Saturday, July 29, 2017

සොහොන් කාලි දේව මෑණියන්

බොහෝ අය සිතාගෙන සිටින්නේ භද්‍රකාලි මෑණියන් ඇතුළු කාලි මණ්ඩලය ඉතා දරුණු අය ලෙසය. නමුත් එය නිවරදිම නොවේ.
සොහොන් කාලි මෑණියන්ද ප්‍රසිද්ධව ඇත්තේ වරදට - නරකට දඬුවම් දෙන දේවතාවියක් ලෙසය.
පසුගිය කාලය පුරා  බලවතුන්ගේ බිරින්ඳෑවරු විවිධාකාර උදව් උපකාර සොහොන් කාලි මෑණියන්ගේ ලංකාවේ පිහිටා ඇති දේවාල වලින් ලබාගැනීමට උත්සහ කල බව අපි දනිමු. ඒ සියල්ලම පාහේ නපුරට අදාල ඒවාය.

නමුත් දියුණුවට, යහපතට සොහොන් කාලි මෑණියන් පමණක් නොව සමස්ත කාලි මණ්ඩලයම ආශිර්වාද කරති, උදව් දෙති !

එනිසා ඔබද දහමට අනුව සිල්වත්ව - ගුණවත්ව - ප්‍රතිපත්තියෙන් යුතුව හිඳ පින්කම් කරන්න. ඒවා සොහොන් කාලි මෑණියන් ඇතුළු සියලු කාලි මණ්ඩලයටද, සියලු දෙවිවරුන්ටද අනුමෝදන් කරන්න !
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය !

බුදු සරණයි !


#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment