Monday, July 17, 2017

සතියේ ලග්න පලාපලය - ජුලි 18 - 24

077 2238041 - irusewaya@gmail.com
-
පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
අාදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්ථා උදාවේ. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. එහෙත් මුල්‍ය කලමණාකරණයේ පාඩු පෙන්වයි.
 රැකියාවන් සොයන අයට සුබ රැකියා ලැබේ. කරදර බාධක මග හැරි යයි. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි. සුළු සුළු පවුල් ආරවුල් ඇතිවීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කල යුතුවේ.


-
● වෘෂභ
මුල්‍ය කලමණාකරනයේ පාඩු පෙන්වයි. නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. යහපත්  ආර්ථික මට්ටමක් පවත්වාගෙන යාමේදි බාධා පැමිණිමට හැකිය.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට හැකිවේ.
 උදර  ආශ්‍රිත අසනීප ඉස්මතු වීමේ අවදානමක් ඇත. ගේ දොර සමගියට බාධා මතුවේ.


-
● මිථුන
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. තරමක් වියදම වැඩි වන සතියකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.
 රැකියාවේ බාධා පැමිනේ. ප්‍රශ්න වලට මුහුන  දීමට සිදුවේ. නව රැකියා අවස්ථා උදාවේ.
  පවුලේ සමගිය වර්ධනය වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.
 මංගල කටයුතු ප‍්‍රමාද විය හැක.


-
● කටක

මුල්‍ය කලමණාකරණයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකල යුතුය. කල්පනාකාරි විය යුතුය. බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.
රැකියාවේ කාලයක් තිස්සේ පැවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවේ.
ඉගෙනීම් කටයුතු පිලිබදව සැලකිලිමත් විය යුතුය.  පවුලේ සමගිය ඇතිවේ.

-


● සිංහ
ණය ලැබේ. ආර්ථිකය යහපත් වේ. විශේෂ ආර්ථික දියුණුවක් ලැබීම හැකි සතියකි. මෙතෙක් පැවති බාධා ඉවත් වේ.
රැකියා ස්ථානයේ ගැටළු නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. මංගල යෝග උදාවේ. ඉගෙනීම් කටයුතු පිලිබදව වෙනදාට වඩා අවධානයක් යොමු කිරීමට සිදු වේ.

-
● කන්‍යා
වෙනදාට වඩා මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. මුල්‍ය කලමණාකරණයේ පාඩු පෙන්වයි. වියදම් පාලනය කරගත යුතු වෙයි. බලාපොරොත්තු නොවුණු ගැටළු ඇති විය හැක.
නව රැකියා උදා වේ. රැකියාවේ දුර ගමන් යෙදේ. මානසික නිදහස අඩු විය හැක.
 නෑදෑ හිත මිත්‍රාදීන් නිසා  තරමක කරදර කාලයක් උදා විය හැක.

-
● තුලා
තමන් ගන්නා තීරණ නිසා තමන්ට අර්බුදකාරි තත්වයනට මුහුන පෑමට සිදු විය හැක.  ආදායම් මාර්ග වල නිසි ඵල ලබා ගැනිමට යම් පියවරක් ගැනිමට හැකිවීමට ඉඩ ඇත.
  රැකියාවේ තිබු ගැටලුකාරි තත්වයන් පහව ගොස් තරග විභාග ආදියට යොමුවිමට අවස්ථාවන් උදාවේ.
  තම විවාහය පිලිබද තීන්දු තීරණ ගැනිමට හැකියාව ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.

-
● වෘශ්චික
ආර්ථික ගැටලු විසදා ගනිමට හැකිවේ. නව ආදායම් මාර්ග උදා වෙයි.  ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි.
රැකියාව කිරීමේදී තරමක බාධා පැමිනේ. කල්පනාකාරි විය යුතුය. නව රැකියා උදාවේ.
 තම පවුල තුල   වගකීම් වැඩි වේ. පවුලේ අයගේ සහයෝගය අඩුවේ. අනාගතය පිළිබද වැදගත් තීරණ කිහිපයකට යොමුවේ.

-
● ධනු
ආදායම් මර්ග වලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා බාධා පැමිණිය හැක. නිවාස මිලදී ගැනීමට යොමු වන කාලයකි.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවේ උසස් වීමක් හෝ වෙනස් විමක් සිදුවන කාලකි.
පවුලේ සමගිය වර්ධනය වෙයි. මිතුරන් ඤාතින් අතර හොද හිත වර්ධනය වෙයි.

-
● මකර
ආර්ථික ගැටලු විසදා ගනිමට හැකිවේ. නව ආදායම් මාර්ග උදාවෙයි. ආර්ථික වාසි සැලසේ. නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. තිබු බාධාවන් අඩුවි යයි.
 නව රැකියා ප්‍රමාද කරයි. රැකියාව බාධා මැද කරගෙන යාමට සිදුවෙයි.
 පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. මංගල යෝග උදාවේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-
● කුම්භ
 පැවති බාධා ඉවත් වේ. ආදායම් මාර්ග යහපත් කර ගැනීමටත් වැඩි දියුනු කර ගැනිමටත්  හැකි වෙයි.
 රැකියා ස්ථානයේ බලාපොරොත්තු නොවුණු ගැටළු නිසා සිත් වේදනා ඇතිවිය හැක. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ.
උත්සව සහ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.

-
● මීන
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි.  භූමිය සම්බන්ධ ව්‍ායපාර වලට සුබ කාලයකි. අභියෝග වලට මුහුණදි ඒවා ජය ගැනීමට හැකිවනු ඇත.
වෙලදාම් රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ  බාධාවන් අඩු වී යයි.
 මංගල  උදා වෙයි, එවායේ ගැටලු විසදා ගැනිමට හැකිවිමට ඉඩ ඇත.

-
#ඉරු

No comments:

Post a Comment