Wednesday, November 25, 2015

ඉසුරු යෝගය ටෙලි නාට්‍යය සහ අපගේ අදහස

“ ඉසුරු යෝගය ටෙලිනාට්‍යය“ යම් කාලයක ලංකාවේ ජනප්‍රියම නාට්‍යයකි.

ජයලාල් රෝහණ මහතා මුතුමිණ චරිතයද, කාංචනා මෙන්ඩිස් සහ රොෂාන් පිලපිටියද ප්‍රධාන චරිත වෙති.

මෙම කතාව, සියුම් ආකාරයකට ජ්‍යොතිෂ්‍යවේදින් කියන අයගේ දුර්වලතා පෙන්වන සියුම් උපහාසයක් කරන කතාවකි.

මෙහිදී අප මූලිකව සලකා බලන්නේ, එම පාරම්පරික ජ්‍යොතිෂ්‍යයවේදියා විසින්, තමන්ට මහා ධන යෝගයක් ඇති බවත් වසර 4කින් ඵල දෙන බවත් කියූ නමුත් එසේ සිදුවන්නේ නැහැ.

● මෙම නාට්‍යය දශකයකටත් කලින් විකාශය වු අතර, එය අපට එක්තරා සංවේගයක් ජනිත කලා.
අපටත් යම් කණගාටුවක් ඇතිවුනා ජ්‍යෝතිර් විද්‍යාවට කියන ලද දේ ගැන, කෙසේ වුවද සමාජයේ එක්තරා දුර්වල පැතිකඩක් තමයි කතාවේ පෙන්නුම් කරන්නෙ..

● සිකුරු බලවත්ව සිටින වෙලාවක, එනම් සිකුරු මීන රාශියේ උච්ච බලයෙන් සිටින කාලයක, සිකුරාදා දිනයක, සිකුරු හෝරාවක, සිකුරු පංචම හෝරාවේ, සිකුරු සූක්ෂමය අල්ලලා ආදි වශයෙන් කාලය ගණන්කර තමාට වඩා බෙහෙවින් වයසින්  බාල තරුණියකට ප්‍රේමය ප්‍රකාශ කරන්නට සිටිනවා මේ කතාවේ මුතුමිණ ජ්‍යෝතිර්වේදිතුමා විසින්.
- අපි ධනාත්මකව සිතිය යුතුයි, නමුත් අප මධ්‍යස්ථ විය යුතුයි. එම පුද්ගලයාගේ වයසත් එක්ක තරුණ වයසේ කාන්තාවකට ආදරය ප්‍රකාශ කරනවා.
යම්කිසි කෙනෙකුට විවාහයට යම් කාලයක් තියෙනවා, 22-28 යනාද කාලය වනතුරු ගැහැණු දරුවෙක්ටද 32 දක්වා යන කාලය වනතුරු පිරිමි දරුවෙක්ටද ඉතා ගැලපේ.

● එම වයසත් ඉක්මවා ගියාට පසු, එම විවාහ අපේක්ෂිත වයස පසුවෙලා, වයස අවුරුදු 40-50ට කිට්ටු වෙලා, අවුරුදු 23-25ක තරුණියකගේ අත පතන එක නිශ්ඵල ක්‍රියාවක් විදියටයි අප දකින්නේ.
එම පුද්ගලායට සිකුරුගෙන් මාලවි යෝගය හෝ වෙනත් යෝග යෙදි තිබුනද එවන් දෙයක් කෙරෙන්නට තියෙන ඉඩකඩ අඩුයි.
- එනම් සරලව කිවහොත් මෙවන් අවස්ථාවකට ජ්‍යෝතිෂ්‍යය ඈදා ගත යුතු නොවේ. මෙය ප්‍රායෝගික කාරණාවකි.

● යෝග ගැන කල්පනා කලවිට, සමහර අයගේ සිකුරු බලවත්ය.
සිකුරු ලග්නයේ බලවත්ව සිටියද සූක්ෂමව බැලූවිට, එම පුද්ගලයාට තරුණ වයසෙදි ගෑණු ළමයෙක් කැමති නොවී, නැත්නම් ප්‍රෙම සබදතාවයක් නිසි ලෙස ඉදිරියට ගිහින් නෑ, තරුණ වයසෙදි විවාහ වන්නට කැමැත්ත ලැබී නැත.
- ඒවාට හේතු ලෙස ලග්නයේ බලවත් වුවද නවාංශකයේ සිකුරු නීචව සිටිය හැක.
සිකුරු බලවත්ව සිටියද, සමහරවිට ඒ අයට අදාල නරක ග්‍රහයෙකුගේ එනම් සෙනසුරු හෝ කේතුගේ හෝ නිච ස්ථානයක සිටින ගුරුගේ දෘෂ්ටි යනාදි ලෙස තිබීම නිසා සිකුරුගේ බලය නොයෙදිය හැක.

● ධන යෝග වලදිද එසේමය.
නවාංශක වලදි පවා යම්කිසි අංශක වල ග්‍රහයන් දුර්වල වි සිටිය හැක. නවාංශක වල කේන්දර වල අදාල ග්‍රහයන් බලවත් වී සිටිම සිටිය යුතුයි.

- බැලූ බැල්මට හොද කේන්දර වුවද සූක්ෂමව බැලීමේදි එසේ සුභදායක නොවන්නට පුලුවනි.

● පොදුවේ සිකුරු බලවත් විමෙන් රූප ස්වභාවය වැඩිවිම, ලිංගික ශක්තිය ස්ථිර වීම යනාදි කරුණු යෙදි තිබේ. නමුත් විවාහ වන වයස වනවිට එනම් අවු 22න් පසු කාලයෙදි අදාල අවශ්‍ය මහ දසා ගත නොවුනොත්, සිකුරු මහ දසාව ලබන්නේ වයස 50දි නම් යනාදි ලෙස වෙනස්විම් විය හැක.

- මුතුමිණගේ චරිතය සමග ආදේශ කර බැලූවිට කල්පනා කර බැලිය යුතු කරුණු කාරණා බොහෝය.

අප සෑමවිටම කර්මය, විශේෂයෙන් තිබෙන අපලය වෙනස් කරගැනිමට, අපලය සඵල කරගැනිමට අප බුදු දහමේ පරිදි කැපවීමෙන් කටයුතු කල යුතුවේ.



No comments:

Post a Comment