙන්ම මේ සතියේදි ඉතාම කාර්ය බහුල නිසා නිවසේ රැදී සිටිම අඩුයි. මේ නිසා අඹුසැමියන් අතර යම් විරසකයන් ඇතිවිමට පුලුවන්. පෙම් සබදතා වල යම් පළුදු ඇතිවිමට පුලුවන්. ඉවසීමෙන් කටයුතු කල යුතුයි.
ඇඟපත අමාරු, මානසික ආතතිය සෞඛ්‍ය ගැටළු ලෙස හැදින්විය හැක.


● තුලා
මේ සතිය සමඵලයි.
ආර්ථික තත්වය - සතියේ මුල් දින කීපයෙදි ඉතාම හොදයි. ඔබට ලැබෙනවා, ඔබ අලුත් ආදායම් මාර්ග හඹා යනවා. රැකියා කරන අයටත්, විදේශ රැකියා කරන අයටත් මේ තත්වය ඉතා හොදයි. ව්‍යාපාර කටයුතු වල නව්‍යකරණයක් දක්නට පුලුවන්. ඒවගේම පිට පලාත් වල දේපල ඉඩකඩම් මිලදී ගැනීමටත් පුලුවන්. නමුත් සතිය අගදි දින 2 හමාරක කාලයකට වියදම ඉතාම ඉහල යාමට පුලුවන්, ඒ තුල ණය තුරුස් වලට හිරවිම සහ අහුවීම දක්නට ලැබිය හැකියි, පරිස්සම් විය යුුතුයි.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. නමුත් කාර්ය බහුල කාලයක් තිබුනත්, ඔබ ටයිම් මැනේජ්මන්ට් එකකින් නිවසේ සිටිමට කාලයක් හොයා ගනීවි. ඔබට ප්‍රීතිමත් ආරංචි මේ සතියෙදි ලැබෙනවා. සතිය අගදී දුරබැහැර ගමනක් යෙදේවි. පෙම් සබදතා ආරක්ෂා කරගන්න.
ප්‍රබල ගැටළු නැ සෞඛ්‍ය තත්වයේ, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● වෘශ්චික
ඉතාම හොද සතියකි.
මේ සතියේදි ඔබට ආර්ථික වාසි සහ විවිධ ප්‍රතිලාභ ලැබෙන්නේ පෙර පිනකට වගේ. ඒ තුල ඔබ ස්ථාවර විමට උත්සහ ගනිවි. ආර්ථික වාසි හිමි වෙනවා, පිට පලාත් වල කරන ව්‍යාපාරික කටයුතු ඉතාම හොද වෙනවා. සමහරවිට ඔබට ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය අලුත් උපකරණ හෝ යාන වාහන මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. හොද සතියක්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා, වැඩිහිටියන් සමග කාලය ගත කිරිමට ඔබ ඉතාම කැමැත්ත දක්වනවා. ඔවුන්ටද හොදින් සැලකීමට ඔබට මේ සතියෙදි පුලුවන්. විශේෂයෙන්ම පින් දහම් කටයුතු වලට ඔබ නැඹුරු වෙනවා යැයි කිව්වොත් නිවරදියි. සතිය අගදි පවුලේ අය හෝ හිතවතුන් සමග යම් සංචාරයක් ඔබට නියතයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, සමහරවිට දෙපා, දණිස්, කොන්ද ආදියේ යම් යම් වේදනා ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න.


● ධනු
මේ සතිය සමඵලයි.
සතිය ආරම්භ වන්නේ ඔබට, සදු 8 වැන්නේ පිහිටා සිටියදි. මෙම දින 2 හමාරක කාලය තුල ඔබගේ මානසික තත්වයද යම් ආකාරයකට දුර්වල විමට පුලුවන්. එය ආර්ථික තත්වයට බලපාන්නාවූ කාරණාවක්. ඔබ ණයතුරුස් වලට හසුවිම හෝ ගිවිසුම් වලට බැඳීම ඒ දවස් 2දි කරන්න එපා. නමුත් සතිය මැදදී එම තත්වය ඔබගෙන් ඉවත් වී හොද තත්වයක් ඇති වෙනවා. ඒ තුල ඔබගේ ස්ථාවරත්වය ඇති වෙනවා. බෙහෙවින් වාසිසහගත කාලයක් උදා වෙනවා.
ගෘහ ජිවිතය ගැන සදහන් කලොත්, මුල් දින 2 හමාරේදි අඹුසැමි ගැටළු ඇතිවිමට පුලුවන්. ඔබගේද මානසිකත්වය එතරම් හොද නැති නිසා යම් යම් ප්‍රශ්න ගැටළු ඔබ කරා පැමිණිමට ඉඩ තිබෙනවා. ඔබ මේවායින් ආරක්ෂා විමට වගබලා ගත යුතුයි. ඉන්පසු හොදයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ නිදන් ගත රෝග වල සංකූලතා, ඇඟපතේ වේදනාව මේ ආදි තත්වයන් ඇතිවිමට පුලුවන්.


● මකර
මේ සතිය මධ්‍යස්ථ සතියකි.
සතිය ආරම්භයෙදි ව්‍යාපාර කටයුතු වල නව නැම්මක් දක්නට පුලුවන්. අලුත් පාර්ශවකරුවන් නිසා යම්කිසි හොද විදියකට ව්‍යාපාර යනවා, රැකියා කරන අයටද එසේමයි. විදේශ රැකියා වල නියුතු අයටද එසේමයි. සතිය මැද ඔබ ආරක්ෂා විය යුතුයි. ව්‍යාපාර සහ රාජකාරි වල නියුතු ඔබ ඔබගේ වගකීම් පැහැර හරින්න එපා. සතිය අගදී ඔබට නිදහසේ සිටින්නට කාලයක් මෙන්ම ඔබගේ වාසනාවන්ත සති අන්තයක් වේවි.
ගෘහ ජිවිතය මංගල යෝග උදා වන කාලයකි. මේ සතියෙදි දායාද හිමි වෙනවා, විවාහ වූ අයට. පෙම් සබදතා සඵල වෙනවා මෙන්ම නව ඥාති මිතුරුකම්, හිතවත්කම් ඇතිවෙනවා. සතිය අගදී ඥාතින් සමග දුර ගමනක් යෙදේවි - බොහෝවිට වන්දනා ගමනකි.
සෙම් අමාරු සහ අජීර්ණ රෝග වලින් පරිස්සම් වන්න.


● කුම්භ
මධ්‍යස්ථයි.
ව්‍යාපාරික කටයුතු සතුරු කරදර නිසා අඩාල විය හැකියි. රැකියා වල නියුතු ඔබටද කැපිලි වැඩියි. ඒ තරමටම කැපිලි ජෝසප්ලා ඉන්න පුලුවන්. එසේම ඔබ කරන කියන කටයුතු වල ඇදකුද හොයන අය වැඩියි. බොහෝ ප්‍රවේසම් විය යුතුයි, මිත්‍ර වේෂයෙන් සිටින සතුරන් ගැන. ඔබ මේ සතියෙදි සත 5ක්වත් හම්බ නොකරට, හම්බ කරගත්ත රුපියල හෝ වියදම් නොකර රැකගත්තොත් ඔබ ජයග්‍රාහකයෙක්.
ගෘහ ජිවිතය තුල ඉවසීම මනාව ප්‍රගුණ කල යුතුයි. හොයන්නේ බලන්නේ නැතිව කෑගැහුවොත් අඹුසැමියන් අතර දුරස්ථ වීම් ඇතිවන්නට පුලුවන්. පෙම් සබදතා වලට ඒක නරක විදියට බලපාන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය එච්චර හොද නැහැ. තියෙන රෝග වැඩිවීමටත් නව රෝග ඔබ කරා පැමිණීමටත් පුලුවන්, ප්‍රෙෂර්, කොලස්ට්‍රෙරා්ල් සහ ඩයබෙටික් තියෙන අය තමන්ගේ රෝග පාලනයට උනන්දු වන්න, මේ වහින වැස්සට තෙමෙන්නත් එපා.


● මීන
සමඵල සතියකි.
සතියේ මුල් කාලයේ තිබ්බ ප්‍රබෝධය සතිය මැදදි නැතිවන්න පුලුවන්. ව්‍යාපාර කටයුතු වලට සතුරු කරදර එන්නට පුලුවන්. රැකියා කරන ඔබටත් කේලම් කීම්, යටිකූට්ටු වැඩ නිසා ඔබට සේවා ස්ථානයේ යම් යම් එපා වීම් වෙන්න පුලුවන්. විදේශ රැකියා කරන අයද මේ තත්වය තේරුම් අරගෙන ඉවසීමෙන් සිටිය යුතුයි. සතිය අගදි යම් සහනයක් තියෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. නමුත් නිවසේ දරුවන් සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන්. නැන්දලා මාමලා සමග සතුටින් සිටීමට පුලුවන්. සතිය අගදී මංගල යෝග උදා වෙනවා. පෙම් සබදතා සඵල වෙනවා.
සෞඛ්‍ය තත්වයේ බඩේ අජීර්ණ සහ අතපය වේදනාවන් ප්‍රධානයි !


No comments:

Post a Comment