Sunday, August 27, 2017

අඟහරු මාරුව -


ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු අගෝස්තු මස 27 වැනිදා කටක රාශියෙන් මිදී  සිංහ රාශි ගත වෙයි. අගෝ 27 සිට ඔක් 13 දක්වා කුජ සිංහ රාශියේ සිටි. ආණ්ඩු පක්ෂය සහ මහජනතාව අතර මත ගැටුම් ඇතිවීමට  හේතු කාරණා පවති. විප්ලවකාරි කුජගේ බලපෑමෙන් මෙවන් තත්වයක් ඇති විය හැකි වුවද, රාජ්‍ය කාරක රවිද බලවත්ව සිටිම තුල තත්වය බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් කළමකාරණය කරගැනිමේ හැකියාව රජයට ඇත.
-

● මේෂ ලග්නය

මේෂ ලග්නයේ කුජ 5 වැන්නට පැමිණේ.
පෙර ගැනීමට නොහැකි වී තිබූ තීරණ ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. සෘජු තීරණ ගැනීම තුළින්ද තරමක් අවාසි සහගත වීමට ඉඩ ඇත .
රැකියා වලට නම් තරමක් බාධා අඩු වෙන කාලයක්  තරඟ විභාග වලට උසස්වීම්වලට පෙර පැවැති බාධා තත්වයන් අඩු වන කාලයක් විමට ඉඩ ඇත. නව රැකියා වලට ඉල්ලුම් කරන අයට ඒ සඳහා අවස්ථාව ලැබිමට හැකි කාලයක් වේ.
ගෘහ ජීවිතයේ පෙර පැවති අලස ගති කම්මැලි ගති නැතිවි ඉතා උද්යෝගයෙන් යුතුව වැඩ කටයුතු කිරීමට ලැබිය හැකි කාලයක්වේ.

-

● වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයේ 4 වැන්නට කුජ නොහොත් අඟහරු පැමිණේ.
පෙර පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩු වීමට  ඇත. තමන් නොසිතූ වෙලාවන් වලදී මූල්‍ය  කරදර සිදුවීමට ඉඩ ඇත. කල්පනාකාරීව තම වැඩ කටයුතු කර ගත යුතුය.
රැකියා ස්ථානයේ සතුරු කරදර ඇති විමට ඉඩ ඇති කාලයක් වේ. තමන් කරන කියන කටයුතු වලින් කටයුතු වලින් තමන්ට අන් අයගේ පීඩා හෝ කරදර විඳීමට සිදුවේ.
 ගෘහ ජිවිතය තුල තමන් ගන්නා තීරණ හේතුවෙන් පසුතැවීමට සිදු වීය හැක.
_

● මිථුන ලග්නය
මිථුන ලග්නයේ කුජ 3 වැන්නට පැමිණේ.
එමනිසා තරමක්  ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට ඉඩ ඇත. තම ආදායම් මාර්ග වල ආදායම පිරවීමට හෝ අඩාල වීමට ඉඩ ඇත. මේ පිළිබඳව තරමක් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.
 අනුන්ගෙ වැඩ රාජකාරි තමන්ට පැවරීම තුලින් රැකියා ස්ථානයේ වෙහෙසකාරී බව වැඩි වේ. නව රැකියා ඉල්ලුම් කර ඇති අයටම තමන්ට සුදුසු රැකියා තරමක් ප්‍රමාද වීමට ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපන තත්වය තරමක් පසුබැසීමට   ඉඩ ඇත. අහල පහල අය සමග තරමක්  අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ  කල්පනාකාරීව කටයුතු කරන්න.
_

● කටක ලග්නය

කටක ලග්නය කුජ 2වැන්නට පැමිණේ.
තමන් මෙතෙක් ඉතිරි කර තිබූ ධනය වියදම් වී යෑමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට සහ තිබූ ආදායම් මාර්ග වලින් ලැබෙන මුදල් අඩු වී යාමට  ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට ලක් වීමට ඉඩ ඇත. නව රැකියා සොයා ගැනීමට තිබු  බාධා ඉවත් වේ. නව රැකියා ලැබේ.
තම ගෘහ ජීවියේ මෙතෙක් තිබූ සමගියට බාධා පැමිණේ. දරුවන් නිසා ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවන කාලයක් විය හැක.

