Sunday, August 13, 2017

සතියේ ලග්න පලාපලය - අගෝ 14 - 20 (2017)

-
පොදු පලාපලයකි.

චන්ද්‍රයා - මේෂ, වෘෂභ, මිථුන රාශි වල ලබන සතිය පුරා ගමන් කරයි.


-
● මේෂ
ආර්ථික වශයෙන් පාඩු සිදුවිය හැක. සතිය පුරා යම් යම් කරදර වලට මුහුණ පෑමටත් ඉඩ ඇති නිසා සිතේ සහනය අඩු වීමට ඉඩ ඇත.
රැකියාව කාර්යබහුල වෙයි. ආරක්ෂක අංශය හෝ ඒ ආශ්‍රිත රැකියා කරන අයට තරමක් සුභ ඵල හිමියි. ආයතන ප්‍රධානින් සමග මත ගැටුම් ඇති වීමට හැකි කාලයකි.
ගෘහ ජිවිතය  තුල තරමක් යහපත්ය. පවුලේ සමගිය වර්ධනය වෙයි. ප්‍රමාද වූ විවාහ කටයුතු වලට සුබයි.


-
● වෘෂභ
පෙර තිබුනු කරදරකාරි ගති අඩු වන සතියකි. කාර්යබහුල වෙයි. තමන්ගේ නව ව්‍යාපාර සදහා සුභ ඵල ගෙන දෙන කාලයකි.
රැකියාව වෙනස් වීමක් හෝ ස්ථාන මාරුවක් විය හැක. සතුරු කරදර අඩු වෙයි. රජයේ හෝ නව රැකියාවක් ලැබීමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය  තුල වැඩිහිටියන්ගේ අවවාද - උපදෙස් ලැබේ. පවුලේ සමගිය වර්ධනය වෙයි. දරුවන්ගේ මතක ශක්තිය අඩු වීමට හේතු තිබේ - අධ්‍යාපනයට තරමක බාධා තිබේ.

-
● මිථුන
තැන්පත් ධනය තර වෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ආදායම් මාර්ග වලට තිබුනු කරදරකාරි ගතිය අඩු වෙයි.
රැකියාවේ උසස් වීමක් හෝ වෙනස් වීමක් පෙන්නුම් කරයි. නව රැකියා අවස්ථා උදා වෙයි. උසස් වීම් තරඟ විභාග ආදියට මුහුණ දීමට හැකි වේ.
ගෘහ ජිවිතය  තුල ගේ දොර සම්බන්ධ ප්‍රශ්න වලට තමන්ට මුහුණ දීමට සිදු වෙයි. පවුලේ අය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. දරු උපත් අපේක්ෂා කරන අයට ඒ සදහා සුබයි.

-
● කටක
නව ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි. ධනය වැය කර යම් කටයුත්තක් ඇරඹීමට සුභ ඵල ගෙන දෙන කාලයකි. නව මිතුරන් මුණ ගැසීමට ඉඩ ඇත. මිතුරන්ගෙන් ආර්ථිකයට සුභ ඵල ලැබිය හැක.
රැකියාවේ තිබුනු කාර්යබහුල බව අඩු වේ. නව රැකියා අවස්ථා උදා වේ. ස්වයං රැකියා වල නියුතු අයට සුභ ඵල ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය  තුල අනාගත දියුණුවට පියවර ගන්නා කාලයකි. ආදර සබදතා වැඩි දියුණු වේ, ඒවාට දෙමාපිය ආශිර්වාද ලැබේ. මංගල යෝග උදා වෙයි.

-
● සිංහ
බලාපොරොත්තුවකින් යුතුව වැඩ කටයුතු කලද, ඒවා නිෂ්ඵලදායි වන්නට ඉඩ ඇත. ඒ පිලිබද සැලකිලිමත් වන්න. තිබු කරදර අඩු වුවද මිතුරන් නිසා තරමක් කරදරකාරි කාලයක් විය හැක. ආර්ථික තත්වය පහල යෑමටද ඉඩ ඇත.
රැකියාවෙදි ප්‍රධානින් සමග මතභේද ගැටුම් ඇති වීමට ඉඩ ඇත. ස්ථාන මාරුවක් හෝ රැකියාව වෙනස් වීමක් පෙන්වයි. ප්‍රධානින් සමග දුර බැහැර ගමන් යාමට සිදුවේ.
ගෘහ ජිවිතය  තුල වෙනදාට වඩා පවුලේ සමගිය වර්ධනය වෙයි. ප්‍රමාද වූ විවාහ යෝජනා ස්ථිර වේ. ප්‍රියසම්භාෂණ වලට සහභාගි වීමට අවස්ථා ලැබෙනු ඇත.

-
● කන්‍යා
වෙනදාට වඩා ව්‍යාපාර වල ප්‍රගතියක් පෙන්වයි - ඉලක්ක සපුරා ගත හැක. නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුභයි. ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියා අපේක්ෂිතයන්ට රැකියා ලැබේ. රැකියාවේ තරඟ විභාග, උසස් වීම් ආදියට අවස්ථා උදා වෙයි. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි.
ගේ දොර දේපල මිලදී ගැනීමට හෝ තිබෙන ප්‍රශ්න නිරාකරණයට හැකියාව ලැබෙන කාලයකි. දුර ගමන් යෙදිය හැක. ඥාතින් හිතමිතුරන් මුණගැසෙන කාලයකි.


-
● තුලා
වැය වීම ඉහල යා හැක. ණය ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. මූල්‍ය ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවෙදි ආයතන ප්‍රධානින් සමග ගැටුම් ඇති වීමට ඉඩ ඇත. ස්ථාන මාරු වීම් හෝ කරන කටයුතු වලට බාධා පැමිණීමට ඉඩ ඇත.  නව රැකියා අවස්ථා ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය  තුල හදිසි අනතුරු හෝ රෝග පීඩා වලට මුහුණ දීමට සිදුවිය හැක. තමන්ගේ සමීපතමයින් සමග ගැවසීමට සිදු වෙයි. අධ්‍යාපන කටයුතු වලට බාධා තිබේ.


-
● වෘශ්චික
තිබෙන ආදායම් මාර්ග වලට අවහිරතා පෙන්නුම් කරන කාලයකි. නව ආදායම් මාර්ග සැලසුම් කිරීමට හෝ ව්‍යාපාර ණය ලබා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියා කරන ස්ථානයේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබේ. රැකියාව ස්ථිර - ස්ථාවර වෙයි. තරඟ විභාග ආදියට මුහුණ දීමට හැකියාව ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය  තුල දේපල පිලිබද ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. සහෝදර සහෝදරියන් සමග එකමුතුව කටයුතු කල හැක. දෙමාපියන්ගේ උපදෙස් ලැබෙනු ඇත. ලෙඩ දුක් වලට ඔබගේ ධනය වැයවීමට ඉඩ ඇත.


-
● ධනු
ණය ගනුදෙනු වලදි ප්‍රවේසම් වන්න. සොර සතුරු කරදර ඇති වීමට ඉඩ ඇත. කලක් තිස්සේ පැවති ගැටළු විසදා ගත හැක. මූල්‍ය ණය ලැබෙයි.
රැකියාව නවතාවයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක් වීමට හැකියාව ඇත. රැකියා ස්ථානයේ මිතුරන් නිසා වැඩ අතපසු විය හැක.
ගෘහ ජිවිතයෙදි විවාහ යෝජනා ස්ථිර විය හැක. මංගල යෝජනා ස්ථිර විය හැක.
දරුවන්ගේ අධ්‍යාපනයට පියවරක් ගන්නා සතියකි.

-
● මකර
ආර්ථික වශයෙන් වෙනදාට වඩා ඉහලට යාමට හැකියාව ලැබෙන කාලයකි. නව ව්‍යාපාර සැලසුම් කිරීමට හැකියාව ලැබෙන කාලයකි. වෙනදාට වඩා උදව් - උපකාර මිතුරන්ගෙන් හෝ සමීපතමයින්ගෙන් ලැබෙන කාලයකි.
රැකියාවේ ස්ථාවර භාවය වැඩි වෙයි. විශ්වාසයෙන් යුතුව වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙයි. වෙනදා තිබුනු ගැටළුකාරි තත්වයන් මග හැරෙයි.
ගෘහ ජිවිතය තුලදී ගේ දොර සමගිය වර්ධනය වෙයි. නිවාස - දේපල පිලිබද ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබේ. නව නිවසක් හෝ ඉඩම් මිලදී ගැනිමට සුබයි.

-
● කුම්භ
නව ව්‍යාපාර ආරම්භ කරන්නේ නම් පරිස්සම් විය යුත්තේ, සතුරු කරදර - බාධක එල්ල වීමට ඉඩ ඇති බැවිනි. ණය ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මූල්‍යමය ගැටළු විසදා ගැනීමේදි ප්‍රවේසම් වන්න.
රැකියා වල ගැටළුකාරි තත්වයන් වලට මුහුණ පෑමට සිදු වෙයි. කරන රැකියාවේ බාධාකාරි සිදුවීම් වීමට ඉඩ ඇත. ආයතන ප්‍රධානින්ගේ දෝෂාරෝපණයට ලක්වීමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය විවාහය සම්බන්ධව තීරණ ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. මංගල යෝග උදා විය හැක. වෙනදාට වඩා මිතුරන් ඇසුරු කිරිමට ඉඩ ලැබේ. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.

-
● මීන
තම ආදායම් මාර්ග අවහිර වීමට ඉඩ තිබෙයි. රහස් සතුරන්ගේ බලපෑම් එල්ල වීමට ඉඩ තිබේ. වෙනදා තිබු ඒකාකාරි බව නැති වේ. කාර්යබහුල වේ.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා වෙහෙස වැඩි විය හැක. දුරබැහැර ගමන් යෙදීමට ඉඩ ඇත. ආයතන ප්‍රධානින් සමග මත ගැටුම් නිර්මාණය වීමට ඉඩ තිබේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය තහවුරු වෙයි. ප්‍රේම සබදතා පැවැත්වීමේදි ඒවාට ඉඩ ලැබෙයි. දෙමාපියන්ගේ අවවාද ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ගේ එම කටයුතු සාර්ථක කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

-

ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs

077 2238041
irusewaya@gmail.com



-

No comments:

Post a Comment