Wednesday, August 16, 2017

රාහු - කේතු මාරුව ( 2017 අගෝ - 2019 මාර්තු)

ප්‍රධාන ග්‍රහයන් 7 ට අයත් නොවන, ඡායා ග්‍රහයන් 2ක් වන රාහු - කේතු ජ්‍යොතිෂ්‍යයට අනුව විශාල බලපෑමක් දක්වයි. 2017 අගෝස්තු 18 වනදා රාහු කටක රාශියටද, කේතු මකර රාශියටද පැමිණෙයි. මෙම ග්‍රහ ගෝචරය 2019 මාර්තු දක්වාම පවති.
තදබල පාපියෙකු වන රාහු සහ කේතුගේ බලපෑම මුළු ලෝකයටම තිබේ. ඒ අනුව ලංකාවට පොදුවේ යහපත්ය. කුම්භ ලග්න ලංකා කේන්දරයේ 6 වැන්නට රාහුද, 12 වැන්නට කේතුද පැමිණෙයි.
ඒ අනුව විදේශ ගත ආධාර - ණය මුදල් සහ සහයෝගය ලැබීමට හැකියාව තිබේ. රටට විරුද්ධව පවතින සතුරු බලපෑම් දුරු වන ඒවා පරාජය කරන්නට හැකියාව ඇති කාලයකි. කේතුගෙ බලපෑම තුල ආදායම - වියදම වෙනදාට වඩා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන්නට හැකි වන කාලයකි.

-  ලග්න 12ට බලපෑම පොදුවේ මෙසේය.

-
● මේෂ
4 වැන්නට රාහුද, 10 වැන්නට කේතුද පැමිණෙයි.
ආර්ථික තත්වය තරමක් පහත යාමට ඉඩ ඇත. කලබලකාරි ගති වැඩි විමටත් එනිසාම අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමටත් හේතු පවති. තම සේවකයින් සහ ව්‍යාපාර වලට ප්‍රශ්න - ගැටළු ඇති වීමට ඉඩ ඇති නිසා ඒ ගැන මනා බුද්ධිමත්ව කටයුතු කරන්න.
රැකියාව වෙනදාට වඩා වෙහෙසකාරි බව වැඩි වීමට ඉඩ ඇත. උද්වේගකර ගති ඇති වීමට ඉඩ ඇත. රැකියාවේ වෙනසක් හෝ ස්ථාන මාරුවක් ලැබීමට ඉඩ ඇත. නව රැකියා වලට ඉල්ලුම් කිරිමට හැකියාව ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල ගෙදර කටයුතු ගැන වෙනදාට වඩා සොයා බලන කාලයකි. ගෙදර දොර ජිවිතය ගැන කළමනාකරණය සහිතව කටයුතු කල යුතුය, නැත්නම් ප්‍රශ්න ඇති විය හැක. අඹුසැමියන් අතර මත ගැටුම් ඇති විය හැකි නිසා බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ පපුවේ අසනීප, ඇවිලිලි ගති, තුනටිය අමාරු ඇති වීමට ඉඩ තිබේ



-
● වෘෂභ
3 වැන්නට රාහුද, වැන්නට 9 කේතුද පැමිණෙයි.
ආර්ථික තත්වය තරමක් ස්ථාවර කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත. වෙනදා තිබුනු ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරිමට හැකියාව ලැබෙනු ඇත. කලින්ට වඩා ඉදිරියට ගොස් වැඩ කිරීමට සිතෙන කාලයකි.
රැකියාවේ තරමක මතභේද ඇති විය හැක, ප්‍රධානින් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. උසස් වීම් බලාපොරොත්තුව සිටින අයට ඒ සදහා ඉදිරිපත් වීමට ඉඩකඩ ලැබේ.
ගේ දොර පිලිබදව වැඩි අවධානයකින් යුතුව කටයුතු කල යුතුය. ගේ දොර අලුත්වැඩියා කිරිමට, ඉඩකඩම් මිලදී ගැනීමට සුබ කාලයකි.
උසස් අධ්‍යාපනයට තිබුනු බාධා ඉවත් වෙයි.
සෞඛ්‍ය තත්වයේ බෙල්ලෙ අමාරු, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධ උත්සන්න වීමට ඉඩ තිබෙයි.


-
● මිථුන
2 වැන්නට රාහුද, වැන්නට 8 කේතුද පැමිණෙයි.
ආර්ථික තත්වය යහපත් වුවද වියදම වැඩිය. ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යා හැක. ව්‍යාපාර ක්ෂෙත්‍රය තුල නව පියවර ගැනිමට හැකියාව ලැබුනද තරමක හෝ ප්‍රශ්න ඇති විය හැකි බැවින් බුද්ධිමත් වන්න. සේවකයින් හෝ සමීපතමයින් සමග වචන හුවමාරු වලදී කල්පනාකාරි වන්න.
රැකියාවේ වෙනදාට වඩා ක්‍රියාශීලි ගති පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ කැපී පෙනෙන කෙනෙකු වීමට උත්සාහ දරන අතර ඒවා සාර්ථක වනු ඇත. උසස් වීම් - තරග විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත. රැකියාවේ මාරු වීම්, ස්ථාන මාරු වීම්, රැකියාවේ දියුණුව ලැබෙන - විදේශ ගත වීම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය තුලදි ආවේගකාරි ගති මතු වීමෙන් ප්‍රශ්න ඇති විය හැකි නිසා සැලකිලිමත් වන්න. ඉඩම් මිලට ගැනීමට, නිවාස අලුත්වැඩියාවට අවස්ථාවන් තිබේ.
සෞඛ්‍ය තත්වයේ කකුල් අමාරු, අත් පා වල වේදනා යනාදිය ගැන සැලකිලිමත් වන්න.



-
● කටක
1 වැන්නට රාහුද, වැන්නට 7 කේතුද පැමිණෙයි.
මෙනිසා තරමක් ප්‍රවේගකාරි ගති මතු වන කාලයකි. දුර දිග නොසිතා වැඩ කිරිමට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න. ව්‍යාපාර සහ ආදායම් මාර්ග වෙනුවෙන් ගන්නා තීරණ වලදි 2 වරක් සිතා බලා කටයුතු කරන්න.
රැකියාවේ වෙනදා තිබුනු ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආයතන ප්‍රධානින් සමග ගැවසීමට සිදුවේ. කැපී පෙනෙන කෙනෙක් වනු ඇත. තවද රැකියාවේ ස්ථාන මාරු වීම් - උසස් වීම් වලට ඉඩ ලැබෙන කාලයකි. දුර ගමන් යෙදේ.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා බාධා - ගැටළු ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් වන්න. ප්‍රේම සබදතා දෙදරා යාමට ඉඩ ඇත. ගේ දොර ඉඩකඩම් පිලිබදව තම ඥාතින් සමග ගැටුම්ද ඇති වීමට ඉඩ ඇත.
සෞඛය තත්වයේ මානසික පීඩාවන්, මානසික ආතතියද, ඔළුව කැක්කුම් ඇති වීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.


-
● සිංහ
12 වැන්නට රාහුද, වැන්නට 6 කේතුද පැමිණෙයි.
ආර්ථික තත්වය තරමක් අස්ථාවර වීමට ඉඩ තිබේ. මෙය තරමක් දීර්ඝව බලපෑමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න. ගනු ලබන තීරණ ගැන 2වරක් සිතන්න. තම ව්‍යාපාර හෝ ආදායම් මාර්ග පිලිබදව ගනු ලබන තීරණ වලින් නිෂ්ඵලදායක ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත. සේවකකාරකාදින් සම්බන්ධව ප්‍රශ්න ගැටළු ඇති විමටත් වියදම් වැඩි විමටත් ඉඩ ඇත.
රැකියාවේ යම් යම් අසහනකාරි තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. තරමක් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කටයුතු කිරීමට සිතාගත යුතුය, නැත්නම් අයහපත්ය. ප්‍රධානින් සමග මතභේද වලට තුඩු දෙන කාරණා ඇතිවීමට ඉඩ ඇත. විදේශ රැකියා වලට යෑමට සුබයි.
ගෘහ ජිවිතය ගමන් බිමන් අධික වෙයි. නිවසෙන් නිතර බැහැර වීමට හේතු යෙදේ. දියුණුව පිලිබදව පියවර ගැනිමට සිදුවේ, ගැටළු ඇති විමට ඉඩ ඇති නිසා. නිවසෙ සමගිය රැකගැනිමට කටයුතු කල යුතුය.
අධ්‍යාපන තත්වයේ විදේශගත අධ්‍යාපනය ලැබිමට සුදුසු කාලයකි.
සෞඛ්‍ය තත්වයේ තුනටිය අමාරු - අතපය කැක්කුම් යනාදිය ගැන සැලකිලිමත් වන්න.

-
● කන්‍යා
11 වැන්නට රාහුද, වැන්නට 5 කේතුද පැමිණෙයි.
ආර්ථික තත්වය වර්ධනය වනු ඇත. තම ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරයි. තම ව්‍යාපාර හෝ නව ආදායම් මාර්ග උදා වෙයි. සතුරන් පරාජය කිරිමට හැකියාව ඇති කාලයකි.
රැකියාවෙ වෙනස්කම් පෙන්නුම් කරයි. රැකියාවේ උසස් වීම් - තරග විභාග ආදියට මුහුණ දීමට සිදුවන කාලයකි. ස්ථාන මාරුවක් වීමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වෙයි. ගේ දොර ප්‍රශ්න ගැටළු විසදා ගැනිමට හැකියාව ලැබෙන කාලයකි. පදිංචිය වෙනස් කිරිමට හෝ අලුත් නිවසකට යාමට තිබු බාධාවන් ඉවත් වේ.
සෞඛ්‍ය තත්වයෙදි ලේ සම්බන්ධව දෝෂ ඇති විමට යම් ඉඩක් ඇත.


-
● තුලා
10 වැන්නට රාහුද, 4 වැන්නට කේතුද පැමිණෙයි.
ආර්ථික තත්වය යහපත්ව පවතිනු ඇත. වියදම් අඩු වෙයි. තැන්පත් ධනය සුරැකේ. ආර්ථික ප්‍රශ්න තරමක් ඇතිවිය හැක. ණය ගැනීමට හෝ මිතුරන්ගෙන් ඇප උපකාර ලැබිමට සිදුවිය හැක.
රැකියා ස්ථානයේ වෙහෙසකාරි බව වැඩි වෙයි. රැකියා මාරු වීම්, උසස් වීම් වලට තිබුනු බාධා ඉවත් වේ. දුර ගමන් යෙදේ. රැකියා ස්ථානයේ සතුරන්ගෙන් පීඩන එල්ල වීමට ඉඩ තිබේ.
ගෘහ ජිවිතය තරමක් ගැටළු සහිත වීමට ඉඩ තිබේ. ඒ ගැන සැලකිලිමත් වන්න.
අධ්‍යාපනය ලබන දරුවන්ට සාර්ථකයි. දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් කැපවීමට සිදුවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් සහ පපුව ආශ්‍රිත අසනීප, ස්නායු අමාරු යනාදියෙන් පරිස්සම් වන්න.

-
● වෘශ්චික
9 වැන්නට රාහුද, වැන්නට 3 කේතුද පැමිණෙයි.
ආර්ථිකය වර්ධනය වනු ඇත. වියදම අඩු වීමට ඉඩ ඇත. තමන්ගේ ව්‍යාපාර ආරම්භ කිරිමට හෝ සැලසුම් කිරීමට ඉඩකඩ ලැබෙයි. ඉඩම් හෝ නිවාස - දේපල මිලදී ගැනීමට සිත්දෙන කාලයකි, ඒ ගැන සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරයි.
රැකියාවේ නව ප්‍රවණතා පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත. සුදුසුකම් වලට සරිලන පරිදි රැකියාවේ - උසස් වීම්, මාරු විම් ලැබෙනු ඇත. ගමෙන් පිට රැකියාවලට යෑමට හෝ රැකියාව නිසා දුර ගමන් යෙදෙන කාලයක් වනු ඇත.
ගෘහ ජිවිතය තුල ප්‍රශ්න ගැටළු ඇති වීමට ඉඩ ඇත. ඉවසිලිවන්ත වන්න. පදිංචියේ වෙනසක් හෝ මාරු වීමක් වීමට ඉඩ තිබෙයි. ඇතිවන ගැටළු නිසා මානසික පීඩාවන්ද වැඩි වීමට ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යාමට වරම් ලැබේ. විදේශ අධ්‍යාපනයට යාමට සිටි දරුවන්ගේ බලාපොරොත්තු සඵල වේ.
සෞඛ්‍ය තත්වයේ තුනටිය ආශ්‍රිත වේදනා - කැක්කුම් ඇති විය හැක.


-
● ධනු
8 වැන්නට රාහුද, වැන්නට 2 කේතුද පැමිණෙයි.
ආදායම් තත්වය තරමක පසුබෑමකට ලක්විය හැක. නව වෙනසක් කිරීමට පියවර ගත යුතුය, නැත්නම් ගැටළු ඇති විය හැක, ණය ගැනීමට සිදු වෙයි. මිතුරන්ගේ හෝ උපකාර ලබා ගැනිමට සිදු වෙයි.
රැකියා අායතන තුල සතුරන් ඇති වීමට ඉඩ ඇත. හදිසි කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානින් හා මත ගැටුම්ද මානසික පීඩාද ඇති වීමට ඉඩ තිබේ.
ගෘහ ජිවිතය කරදරකාරි වෙන්නට ඉඩ ඇත. වියදම තරමකට අඩු විය හැක. ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කල යුතුය. විවාහය සම්බන්ධව ගැටළු ඇති විමට ඉඩ ඇත. මංගල යෝග කල් යයි.
අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් පියවර ගත යුතුමය.
සෞඛ්‍ය තත්වයේ හදිසි අනතුරු, රෝහල් ගත වීම් යනාදිය ඇති නිසා ප්‍රවේසම් වන්න.


-
● මකර
7 වැන්නට රාහුද, වැන්නට 1කේතුද පැමිණෙයි.
ආර්ථික වාසි සැලසෙයි. බුද්ධියෙන් යුතුව කටයුතු කිරිමට ඉඩකඩ ලැබෙනු ඇත. තම ව්‍යාපාර හෝ ආදායම් මාර්ග වල ප්‍රශ්න ඇති වුවද ඒවා බුද්ධියෙන් විසදා ගැනිමට හැකියාව ලැබෙනු ඇත. නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුබයි. ව්‍යාපාර හෝ ආදායම් මාර්ග වල නව ප්‍රවණතා පෙන්නුම් කරයි.
රැකියාවේදී තම බුද්ධියෙන් කටයුතු කිරිම තුල ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක්විය හැක. හිත මිතුරන්ගේ අවවාද උපදෙස් ලැබෙන කාලයකි. රැකියාවෙ වෙනස් වීම් - උසස් වීම් වලට ඉල්ලුම් කිරිමට සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල ප්‍රශ්න ගැටළු බුද්ධිමත්ව විසදා ගත යුතුය. නිවාස වෙනස් වීම - පදිංචිය වෙනස් වීමට ඉඩ ඇත. ප්‍රේම සබදතා වලදි ගැටළු ඇති විමට ඉඩ ඇත.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉගෙනීම් කටයුතු අතපසු විය හැක්කේ විනෝදයට සිත යාම නිසාය.
සෞඛ්‍ය තත්වයේ දණිස් ආබාධ, හිස ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

-
● කුම්භ
6 වැන්නට රාහුද, වැන්නට 12කේතුද පැමිණෙයි.
ආර්ථික වාසි සැලසෙන කාලයකි. ආර්ථිකයේ යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. ආදායම් මාර්ග වල ඇති දුර්වලතා හදුනාගෙන ඒවාට නිසි පිලියම් යොදා ගැනිමට හැකියාව ලැබෙනු ඇත. එනිසා ගැටළු අවම කරගත හැකිය.
රැකියාවේ කටයුතු වලදී මෙතෙක් තිබුනු ගැටළු නිරාකරණය කර ගැනිමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාවේ ස්ථාවර බව හෝ උසස් වීම පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානින් සමග සුහදව කටයුතු කිරිමෙන් තිබෙන ගැටළු විසදා ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල වෙනදා තිබුනු ගැටළු බුද්ධිමත්ව විසදා ගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
හදිසි රෝගාබාධ ඇති වීමට ඉඩ තිබෙයි. යටි බඩ ආශ්‍රිත අමාරු, අපෙන්ඩිටයිස්, ගල් යනාදිය ගැන සැලකිලිමත් වන්න.

-
● මීන
5 වැන්නට රාහුද, වැන්නට 11 කේතුද පැමිණෙයි.
ආදායම් තත්වයේ දුර්වලතා පෙන්නුම් කරයි. ඒ ගැන පියවර ගැනිමට සිදු වේ. නැත්නම් ගැටළු ඇති විමට ඉඩ ඇත. ණය ගැනිමට සිදුවිය හැක. තම ව්‍යාපාර වල ගැටළු නිසා සිතට පීඩා ඇතිවිය හැක. ව්‍යාපාරික සතුරන් ඇති විමට ඉඩ ඇත.
රැකියාවේදී වෙනදා තිබුනු ගැටළු විසදා ගැනිමට හැකියාව ලැබුනද, අධිකව කලබල වී වැඩ කටයුතු කලොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ එම කටයුතු වලට බාධා ඇතිවිය හැකි නිසා දෙමාපියන් සැලකිලිමත් වන්න. දරුවන් දෙමාපියන්ට අකීකරු වීම් තුලින් ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල දරු උපත් අපේක්ෂා කල අය විශේෂයෙන් පරිස්සම් විය යුතුය.
සෞඛ්‍ය ගර්භාෂයේ අසනීප, බඩ පිපීම් යනාදියද, බඩ වැල් ආශ්‍රිත රෝගාබාධ යනාදියෙන් පරිස්සම් වන්න.


-




-

No comments:

Post a Comment