Sunday, July 2, 2017

සතියේ ලග්න පලාපලය - ජුලි 03 - 09

පොදු පලාපලයක් පමණි !

● මේෂ ලග්නය

  මෙම සතිය තුල තම ආදායම් මාර්ග වල ආදායම පාලනය විමට ඉඩ ඇත,  එහෙත් නොසිතු මොහොතක කරදර වලටද ලක්විය හැකි සතියක් වේ.
 රැකියා කරමාන්ත චංචල භාවයන් පෙන්නුම් කරන රැකියා වෙනස් විම් පෙන්නුම් කරන සතියකි. නව රැකියා ප්‍රමාද වන සතියකි.
 ගෘහ ජිවිතයෙ තමන්ට තිබු නිදහස අඩුවි යන තත්වයක් නිර්මාණය විය හැක. දරැවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසිමට සිදුවේ.

-
● වෘෂභ ලග්නය
තමන් ගන්නා තීරණ නිසා තමන්ට අර්බුදකාරි තත්වයනට මුහුන පැමට සිදුවේ. ආදායම් මාර්ග වල නිසි පල ලබා ගැනිමට යම් පියවරක් ගැනිමට හැකිවිමට ඉඩ ඇත.
  රැකියාවේ තිබු ගැටලුකාරි තත්වයන් පහව ගොස් තරග විභාග ආදියට යොමුවිමට අවස්ථාව උදාවේ.
  තම විවාහය පිලිබද තින්දු තිරන ගැනිමට හැකියාව ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.

-
● මිථුන ලග්නය
ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකුල පියවර ගැනිමට සිදුවිය හැකිය, නැතහොත් මුල්‍ය ගැටලු ඇතිවිය හැකිය.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත.ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
 පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-
● කටක ලග්නය
 ආදායම් තත්වය වර්ධනය වේ. ආදායම් මාර්ග වැඩි දියුනු කිරිමට පියවර ගැනිමට සිදුවිය හැකිවනු ඇත. ණය ලබා ගැනිමට හා එ සදහා අවශ්‍ය වැඩ කටයුතු කරගත හැකි කාලයක් වේ.
නව  රැකියා උදාවේ.  රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය. පවුල්  ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවිය හැක. .
සමගිය වර්ධනය වේ.  මෙතෙක් තිබු කරදර බාධක මග හැරි යන කාලයක් උදාවනු ඇත.

-
● සිංහ ලග්නය
මෙම සතිය තුල ආදායම් තත්වය තරමක් පහල බැසිය හැකි වුවද උපායශිලි ක්‍රම මගින් එය මගහරවා ගත හකිවනු ඇත. තමන් ගනු ලබන තීරණ තමාගේ වාසිය උදෙසා ගත හැකි වේ. නව ආදායම් මාර්ග උදාවිය හැක. රැකියාවේ සිදුවන සුලු සුලු වෙනස්විම් හෙතුවෙන් පෙර තිබු කරදර කාරි තත්වයන් පහව යයි. නව රැකියා උදාවේ.
 ගෘහ ජිවිතයේ පෙර තිබු නිදහසට පාදා ගෙනදෙන සිදුවිම් නිර්මාණය විය හැක මංගල යෝග උදාවේ.

-
● කන්‍යා ලග්නය
නව ආදායමි මාර්ග උදාවිමට කරුනු යෙදේ.  ණය ලබා ගැනිමට උත්සාහ දරන අයට එ සදහා අවස්ථාව උදාවිය හැකිය.  ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු නිරාකරනය වේ රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. දරුවන් සහ පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.
 _

● තුලා ලග්නය
. ආදායමට වඩා වැය පස ඉහල යාහැකි තත්වයන් නිර්මානය විය හැක.කල්පනාකාරි විය යුතුය. ආදායම් මාර්ග වල අවහිරතාද පෙන්නුම් කල හැක.
තිබු රැකියාවේ ගැටලු නිර්මාණය වි රැකියාවෙ පෙර තිබු නිදහස නැතිවි යා හැක. පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු විමට හැකියාව ලැබෙනු ඇත.
 දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි.
-
● වෘශ්චික ලග්නය
මෙම සතිය තුල තම  ආදායම් මාර්ග වල පෙර තිබු අවහිරතා කරදර බාධක ඉවත්වි යා හැක. එහෙත් ආදායමට වඩා වැය පස ඉහල යාමට කරුනු යෙදිය හැක. කල්පනාකාරි විය යුතුය.
 රැකියාවේ බාධාකාරි තත්වයන් මග හැරි යා හැක. නව රැකියා උදාවේ තරග විභාහ ආදියට සිත යයි.
 ආදායමට වඩා වියදම වැඩි විම නිසා තම පවුල තුල ප්‍රකෝපකාරි සිදුවිම් හටගැනිමේ අවදානමක් ඇතිවිය හැකි සතියක් වේ. කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය.

-
● ධනු ලග්නය
ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකිවිය හැක. තමන්ගේ ආදායම් මාර්ග වල සුලු සුලු  අඩුපාඩු නිසා  තරමක් කලබලකාරි  ගති මතුවිය හැකි  සතියක් වේ.
රැකියාවෙ මෙතෙක් තිබු කරදර බාධා ඉවත්වේ. නව රැකියා ලැබෙයි.
 වැඩිහිටි අයගේ අවවාද ලැබේ. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි. පවුලේ සමගිය වර්ධනය වේ.  දරැවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-
● මකර ලග්නය
පහසුවෙන් තම ඉලක්ක සපුරා හැනිමට හැකියාව ලැබෙනු ඇති  සතියක් වේ.  ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකියාව ලැබිය හැකි සතියකි. නවතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකිවේ. කාර්මික ක්ෂෙත්‍රයේ රැකියා වලට සුබ සතියකි. රැකියා සොයන අයට හොද රැකියා අවස්ථා උදාවේ.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-
● කුම්භ ලග්නය
තම තැන්පත් මුදල් වැයවීමට කරුනු යෙදෙනු ඇත. ආදායම් මාරග වලට සතුරු කරදර එල්ල විය හැක.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසිය හැක.
 මංගල යෝග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදිය හැකි වනු ඇත.  ගෙදර පරිසරය අලංකාර ලෙස තබා ගැනිමට වෙනදාට වඩා උනන්දුව වැඩිවනු ඇත.

-
● මීන ලග්නය
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදිමට ඉඩ ඇත. කල්පනාකාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගතයුතු වේ.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ. දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතුවේ.

-

Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs


077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment