Sunday, July 16, 2017

“ රවි මාරුව “

ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයා 2017.07.16 - 2017.08.17 දක්වා සඳුගේ රාශියක් වන කටකයේ සිටි.  
රට තුල තිබු කැළඹිලි සහිත ස්වභාවය තරමක් අඩුවි යයි
-
ලග්න 12ට පොදුවේ මෙසේය.
 
 
● මේෂ
 රවි 4 වැන්නට පැමිණේ.
 ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථා යෙදීමට ඉඩ  ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩි විය හැක. කල්පනාකාරි විය යුතුය.
  රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
 දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.
 
-
● වෘෂභ
 රවි 3 වැන්නට පැමිණේ. 
කලබලකාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටළු ඇතිවේ. කල්පනාකාරි විය යුතුය. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. 
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. 
ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.
 
-
● මිථුන
  රවි 2 වැන්නට පැමිණේ.
 මෙතෙක් තිබු කරදර බාධක තත්වයන් මග හැරි යන තත්වයක් උදා වේ. වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආර්ථික වාසි සැලසේ. නව රැකියා උදාවේ. 
අධ්‍යාපනයට තිබු බාධා ඉවත් වේ. උසස් අධ්‍යාපන වරම් ලැබීමට ඉඩ ඇත

-
● කටක
කටක ලග්නයේ රවි 1 වැන්නට පැමිනේ.
 ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගැනීමට හැකි කාලයක් උදාවේ. රැකියාවේ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි. 
විදෙස් ගමන් යාමට හැකියාව ඇත. 
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
 
-
● සිංහ
සිංහ ලග්නයේ රවි 12 වැන්නට පැමිනේ.
 ආර්ථික තත්වය තරමක් පහල බැසීමට ආදායම් මාර්ග වල අවහිරතාද පෙන්නුම් කල හැකි කාලයක් වේ. 
රැකියා ස්ථානයේද තරමක් ගැටළුකාරි තත්වයන් මතුවිමට කරුනු යෙදිය හැකිය.
 ගෘහ ජිවිතයේ වැඩිපුර තම පෞද්ගලික කරුණු කාරණා වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැකිවනු ඇත.
 
-
● කන්‍යා
 කන්‍යා ලග්නයේ රවි 11 වැන්නට පැමිණේ. 
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත.
 රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ. ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමට අවස්ථාව උදාවනු ඇත.

-
● තුලා
තුලා ලග්නයේ රවි 10 වැන්නට පැමිනේ.
 මුල්‍ය ගැටලු  විසදා ගත හැකි වනු ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරි යයි.
 රැකියාවේ දියුනුව පෙන්නුම් කරයි.  උසස්වීම් තරග විභාග ආදියෙන් නිසි ඵල ලබාගත හැකි කාලයක් විය හැකිය.  ඉඩකඩම් මිලදි ගැනිම් වලට සුබ කාලයක් වේ. 
පවුලේ සමගිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වනු ඇත.
 
 
-
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ රවි 9 වැන්නට පැමිණේ. 
තරමක් සුබ පල ගෙනදෙන කාලයක් වේ. පෙර පැවති වියදම් තත්වය මග හැරි යන තත්වයක් උදා වේ. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි. විදෙස් ගමන් යාමට හැකියාව ඇත .
 
-
● ධනු
ධනු ලග්නයේ රවි 8 වැන්නට පැමිනේ.
 වෙනදාට වඩා කලබලකාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටළු ඇති වේ. 
වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවිය හැකි කාලයක් වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ. පවුල් ජීවිතයේ සමගියට බාධා  මතුවිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
 
-
● මකර
මකර ලග්නයේ රවි 7 වැන්නට පැමිණේ. 
හවුල් ව්‍යාපාර වලින් තරමක් වෙනදාට වඩා සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. 
රැකියාවේ බාධා ඉවත් වේ. නව රැකියා උදාවේ.  
පවුල් ජිවිතයේ තිබු බාධා ඉවත් වේ.  අධ්‍යාපනය ලබන දරුවන්ගේ දියුණුවට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
 
 
-
● කුම්භ
කුම්භ ලග්නයේ රවි 6 වැන්නට පැමිනේ. පවතින ප්‍රශ්න ගැටලු වලට විසදුම් සොයාගැනිමට අවස්ථාව ලැබිය හැකිය. 
ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. ආදායම් මාර්ග වල ගැටළු නිර්මාණය විය හැක, කල්පනාකාරි විය යුතුය. 
රැකියාවට තරමක් බාධා මතු විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. 
ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.
 
 
-
● මීන
 
මීන ලග්නයේ රවි 5 වැන්නට පැමිණේ.
 ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙනදෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටළු මග හැරි යයි. 
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ.
 
-

Facebook ඉරු සේවය

No comments:

Post a Comment