Sunday, November 15, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 16 - 23

● මේෂ
ශුභ සතියකි.
ආර්ථික වශයෙන් ගත්කල මෙම සතිය පුරාවටම ඔබගේ ආදායම් මාර්ග යම්කිසි හොද මට්ටමක පවති. සතිය ආරම්භ වන්නේ භාග්‍යස්ථානය වන 9 වැන්නේ සඳු සිටිමෙන් නිසා දියුණුවට උදව් උපකාරද, අමතර ආදායම් මාර්ග ඇතිවීමද, ලැබෙන්නට නියමිත මුදල් ලැබීමද සිදුවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, වැඩිහිටියන්ට සැලකීමටද ගෙදර අයට සැලකීමටද හැකියාව ලැබේ. සතිය අගදි දුරගමනක් යෙදිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. අතපය අමාරු වලින් ප්‍රවේසම් වන්න.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
අතපසු වූ බොහෝදේ මෙම කාලයේදී සපුරා ගැනීමට පුලුවන්. ඒ සම්බන්ධව ගැටළුවක් ඇත්තෙත් නැහැ. දුන් ණය තුරුස් ලැබෙනවා. එසේම ආර්ථික වශයෙන් ඔබට වැදගත් වන අලුත් ව්‍යාපාර කටයුතු වලට සුබ කාලයකි. සතිය අගදී තමාට බොහෝ හිතවත් යාළුවෙක් මුණ ගැසේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව සිටින කාලයකි. නිවසට අමුත්තන් පැමිණෙනවා. ස්වාමි-භාර්යාව අතර  ප්‍රේමය දළුලනවා. සිත ප්‍රීතිමත්ව තිබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග ඇති අය මේ වර්ෂා කාලය තුල පරිස්සම් වන්න.


● මිථුන
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයෙදි ඔබට තරමක ආදායම් තත්ව වල අඩු වැඩිවිම් ඇතිවිය හැකියි. ඊට හේතුව ඔබ ණයතුරුස් ගැනිමට පෙළඹීමයි. ඒවා ඔබ කළමනාකරණය කරගන්න. සතියේ මුල් දින 2, 2හමාර පරිස්සම් වුවොත් ඉතිරි දින වලදි සෙතක් ශාන්තියක් සැලසෙනවා නොඅනුමානයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන සතියකි. එසේම ඔබට ආදායම් මාර්ග සරු නිසා මේ සතියෙදි දරු පවුල වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැත. ඔබ හොදින් සිටිනවා, සියලු කටයුතු සාර්ථක වෙනවා.


● කටක
සමඵලයි.
විචල්‍ය ආර්ථිකයක් තියෙන්නෙ. සතියේ මුල් දවස් 2හමාරෙදි හවුල් ව්‍යාපාර හරියනවා, සාර්ථක වෙනවා. වෙළදාම් කරන අයට හොදයි. සතිය මැදදිත් පරිස්සම් විය යුතුයි, ණය තුරුස් වලට හසුවිය හැකියි. සතිය අගදී කටයුතු සාර්ථක වනු ඇත.
ගෘහ ජිවිතය මුල් දින වලදි යහපත්ය. මංගල යෝග උදා වෙනව. ඔබ ගැන හොද පැතිරෙනවා. සතිය මැදදී ඔබගේ යම් යම් කරදර බාධක නිසා ගෘහ ජිවිතය අඩාල වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ සංකූලතා තියෙනවා, නිදන්ගත රෝග ඇති පරිස්සම් වන්න. මානසික ආතතියෙන්ද මිදෙන්නට කටයුතු කරන්න.



● සිංහ
සාමාන්‍ය සතියකි.
මේ සතියෙදි කරන කටයුතු සාර්ථක වෙන ගතිය අඩුයි. තවද සතිය පුරාවට ඔබට ණයවීමට ඉඩ තිබෙනවා. ප්‍රවේසමෙන් සිටිය යුතුයි.
ගෘහ ජිවිතය වශයෙන් ගත්කල අඹුසැමියන් වශයෙන් යම් යම් ආරවුල් ඇතිවිමට පුලුවන්. එසේම හිත් නොහොදකම් ඇතිවිමටත් පුලුවන්. ඒ ගැන කල්පනාවෙන් සිටිම මැනවි.
සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු, උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම් ආදිය ඇතිවිමට ඉඩ ඇත, මානසික සමබරතාවය ගැනද සැලකිලිමත් විය යුතුය.


● කන්‍යා
සමඵල සතියකි.
ඔබට සතිය මුලදි තිබුනු ප්‍රබෝධය සතිය අගදී, ඔබගෙන් ඉවත් වෙන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. එසේම ආර්ථික තත්වයේ ප්‍රබල අවාසි ඇතිවිමට පුලුවන්, බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතියේ මුලදී පවුලේ සාමාජිකයන් සමග ප්‍රීතිමත්ව සිටිමට පුලුවන්. ඉන්පසුවද ඔවුන් සමග, ඔවුන්ගේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කිරිමටත් සිදුවේවි. සතිය අගදී ඔබගේ කාර්යබහුලකම නිසා ඔබට පවුලේ අය සමග ගතවන කාලය අඩුවේවි.
සෞඛ්‍ය තත්වය ගත්තම, පපුවේ සෙම් ගතිය, උදරාබාධ ආදියෙන් පරිස්සම් වන්න.


● තුලා
මේ සතිය ඉතාම හොද සතියක්.
මේ සතිය ඇතුලතදී ඔබගේ හැකියාවෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගත හැකියි. එය ආරථික වාසි වලට විශේෂයි. රැකියා සහ වෙළදාම් කරන අයට ඉතාම හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබගේ මංගල යෝග උදාවෙන සතියක් මේ සතිය. අලුත් ඥාති මිතුරුකම් ඇති වෙනවා. පවුලේ අය සමග විනෝදයෙන් සිටිය හැක.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැ, පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
ඉතාම සුභ සතියක්.
මේ සතිය ඇතුලතදි ආදායම් මාර්ග දියුණු වේ. අලුත් ආදායම් මාර්ග වලට හිත යොමුවේ. ඔබට නව ව්‍යාපාර කටයුතු වලට උපකරණ හෝ වාහන මිලදි ගැනීමට මේ කාලය හොදයි, වෙන අපලයක් නැහැ.
ගෘහ ජිවිතය තුල තිබුනු බොහෝ අර්බුද තත්වයන් මේ සතිය ඇතුලතදී අහවර වන බව පෙනී යනවා. පවුලේ දුවාදරුවන් සමග ඉතාම ප්‍රීතියෙන් සිටිමට පුලුවන් කාලයක්, මේ සතිය ඇතුලත ඔබ ඉතාම වාසනාවන්ත ආකාරයට කටයුතු කරාවි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග විශේෂයි, මේ කාලයේ පවතින වැස්සෙන් ආරක්ෂා වීම අනිවාර්යයි.



● ධනු
ඉතාම ශුභ සතියකි.
ඔබගේ ලග්නයට චන්ද්‍රචාරය අනුව මල්පිටමල් එන කාලයකි. කරන කියන සියලුම කටයුතු සාර්ථක වේ. වෙලදාමේ නියුතු අයට ජනප්‍රියතාවය නිසා අාදායම වැඩි වෙනවා. රැකියා කරන අයට ප්‍රධානින්ගේ ප්‍රශංසා නිසා වඩා හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා. මංගල යෝග උදා වෙනවා. කරන කියන කටයුතු හරියනවා.. අලුත් ඥාති හිතවත්කම් ගොඩනැගනෙවා. සිත සතුටින් පිරෙනවා. ඔබට සුබයි.
ගැටළු නැහැ සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග සහ නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● මකර
හොඳ සතියකි.
ප්‍රියමනාප වදනින් යුතු ඔබට ආදායම් තත්ව වැඩිවන්නේ ඔබගේ වාසනාව නිසයි. අලුත් ආදායම් මාර්ග වලට හිත යනවා. වෙලදාම් කටයුතු දියුණු වෙනවා. අලුත් විදියට දෙයක් කල්පනා කර බලා කටයුතුකිරිමට හොද කාලයකි. සිතට ප්‍රිතිය තිබෙන කාලයකි. වෙළද කටයුතු සහ රැකියා කරන අයට වාසනාවන්තයි.
ගෘහ ජිවිතය හොදයි මංගල යෝග උදා වෙනවා. අලුත් ඥාති මිතුරුකම් ඇතිවෙනවා.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැහැ. දණිස් අමාරු, කකුල් අමාරුව ආදිය ගැන පරිස්සම් වන්න.


● කුම්භ
සමඵල සතියකි.
කුම්භ ලග්නයේ ආර්ථික තත්වය තරමක විචල්‍යයි. ආදායම සහ වියදම අතර, යම් පරතරයක් ඇති වෙනවා. එනම් වැය පක්ෂය සතිය මැදදී ඉතාම ඉහල යනවා. ප්‍රවේසම් විය යුතුයි. නමුත් සතිය අගදි ඒවා හරියනවා, මුදල් ලැබෙනවා. ඒවා හරියට කළමනාකරණය කරගැනිම ඔබ සතු වගකීමයි.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. කෙසේ වෙතත් අඹුසැමි ප්‍රේමය දළුලන සතියක්. දරුවන් බලාපොරොත්තු වන ඔබගේ ඒ පැතුම් ඉටු වෙනවා. සතිය මුලදි ගෙදරට නෑදෑ හිත මිතුරන් පැමිණෙනවා. සතිය අගදීත් යම් කාර්යබහුල වීමක් නිසා ගෙදරින් පිටවීමක් පෙන්නුම් කරනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, ඔබටද පාදවල අසනීප, සෙම් අමාරු, ඇඟපත වේදනාව දකින්ට පුලුවන්.


● මීන
සමඵලයි.
සතිය මුලදි ආර්ථික තත්වය දියුණු වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා. ඥාති හිතමිතුරන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා සේම අලුත් කටයුතු ආරම්භ කිරිමට ශුභදායක කාලයක්. නමුත් සතිය අගදි මේ තත්වය වෙනස් වි වැය පක්ෂය ඉහල යාමට පුලුවන්. ණය ගන්නට සහ ණය දෙන්නට ඔබට සිත් වෙනවා. ලොකු ආර්ථික ප්‍රශ්න වලින් ඔබව පෙලීමට පුලුවන්, ප්‍රවේසම් වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. ඥාති මිතුරන් ආදින් සමග ඇසුර වැඩි වෙනවා. මංගල යෝග උදාවන මේ සතියෙදි ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙනවා. හොදයි.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, සෙම් අමාරු සම්බන්ධව විශේෂ අවධානයෙන් සිටින්න.









No comments:

Post a Comment