Friday, July 21, 2017

“ මල්වරය හා බැඳුනු විස්තර “



නිරෝගී ගැහැණු දරුවකුගේ වයස අවුරුදු 10 හා 14 ඇතුලතදි ප්‍රථම වරට ඔසප් වීම සිදුවීම  මල්වර වීම යනුවෙන් හැඳින්වේ.
සියලුම ගැහැණු දරුවන්ට මෙය ජිවිතයේ ඉතාම වැදගත් සිද්ධියකි.  වයස අවුරුදු සාමාන්‍යයෙන් 12,13,14 වයස් වලදී වන මේ ශාරීරික ක්‍රියාවලිය ජිවිතයේ ප්‍රබලම අවස්ථාවකි.
 එමගින් සිදු වන්නේ  දරුවන් බිහි කිරිමට ගර්භාෂය සකස් කිරීමට මූලික පියවර ගැනීමයි.

● අවුරුදු 10, 12,14 යන ඉරට්ටේ සංඛ්‍යාවකට ගැනෙන වයසකදි සිදුවන මල්වරය ඔත්තේ සංඛ්‍යා වලදි සිදුවන මල්වරයට වඩා සුබදායක වන බව කියවේ.
●  කලාතුරකින් වයස අවුරුදු 10ට පෙරාතුවද වයස 17 වැනි වයස් වලදී පවාද මල්වර වන අවස්ථාද ඇත.
ඵම මල්වරයන් සුබ ඵල අඩු බව කියවෙයි.

●  විවිධ රෝගාබාධ, මන්ද පෝෂණය සහ දුෂ්පෝෂණ නිසා  අවුරුදු 14  ඉක්මවා  මල්වර වන අවස්ථා ඇත. ඵසේ නියමිත කාලය ඉක්මවා සිදුවන මල්වරද එතරම් සුභ නැති බව කියවේ.

● යම් දැරියකගේ මල්වරය සිදුවන්නේ ඇයගේ කේන්ද්‍රයේ ලග්නයේ(1) 2 වැන්නේ, 4 වැන්නේ, 5 වැන්නේ, 7, 8, 12 යන ස්ථානයකට චන්ද්‍රයා/සඳු පැමිණ සිටියදි එම චන්ද්‍රයා, කුජ හෙවත් අඟහරුගේ දෘෂ්ටියකට ලක්වීමෙනි.
සාමාන්‍ය ලෙස කාන්තාවකගේ ඔසප් විම මාසිකව සිදුවන්නේද මෙම ග්‍රහ  බලයට සමානවය.

● වෘෂභ, කන්‍යා , තුලා, ධනු, කුම්භ යන රාශියක චන්ද්‍රයා ගමන් කරන විට කුජගේ දෘෂ්ටියට චන්ද්‍රයා ලක්විම නිසාද මල්වරය සහ ඔසප් විම සිදුවේ.
මෙම ක්‍රම 2න් කුමන ක්‍රමයක් හෝ හේතු කොටගෙන ප්‍රථම  ඔසප් වීම හෝ මල්වරය සිදුවන බැව් මේ ගැන කරනු ලැබු පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත.

● දැරියක් මල්වර වන අවස්ථාවකදි දිනය, නැකත, තිථිය, යෝගය, කර්නය, ලග්නය, හෝරාව, මාසය, ඇඳ සිටි වස්ත්‍රය පදනම් කරගෙන මල්වර පලාපල ප්‍රකාශ කරනු ලැබේ.
ඉහත කරුනු පදනම් කරගෙන සාදනු ලබන කේන්ද්‍රය “මල්වර කේන්ද්‍රය“ නමින් හඳුන්වයි.
 මෙම මල්වර කේන්ද්‍රය අනුව ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ බලය අඩු - වැඩි  හෝ සමාන වන  අවස්ථා ඇත.
● එබැවින් මල්වර කේන්ද්‍රය සම්බන්ධයෙන් පලාපල ප්‍රකාශ කිරිමේදි “මල්වර කේන්ද්‍රය“ සහ “ජන්ම කේන්ද්‍රය“ යන කේන්ද්‍ර සටහන් 2 ම උපයෝගි කර ගැනීමෙන් නිසියාකාර නිගමන වලට එලඹ පලාපල කථනය කිරිමට හැකියාව ලැබෙනු ඇත.
උදාහරණයක් වශයෙන් මල්වර කේන්ද්‍රය දුර්වලව පවතින විට ජන්ම කේන්දරයේ  බලය දුරුවල නම් මල්වර පලාපල කථනයේදි කියවෙන අසුභ පල ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නට ඉඩ ඇත.
● ජන්ම කේන්ද්‍රයේ ප්‍රබල - සුබ පල ගෙන දෙන යෝග පිහිටා තිබියදි සුභ නැකතකින්, සුභ තිථියකින් මල්වර වුවහොත් මල්වර කේන්ද්‍රයේ ඇති ග්‍රහ බලය තවදුරටත් වැඩි වේ. එබැවින් ජන්ම හා මල්වර කේන්දරයන් බලවත්ව පවතිනවිට සුභ ඵලයන් උසස් ආකාරයෙන් ලබා ගැනිමට හැකිවේ.

-
මල්වරය වූ දිනය අනුව පලාපල
https://www.facebook.com/photo.php?fbid=339670106228000&set=a.186373248224354.1073741840.100005550390980&type=3&theater-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment