Tuesday, November 24, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 23 - 30




● මේෂ
ඉතාම ශුභ සතියකි.
සඳු ලග්නය සහ 4 වැන්නේ ගමන් කරන මේ සතියෙදි ආර්ථික තත්වය ඉතාම යහපත් වේ. මේ තත්වය නිසා ඔබට ආර්ථික වාසි නිතැතින්ම සැලසේ. ඔබගේ කටයුතු සාර්ථක වේ. භූමි ලාභ, ඉඩකඩම් දේපල ආදි වාසනාවන්ද හිමිවිමට භාග්‍යය ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන මේ සතියෙදි සිතට ප්‍රීතිය ලැබේ. මංගල යෝග උදාවේ. පවුලේ අය සමග වැඩි කාලයක් ගතකිරිමට සිත පෙළඹේ.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. ප්‍රබල කරදර නැහැ. සෙම් අමාරු වලින් ප්‍රවේසම් වන්න.


● වෘෂභ
සමඵල සතියකි.
සතියේ මුල් කොටසේදි ආර්ථික අවාසි සිදුවිය හැක, ඔබ රැවටිමට පුලුවන්. ගිවිසුම් වලට, ඇප ගනුදෙනු වලට එළඹීම සුදුසු නැත. සතියේ මැද සිට ඔබගේ වාසනාව ක්‍රියාත්මක වනු ඇත.
ගෘහ ජිවිතය තුල ඔබගේ අඹුසැමි ප්‍රේමය දළුලයි. මංගල යෝග උදාවෙයි. පවුලේ අය සමග සතුටින් ගතකිරිමට අවස්ථාව ලැබේ. සතිය අගදි සහෝදරයෙක් නිවසට පැමිණිමට අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය ලෙස, පාද වේදනාව සතියේ මුල් දින වලදි ඇතිවිය හැක.


● මිථුන
සමඵලයි.
මේ සතිය තුලදි ආදායම සහ වියදම විචල්‍ය තත්වයක පවති. එසේම ඔබට මේ සතිය තුලදී විවිධාකාර රැවටිම් සහ අතපසුවිම් ඇතිවිමට ඉඩ ඇත. පාඩු වුවොත් උපරිම ආකාරයෙන්ම සිදුවනු ඇත. සතිය අගදි මේ තත්වය සමනය වී යනු ඇත. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය ප්‍රබල වෙනස්කම් නැහැ. ඔබට කෙසේ වෙතත් යුගදිවි සැපත සහ දරුවන් සමග සතුටින් සිටිම අනිවාරයෙන්ම මේ සතියෙදි ඇති වෙනවා. සමහරවිට පින්කම් වලට වැඩි මුදලක් සතිය මැදදි වියදම් වේවි.
සෞඛ්‍ය තත්වයේ ඇඟපත වේදනාව, මානසික බරගතිය යනාදිය මේ අතර ප්‍රධානයි.

● කටක
ඉතාම ශුභ සතියකි.
ආදායම් මාර්ග ඉතාම සීග්‍රග්‍රාමිව සිදුවෙනවා. මේ අතර වෙළහෙලදාම් වල නියුතු අයටත්, ආහාරපාන, රෙදිපිළි ආදි ව්‍යාපාර කරන අයට වැඩි වාසි අත්වනු නියතයි. රැකියා කරන අයට ප්‍රධානින්ගේ ප්‍රශංසාව, අවධානය හිමි වනවා. අතමිට සරු සතියකි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය ඇතිවෙනවා. රසවත් ආහාර පාන සහ ප්‍රිය සම්භාෂණ වලින් අඩුවක් නැ. හිතමිතුරන්ගෙන් සතුට ලැබෙනවා. මංගල යෝග වලිනුත් අඩුවක් නැහැ. සුබ සතියකි.
ප්‍රබල ප්‍රශ්න නැ, සෞඛ්‍ය සම්බන්ධව. ඔබ  ප්‍රවේසම් විය යුත්තේ, සෙම් අමාරු වලින් පමණයි.


● සිංහ
මේ ඉතාම වාසනාවන්ත සතියකි.
කොටින්ම කියතොත් ඔබගේ පෙර පින මතුවෙන සතියකි. ආර්ථික වාසි සැලසෙනවා මෙන්ම ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර, දියුණුව උදෙසා ලැබෙනවා. කරන කියන හැමදේම හරියන මෙම සතිය අලුත් ව්‍යාපාරික කටයුතු ඇරඹීමටද සුබයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ වැඩිහිටියන් කෙරෙහි ලොකු සැලකිලිල්ලක් ඔබ කෙරෙන් පෙන්වනවා. එනම් ඔබගෙන් සීයලා ආච්චිලා සම්බන්ධව ඔබගේ ආදර භක්තිය වැඩිවන මෙම සතියේදි ගෙදර අය සමගද ප්‍රීතියෙන් සිටිමේ භාග්‍යය ලැබෙනවා.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැ. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.



● කන්‍යා
සමඵල සතියකි.
සතිය මුල් දින 2 හමාර තුල, ඔබට ආර්ථික අවාසි ඇතිවන්නට පුලුවන්.
එසේම විවිධ අය දෙන වැරදි උපදේශ නිසා ඔබ නොමග යන්න පුලුවන්. ආර්ථික අවාසි ඇතිවෙන එම දින 2 හමාර ප්‍රවේසමනේ කළමනාකරණය කරගන්න. සතිය අගදි ඔබ බලාපොරොත්තු වන සියලු දේ හරියනවා. නව ව්‍යාපාර ආදියට හොදයි, ඔබට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම හොදයි.
ඔබට මේ සතියෙදි දුර බැහැර ගමන් යෙදේවි. ඒ අතර වන්දනා ගමන්ද යෙදෙන්ට පුලුවන්. පිනට දහමට හිත නැඹුරු වෙනවා. සතිය අගදී ඔබගේ හිතවතෙකුගේ සම්භාෂණය නියමයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග සහ ආමාශගත අජීර්ණ රෝග ඇතිවන්නට පුලුවන් අවදානමත් වන්න.


● තුලා
සමඵලයි.
හවුල් ව්‍යාපාර, වෙළහෙලදාම් සතිය මුල් කොටසෙදි දියුණු වෙනවා.
සතිය මැදදී ඔබට නොතේරෙන, සූක්ෂම කරදර ඔබට සමීප වන්නට පුලුවන්. යටිකූට්ටු වැඩද ඒ අතර ප්‍රධානයි. මිතුරු වෙසින් එන හතුරන් හඳුනා ගන්න. සතිය අගදි ඔබ බලාපොරොත්තු වන නව ව්‍යාපාර අලුත් දේ ආරම්භ කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. මංගල යෝග උදා වේ. පෙම් සබදතා සඵල වේ. අලුත් හිතවත්කම් ගොඩනැගේ. පවුලේ අය සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, සෙම් අමාරු හා ඇඟපත වේදනා වලින් පරිස්සම් වන්න.



● වෘශ්චික
මේ සතිය සමඵලයි.
ආර්ථිකය නම් විටින් විට කඩා වැටෙන්ට පුලුවන්.
සතිය මුල් කොටසෙදි ණය ගනුදෙනු වලට හසුවන්නට පුලුවන්, ඒ අතර ඔබව රැවට්ටීමටද කාරණා යෙදෙන්න පුලුවන්, බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල අඹුසැමි භේද, ආරවුල් ඇතිවිමට පුලුවන්. ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මේ තත්වය යථා තත්වයට පත් වන්නේ සතිය අගදීය.
සෞඛ්‍ය තත්වය ඇත්තටම යම් ගැටළුකාරි තත්වයක පවතින්නේ. ඔබ ප්‍රවේසම් විය යුතුයි, සියලුම ආබාධ කෙරෙහි.


● ධනු
එතරම් ශුභ නැති සතියක්.
මේ සතියෙදි විවිධ ආර්ථික වශයෙන් පාඩු ඇතිවෙනවා.
ඒ ගැන දැනුවත්ව අවබෝධයෙන් කටයුතු කරන්න. සතිය මුලදි තිබු ප්‍රබෝධය සතිය මැදට වන්නට වන්නට නැති වෙනවා. ඔබ අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිම සුදුසු නැ මේ කාලයේ, ඉවසීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඔබගේ සිත් තැවුල් මානසික කරදර විපත්ති ඇතිවන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන අවබෝධයෙන් සිටින්න.
සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට පුලුවන්. ප්‍රබලව, ලග්න ඒරාෂ්ටක අපලය නිසා අනතුරු වලින් පරිස්සම් විය යුතුයි. නිදන්ගත රෝග ඇති අයද අවදානමත් වන්න.


● මකර
ඔබට මේ සතිය සමඵලයි.
සතිය මුලදි ඔබගේ දියුණුව සැලසෙනවා. ආර්ථික වාසි ඇතිවෙනවා.
කරන කියන කටයුතු සාර්ථක වෙනවා. එසේම ඔබට සතිය අගදී යම් යම් ආර්ථික අපහසුතා ඇතිවිමට පුලුවන්. නමුත් ඔබ සතිය මුලදි තීන්දු තීරණ අනුව වෙන්ස්
ගෘහ ජිවිතය යහපත්ව ගත වෙනවා. නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදි ගත හැක. යාන වාහන ආදියද මිලදි ගැනිමට සුභ සතියක්.
පවුලේ යහපත වෙනුවෙන් සුභ තීරණ ගන්නා ඔබ දරුවන් කෙරෙහිද විශේෂ අවධානයකින් පසු වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. සෙම් අමාරු ඇති අය පරිස්සම් වන්න. මේ දිනවල පතිත වන වර්ෂාවට ගොදුර වෙන්න එපා.


● කුම්භ
ඉතාම සුභ සතියකි.
ඉතාම කලකට පසු, සහජ දක්ෂතාවය සහ උප්පත්ති දක්ෂතාවය අනුව ජයග්‍රහණ ලැබේවි. ආර්ථිකය සතිය පුරාම සුබයි. නව දේපල ගැනිම් ව්‍යාපාර ඇරඹීම්, විශේෂ ධෛර්යයක් මේ සතියෙදි ලැබේවි.
 ගෘහ ජිවිතය තුල ඉතාම ප්‍රීතිමත්ව සිටිනවා.
සහෝදර සහෝදරියන්ගනේ මෙන්ම ඥාති මිත්‍රාදින් සමගද ඉතාම සහයෝගයෙන් සිටිනවා. විශේෂයෙන්ම ඔබ පවුලෙ ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඉතාම සුබ සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. ඇති වුවොත් සෙම් අමාරු පමණයි.




● මීන
ඉතාම ශුභ සතියක්.
එසේම ඔබගේ කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. නව කටයුතු ආරම්භ කිරිමට ඉතාම ශුභයි. විදෙස් රැකියා කරන අයට, වෙලදාම් කරන අයට හොදයි. විශේෂ ගැටළු උපද්‍රව පෙනෙන්නෙ නැහැ.
ගෘහ ජිවිතය තුල ඉතාම සාමකාමි දිවි පෙවතක් අනුගමනය කරන්නට හැකියාව තියෙනවා. ඒ අතරතුර ඔබට මංගල යෝග උදා වෙනවා. අලුත් ඥාති හිතවත්කම් ඇතිවෙනවා. ඔබ ප්‍රීතිමත්ව සිටින කාලයක් බව සදහන් කල හැක.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. ඔබ ප්‍රවේසම් විය යුත්තේ සෙම් අමාරු වලින් පමණයි.

No comments:

Post a Comment