Friday, August 4, 2017

නාගර්ජුන යන්ත්‍රය

නාගර්ජුන යන්ත්‍රය යනු, රාහු අපලයට පලදින ප්‍රබලම ගණයේ යන්ත්‍රයකි. මෙම යන්ත්‍රය නම් කිලි කුණු වලින් සහ යම් යම් උපද්‍රව වලින් ආරක්ෂා කරගත යුතුය.

* රාහු මහ දසාව කෙනෙකුට ලැබුවොත් වසර 18ක් පවති. එම කාලයේදී මෙම යන්ත්‍රය පැලදවීම කල යුතුය.
* නාගර්ජුන යන්ත්‍රයේ සොලොස් ගැබකි. එම හැම ගැබකම ආතුරයාට සෙත් පතා යම් මන්තර රත්නයක් ලියා ඇත. යන්තරයේ මැද තරු සලකුණක් ඇත. එතන ජන්මියාගේ නම සහ නැකත ලියනු ලැබේ. ජීවම් කරන කල්හි පිරිමි දරුවෙකුට නම්, පාර්වති පුත්‍රාය යනුවෙන්ද, ගැහැණු දරුවෙකුට පාර්වති දුහිතෘය යනුවෙන්ද උච්චාරණය කරනු ලබයි.
දුකට පත් ආතුරයා(යන්ත්‍රය ලබන තැනැත්තාව සමාන කරනු ලබන්නේ පාර්වති දේවියගේ පුත්‍රයා ලෙස හෝ දුව ලෙසය) මෙම යන්තරයෙන් සියලුම මානසික උපද්‍රව දුරු කර ආර්ථික දියුණුව ලගාකර ගත හැක.

● මේ සමගම යෝගකාරක ග්‍රහයන්ගේ මැණික් ගල්, අදාල ආතුරයාගේ කේන්දර සටහනට අනුව සුබ ග්‍රහයන්ගේ සුබ පල වැඩිකිරීමට එම ගල්ද අනිත් අතේ මෙම රාහු අපලයට අවශ්‍ය කරන ගල්ද අල්ලා පැලදීම යහපති.
● රාහු අපලය නිසා ඇතිවන මානසික අවපීඩන තත්වයන්, මුදල් නාස්තිය, නිකරුනේ ඇවිදීම, කෝපාවිෂ්ඨ වෙන ගතිය, හිරේ විලංගුවේ වැටීම, මෙවැනි සියලූම උපද්‍රව, දෝෂ සමනය කිරීමට මෙම යන්ත්‍රය ඉතාම බලවත්ය.

● මෙම යන්ත්‍රය කල යුත්තේ, අදාල පුද්ගලයාගේ කේන්දර සටහන බලා ඒ අනුවය. එනම් එම පුද්ගලයාට රාහු ඇතුළු අනිකුත් ග්‍රහ බලපෑම් ඇති ආකාරය යනාදි සියලු කරුණු සලකා බලාය.
යන්ත්‍රය කිරීමේදී කේන්දරය අනුව සියලු කටයුතු වලට සුභ නැකැත් වලට ඇරඹිය යුතුමය. නිසි ජප සංඛ්‍යාව පූර්ණය විය යුතුමය. යන්ත්‍රය කරන ලබන තැනැත්තන් සිල්වත් - ගුණවත් අය විය යුතු සේම නිසි ලෙස පේවී එම කටයුතු කල යුතුමය.

● නිවරදිව කරන්නට නම් අදාල පුද්ගලයාට අනුව කරන යන්ත්‍රයට ජප සංඛ්‍යාවන් යනාදි සියල්ල සූක්ෂමව බලා තීරණය කර කල යුතුමය. එසේ නැතිව කිරීමෙන් සුභ ඵල අවම වනු ඇත.
බොහෝ තැන් වල මෙන් එක්වර යන්ත්‍ර 100-1000 ජප කර තබා ඉල්ලු සැනින් ලබාදෙන "Whole Sale" ගණයේ යන්ත්‍ර වලින් සුභ කෙසේ වෙතත් අසුභ ඵලද ලැබෙන්නට ඉඩ වැඩිය.

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment