Saturday, November 21, 2015

ජ්‍යොතිෂ්‍යය ජනතාව පාවිච්චි කල යුත්තේ කෙසේද ?

- ජ්‍යොතිෂ්‍යය බුද්ධ කාලෙටත් කලින් ඉදල තියෙනව.

අද තත්වය ගත්තම, අද ජ්‍යොතිෂ්‍යය භාවිතයේ ගැටළුවක් තියෙනවා. භාවිත කරන අය පටලවා ගැනීමක් තියෙනවා.
ජ්‍යොතිෂවේදියා කියන කෙනත්, භාවිත කරන ජනතාවත් මේක පටලවාගෙන තියෙනවා...

● බුදුරජාණන්වහන්සේ එක්තරා තැනක කියල තියෙනවා, ධර්මය සර්පයෙක් වගේ, අල්ල ගන්න ඕන වල්ගයෙන් නෙමෙයි, බෙල්ලෙන් කියල.
ඒකියන්නෙ ධර්මය උනත් නිසි විදියට භාවිත කරන්න ඕන.

* ජ්‍යොතිෂ්‍යයත් එසේමයි.
ජ්‍යොතිෂ්‍යයට අද පසුගිය කාලයේ සිදුවු සිද්ධීන් එක්ක අත්වෙලා තියෙන්නෙ එතරම් හොඳ තත්වයක් නොවෙයි.

● එතනදි එක දෙයක් තමයි මැතිවරණ අනාවැකි කියද්දි, තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් තමන්ගේ දැනුමට නිසි ගෞරවය නොදී එම තැනම වානිජකරණය කරා.. - ගැටළුව උනේ එතනයි.
(අප විසින් මහමැතිවරණයට අදාලව කියන ලද අනාවැකිය සහ, ජනාධිපතිවරණයට අදාලව ලබාදුන් ඉඟිය සාර්ථක වීම සතුටක් වන්නේ පෞද්ගලිකව අපට නොවෙයි, ජ්‍යොතිෂ්‍යයේ වටිනාකම ජනතාවට එත්තු යෑම තුලයි)

● ජ්‍යොතිෂ්‍යය අනාවැකි ඉදිරිපත් කරන විට, මධ්‍යස්ථ වෙන්න ඕන, පාරදෘෂ්‍ය භාවයකින් කියන්න ඕන, ගැති නොවෙන්න ඕන. අපි එහෙම ගැති වෙලා කරනවා නම් අප කරන්නෙ ජ්‍යොතිෂ්‍යයට හානියක්.
(මේක එක දෙයක් පහුගිය කාලෙ එක්ක සම්බන්ධ කරලා බලද්දි ජ්‍යොතිෂ්‍යයට අද වෙච්ච දේට සම්බන්ධව)

● දැන් වැහි මන්දරාමක් තියෙන වෙලාවක, ඔබ නිවසට යනවා නම් වැස්සක් එද්දි... ඔබ වැස්සෙන් තෙමෙන්න පුලුවනි.
කවුරුහරි ඔබට කියනවා කුඩයක් අරගෙන යන්න කියල.

- කුඩය අරගෙන ගියොත්, වැස්සොත් බේරෙනවා, අරන් නොගියොත් ගැටළුවක් ඇතිවෙනවා.
වැස්සකදී සිදුවන හිරිකඩ වැදීම ආදිය නැති වෙන්නෙ නැහැ. නමුත් අනවශ්‍ය බොහෝ කරදර ඇතිවෙන්නෙ නැහැ. යම් බලපෑමක් තිබෙනවා.

- අඳුරේ යන්නාට පහන් ටැඹක් ජ්‍යොතිෂ්‍යය කියන්නෙ.

- ජ්‍යොතිෂ්‍යය කියන්නෙ අඳුරේ යන්නාට පහනක්.

- ගඟකින් එතෙර වෙන්න පාලමක් වගේ දෙයක් තමයි ජ්‍යොතිෂ්‍යය කියන්නෙ, ඉතින් ඊට පස්සෙ පාලම කරගහගෙන යන්න උවමනා නැහැ.

● ජ්‍යොතිෂ්‍යය භාවිත කරලා, තමාගෙ තියෙන සමාජ, ආර්ථික, සංස්කෘතික දියුණුවක් පෙරලියක් ඇති කරගැනීමයි කල යුත්තේ - තමන්ගේ හොඳ කාල නරක කාල තෝරගෙන, ඒ හොඳ තව වැඩි දියුණු කරගන්න, තව කෙනෙකු හොඳ කරන්න. තත්වය අවබෝධය අරගෙන කටයුතු කිරීමයි කල යුත්තේ..

#ඉරු



No comments:

Post a Comment