Sunday, July 30, 2017

සතියේ ලග්න පලාපලය - ජුලි 31 - අගෝ 06

-
මේ සතිය තුල චන්ද්‍ර/ සඳු ග්‍රහයා තුලා - වෘශ්චික - ධනු රාශි වල ගමන් කරයි.
-
පොදු පලාපලයකි.



● මේෂ
ආර්ථික අවාසි ප්‍රබලව ඇති වෙන මේ කාලයෙදි හවුල් ව්‍යාපාර බිද වැටිය හැකියි. කරන කියන කටයුතු වලට බාධක ඇති විය හැකිය. ඒ ගැන ප්‍රවේසම් වන්න, බුද්ධියෙන් කටයුතු කරන්න.
රැකියාවට තිබු බාධා ඉවත්වේ. නව රැකියාඅවස්ථා  උදා වෙයි.
ගෘහ ජිවිතය තුල පවුල් ආරවුල් ඇතිවිමට ඉඩ ඇත . දේශපාලනේ නියුතු  අයට විශේෂයි. දුවාදරුවන්ගේ සෞඛ්‍ය තත්වය ගැනද අවධානයෙන් සිටින්න.


-

● වෘෂභ

මේ සතිය තුල ඔබගේ කටයුතු ප්‍රවේසම් සහගතව කල යුතුයි. වැයපස පාලනය කරගත යුතුයි. හදිසි ධන හානි ඇතිවිමට හැකියාව ලැබීමට ඉඩ ඇති සතියකි.
රැකියාව තුල යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනිමට හැකිවේ.  නව රැකියා ප්‍රමාද වේ.
ගෘහ ජිවිතයෙදි පවුලේ අය සමග  සිත් අමනාප කම් ඇති වීමට ඉඩ ඇති සතියක් වේ.


-

● මිථුන

නව ව්‍යපාර ආරම්භ කිරිම නොකල යුතුයි. ආර්ථික පාඩු ඇතිවිය හැකියි. කරන කියන කටයුතු අසාර්ථක විය හැකි සතියකි.
නව රැකියා සොයන අයට සුභ කාලයකි.
ගෘහ ජිවිතය තුල අඹු සැමි භේද ඇතිවිය හැකිය. පවුලේ අය සමග ආරවුල්, සිත් තැවුල් ආදිය ඇතිවිය හැකියි. බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
 
-

● කටක

 අතපසු වූ සියලුම වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. අලුත් ව්‍යාපාර කරන අයට සුභයි. විදේසගත අයටද ඉතාම යහපත් කාලයක් වීමට හැකියාව පවතිනු ඇත.
ගෘහ ජිවිතය ඉතාම යහපත්වේ. තමාගේ කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් කරගැනීමට හැකි කාලයක් උදා වීමට ඉඩ ඇත.

-

● සිංහ

ආර්ථික තත්වයේ දියුණුව උදාවීමට හැකියාවක්  ඇතිවීමට ඉඩ ඇත.
රැකියා විරහිත අයට රැකියා උදාවේ . රැකියා කරන අයට සාමාන්‍ය පරිදි ගතවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල තමාට ඉතාම හොද කාලයක් උදාවීමට හැකි කාලයක් වේ. ගෙදර දොරේ දියුණුවට තමන්ගෙන් යම් දායකත්වයක් ලබාදීමට හැකි වීමට ඉඩ ඇත.

-

● කන්‍යා

තම ආදායම් මාර්ගයේ ගැටළු ඇතිවිමේ වැඩි ඉඩකඩක් පවති. එනිසා කරන කටයුතු බුද්ධියට මුල් තැනදී කල යුතුය.
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේදි ගැටලු මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත්ව වැඩ කල යුතුය.
ගෘහ ජිවිතය තුලද සුබයි කියන්න බැහැ. දුවාදරුවන් සහ ඥාතින් සමග හිත් නොහොඳකම් ඇතිවීමට ඉඩ තිබෙනව. ස්වාමි - භාර්යා ගැටළුද උද්ගත විය හැකි නිසා ඒවා අවම වන ලෙස කටයුතු කරන්න.

-

● තුලා

වෙළද ව්‍යාපාර කටයුතු දියුණුව අඩාල  වේ. වැය පස ඉහල යාමට ඉඩ ඇත.
 රැකියාවටද සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියා ලැබෙයි. එසේ වුවද නව රැකියා ලැබීම් ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා පිනට දහමට සිත නැඹුරු වීමට ඉඩ ඇත. වන්දනා ගමන් යෑමටත් ඔබට හැකියාව ලැබේ.
සෙම් අමාරු, ඇඟපත වේදනාව ආදිය ඇතිවිමට හැකියාව  ඇත.


-

● වෘශ්චික


 දියුණුව ලැබේ, ධන ලාභ, උදව් උපකාර ලැබීමට ඉඩ ඇති කාලයකි.
නව රැකියා සොයන අයට සුබ කාලයකි. රැකියා වල යෙදෙන අයට සාමාන්‍ය ආකාරයට රැකියාව කරගෙන යාමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතයේ සමගිය වර්ධනය  වන අතර, වැඩිහිටි සහෝදරයෙක්ගෙන් උදව් ලැබෙන්නටද හැකියාව පවති.

-

● ධනු
හවුල් ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙයි. ව්‍යාපාර ගැටලු ඇති විය හැක.
රැකියා කරන අයට උසස් වීම් ප්‍රමාද විය හැකි කාලයකි . විදේස ගත අයට සහ පිට පලාත් වල රැකියා කරන අයට දියුණුව උදාවීමට  හැකි කාලයකි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇති වෙන අතර මංගල යෝග උදාවීමට ඉඩ ඇත . දරුවන් අපේක්ෂා කරන අයට හොඳ කාලයක් වේ.


-

● මකර

දියුණුව පිණිස ගනු ලබන පියවරක් සාර්ථක වේ. ලැබෙන මුදල් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියාවේ තරමක් බාධා පැමිණීමට ඉඩ ඇත. ප්‍රධානින්ගේ දෝෂාරෝපණ එල්ල වේ.
ගෘහ ජිවිතය තුල අළුත් ඥාති හිතවත්කම් ගොඩ නැගිමට ඉඩ ඇති ප්‍රීතිදායක  කාලයකි.

-

● කුම්භ

ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත. ණය ගැනීමට සිදුවේ.
රැකියාවේ කටයුතු වල උනන්දුව ඇති වෙයි. ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලබයි. රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ. උසස් වීම් වලට ඉල්ලුම් කරන කාලයකි.
ගෘහ ජිවිතය තුල තමන්ගේ ස්ථාවරත්වය හිමි වන අතර දුවාදරුවන්ටද ඉතාම හොදයි. දරුවන්ගේගේ ජයග්‍රහණ අපේක්ෂිතයි.
-

● මීන

කරන කියන කටයුතු සාර්ථක වේ. දියුණුව ලැබිමට ඉඩ ඇත. එසේම වැඩිහිටියන්ගේ උදව් උපකාර ආර්ථික වාසි වලට හිමියි. නව ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි.
 වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කරගෙන යාමට ඉඩ ලැබේ. නව රැකියා  ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්. සතුටින් සිටිමට හැකියාව ලැබෙන  කාලයක් වනු ඇත.

-

Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs


irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment