Monday, November 9, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 9 -16

● මේෂ
සමඵල සතියකි.
ආර්ථිකය විචල්‍යය වූ එකකි මේ සතියට. සතිය ආරම්භයෙදි අතපසු වන වැඩ සතිය අගදි ඉෂ්ට සිද්ධ කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය කල්පනාවෙන් ගත කල යුතුය. අඹුසැමියන් අතර ප්‍රශ්න උපද්‍රව ඇතිවිමට හේතු ඇතිවිය හැක. බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග ඇති අය, ආමාශගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඇඟපත වේදනාව ප්‍රදානයි.


● වෘෂභ
සමඵලයි.
ආර්ථික තත්වය සතියේ මුල් දින කීපෙයදි හොදයි. අගදි ඉතාම දරුණු වෙනවා. ණය තුරුස් ඇතිවිමටද හේතු විය හැකියි. තමාගේ කටයුතු වලට බාධක ඇතිවිමට හේතුයි. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය අඹුසැමියන් අතර භේද ඇතිවිය හැක. ප්‍රේම සබදතා වලට බාධා, විවාහ ස්ථිරවීම් වලට බාධා ඇතිවිය හැක. ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය ගැටළු ලෙස සිත කලබලවීම්, ඇඟපත වේදනා ආදිය ගැන සැලකිලිමත් වන්න.


● මිථුන
සමඵලයි.
සතියේ මුල් දින කීපයෙදි ආර්ථික වාසි සැලසේ. භුමි ලාභ ලැබේ. ව්‍යාපාර කටයුතු දියුණු වේ. ආර්ථිකය සතිය අගදී ඔබ ප්‍රවේසම් විය යුතුයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. පවුලේ අය සමග වැඩි කාලයක් ගත කල හැක. දරුවන් සමග විනෝද විය හැක, දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටු විය හැක.
සෞඛ්‍ය තත්වය අයහපත් වන්නේ සතිය අගදි විය හැක. සෙම් අසනීප වැඩිවිමට, පාද වල වේදනා, යටි බඩේ වේදනා ආදිය ඇතිවිය හැක, පරිස්සම් වන්න.

● කටක
ශුභ සතියකි.
මේ සතියේදි ආර්ථික තත්වය දියුනු වෙනවා. නව වෙලද ව්‍යාපාරික කටයුතු ඇතිවේ. රැකියා කරන අයටද, ව්‍යාපාර කටයුතු කරන අයටද හොදයි. තමාගේ හොද නම හැමතැනම පැතිරෙනවා. උරුමහරුමකම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබට හොද කාලයක්. නිවසට නෑදෑ හිතමිතුරන් එනවා, අලුත් ඥාති මිත්‍ර සබදතා ගොඩනැගෙනවා. මංගල යෝජනා ලැබෙනවා. ප්‍රීති උත්සව යෙදේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ, පපුවේ සෙම ගැන විමසිලිමත් වන්න.


● සිංහ
ශුභ සතියකි.
ධන ධාන්‍ය තත්වය දියුණු වේ. ආර්ථික වාසි සැලසේ. දුර පලාත් වල කරන රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. විදේශ රැකියා වල නියුතු අයටද ඉතා හොදයි. මේ සතියෙදි අලුත් දෙයක් කිරිමට සිත යොමු වෙනවා. ඒ ගැන කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. දරුවන් සමග ප්‍රීතියෙන් සිටිනවා. මංගල යෝග උදා වේ. කලක සිට බලාපොරොත්තු වි සිටි දෙයක් ඉටු වෙන ලකුණු දැනෙනවා.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.


● කන්‍යා
ශුභ සතියක්.
ආර්ථිකය දියුනු වේ. කරන කියන කටයුතු සාර්ථක වේ. තමාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයකි. අලුත් අයෝජන කිරිම හොද කාලයකි.
ගෘහ ජිවිතය හොදින් ගත වේ. එසේම කරන කියන දේ ඔබගේ හොදින් කෙරෙනු ඇත. ඔබට බොහෝදේ ලබාගැනීමේ හැකියාව මේ සතියෙදි තියෙනවා. ඉඩකඩම් භූමිලාභ වාසනාව ලැබෙනවා. නිවස තුල උත්සව සිරියක් ගන්නවා. අලුත් ඥාති සබදතා ඇතිවෙනවා. මංගල යෝග උදා වේ.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග සහ සෙම් සම්බන්ධ අමාරු, පීනස ගැන සැලකිලිමත් වන්න.


● තුලා
ඉතාම හොඳ සතියක්.
මේ සතියෙදි ඔබගේ සියලු බලාපොරොත්තු ආර්ථික වශයෙන් ඉටු වෙනවා. කරන කියන කටයුතු ඉටු වෙනවා. ඔබගේ බලය ව්‍යාප්ත වන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. එසේම තමාගේ පවුලේ අය සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන් කාලයක් මෙය. ප්‍රිය සම්භාෂණ වලට නිතර නිතර සහභාගි වීමට පුලුවන්. එසේම දුර පලාතක සංචාරයක් යෙදෙනවා. සිත ප්‍රීතියෙන් පිරෙන සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. හිසේ කැක්කුම, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
හොඳ සතියකි.
මේ සතියේදී ඔබට ආර්ථික වාසි සැලසේ. විශේෂයෙන්ම සතිය මැදදී ඔබ වඩාත් තීරණාත්මක වශයෙන් ආර්ථික ජයග්‍රහණ ඇතිකර ගනී. මේ කාලයෙදි අමතර ආදායම් මාර්ග ඇතිවෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබගේ යුග දිවිය සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය වනවා. එසේම හොද කාලකයකි.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, මේ කාලයෙදි ඔබ සෙම් රෝග සහ පාද වල ආබාධ වලින් පරිස්සම් වන්න.

● ධනු
සමඵලයි.
සතියේ මුලදි තිබු ආර්ථික ප්‍රබෝධය සතිය අගදී නැතිවි යාමට පුලුවන්. මන්ද ණයතුරුස් දීම සහ ණයට ගැනීම යන ගැටළු නිසා. ඒවායින් පරිස්සම් වන්න, ලගම හිත මිතුරන් පවා තරහ වීමට ඉඩ තිබෙනවා.
ගෘහ ජිවිතයටද ආර්ථිකයට සමානයි. මුල් දින වල තිබු සතුට අගදි නැතිවිය හැක, අඹුසැමි ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. එසේම ඥාති හිතවතුන් සමග යම් ආරවුල් සතිය අගදි විය හැකියි.
නිදන් ගත රෝග සහ පාදවල වේදනා ගැන සතිය අගදි පරිස්සම් වන්න.


● මකර
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයෙදි දියුණුවට ආධාර උපකාර ලැබේ. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. එසේම ව්‍යාපාර කටයුතු වලට ඉතාම හොදයි. නව අයෝජනයන් තුලින් ව්‍යාපාර තව දියුණු කරගත හැකියි. සතිය අගදි පාඩුවිමට ඉඩ ඇත, බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය හොදින් ගත වේ. බිරිදව සතුටු කිරිමට යම් යම් දෑ මිලදී ගැනීමට පුලුවන්. අඹුසැමි ප්‍රේමයට හොදයි. අවිවාහක අයට හොදයි, මංගල යෝග උදා වේ. ඥාතින් නිවසට පැමිණේ.
සෞඛ්‍ය තත්වය සතිය අග වන්නට, යම් යම් ඇඟේ පතේ අමාරු ඇතිවිය හැක, කල්පනාකර කටයුතු කර ඒවා වලක්වා ගන්න.

● කුම්භ
හොද සතියකි.
සතිය ආරම්භයෙදිම ආර්ථික වාසි හිමි වෙයි. කරන කටයුතු සාර්ථක වේ. නව ආයෝජන අවස්ථා යෙදේ. රැකියා කරන අයටද හොදයි. පිට පලාත් වල කටයුතු කරන අයටත් හොදයි. නව රැකියා බලාපොරොත්තු වූ අයටද රැකියා හිමි වේ.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වේ. එසේම මේ සතියෙදි ආගමික වශයෙන්ද යම් ප්‍රබෝධයක් ඔබ තුල පවතිනවා. වැඩිහිටියන් සමගද හොද සබදතාවයක් ගොඩනැගේ. ඔබගේ දියුණුවට ඔවුන්ගේ උපකාර ලැබේ. ඉතාම හොදයි.
සෞඛ්‍ය ගැටළු එතරම් ඔබට මේ සතියේ නැහැ. මේ කාලයෙදි ඔබ විමසිමෙන් කටයුතු කරන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● මීන
සමඵල සතියකි.
මේ සතියෙදි ආර්ථික වාසි මධ්‍යස්ථ ආකාරයට සැලසේ. ඔබ ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි, කරන කියන කටයුතු වල සාර්ථකත්වය උදෙසා. විශේෂයෙන්ම ඔබ කල්පනා කරන්න ඔබගේ ජිවිතයේ යම් වෙනස්කම් ආර්ථික වශයෙන් ඇතිවේව. විදේශ රැකියා කරන අයට මේ සතිය හොදයි. සතිය අගදී ආර්ථික දියුනුව ඇතිවේවි.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සතිය මැදදී අඹුසැමි ආරවුල් ඇතිවිය හැක. එසේම නොසිතු ප්‍රශ්න උපද්‍රව වලින් සිත පීඩාවට පත්විය හැකියි, බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග හා ඇඟේ පතේ වේදනාව ගැන සැලකිලිමත් වන්න.




No comments:

Post a Comment