-

● සිංහ ලග්නය

සිංහ ලග්නයේ කුජ ලග්න ගත වේ.
මෙතෙක් පැවති පැවති බාධක ඉවත් වී යාමට ඉඩ ඇත. තම ආදායම් තත්ත්වය  සරු කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ කඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
නව රැකියා ලැබීමෙන් හා කරන රැකියාවද ස්ථාවර බව ඇති කිරීමෙන් ජිවිතේ දියුණුව කරා යාමට හැකියාව ලැබීමට ඉඩ ඇත. උසස්වීම් තරඟ  විභාග ආදියට යොමු වීමට තිබූ බාධා ඉවත්වි යාමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය වේ. මෙතෙක් විසඳා ගැනීමට නොහැකිව තිබූ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විමට ඉඩ ඇත.

-

● කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයේ කුජ හෙවත් අඟහරු12 වැන්නට පැමිණේ.
තමන්ගේ ආදායම් මාර්ග වල ආදායම් තත්වය තත්වය පහල බැසීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ තම යටත් සේවකයන් සමඟ ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති කාලයකි.  ඔබගේ රැකියා ස්ථානයේ මාරු වීමක් හෝ රැකියා වෙනස් වීමක් පෙන්නුම් කරයි. හදිසි තීරණ වලට නොගොස් වැඩ කටයුතු කිරීමට මතක තබා ගතයුතු කාලයකි.
අවිශ්වාස කිරීම තුලින් අඹු සැමියන් අතර ගැටලු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. තව ද ඔබගේ කායික සෞඛ්‍ය පිලිබද සැලකිලිමත්ව වැඩ කටයුතු කලයුතු කාලයකි.
-

● තුලා ලග්නය
තුලා ලග්නය ලග්නයේ කුජ 11 වැන්නේ.
 මේ පැමිණීම තුළින් පෙර පැවැති ආර්ථික අපහසුතා සහ ආදායම් මාර්ග වල බිඳ වැටිම් පහ වි ගොස් යහපත් කාලයක් උදා වීමට ඉඩ ඇති කාලයක් වෙයි.
නැතිවූ රැකියාවන් නැවත ලබා ගැනීමට ඉල්ලුම් කිරීමටද, නව රැකියාවක්  ලබා ගැනීමටද යහපත්ය. රැකියා ස්ථානයේ මිතුරු මිතුරියන්ගෙන් ඇප  උපකාර ලැබේ.
ගෘහ ජිවිතයේ සමගිය වර්ධනය වේ. ජීවිතයේ වැදගත් තීරණ රැසක් ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
-
● වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ තම ලග්නාධිපති ග්‍රහයා 10 වැන්නට.
මේ පැමිණීම තුළින් නව ආදායම් මාර්ග වලට අත ගැසීමට ගෙවල් දොරවල් ඉඩකඩම් මිලදී ගැනීමට, නව ව්‍යාපාර සැලසුම් කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා කරන අයගේ රැකියා ස්ථාවර  බවට පැමිණිමට ඉඩ ඇත.   රැකියා නොමැති තරුණ තරුණියන්ට නව රැකියා ලැබිමට ඉඩ ඇති කාලයක් වේ.
තනි තීරණ  ගැනීම තුළින් ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇති කාලයකි. දරුවන්ට වෙනදාට වඩා ක්‍රීඩා කටයුතු වලින්  ඉදිරියට  යාමට හැකියාව ලැබීමට ඉඩ ඇත.

-

● ධනු ලග්නය

ධනු ලග්නයේ කුජ 9 වැන්නට පැමිණේ.
 පෙර පැවති වියදම් තත්ත්වය අඩු වී යාමට කරුණු යෙදෙනු ඇත. එහෙත් තමන් ස්වාධීනව තීරණ ගැනීම තුළින් යටත් පිරිසෙන් තරමක් ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවෙන් පෙර පැවති වෙහෙසකාරී තත්වය තරමක් දුරට  අඩු වී යා හැකි විමට ඉඩ ඇත. රැකියා වලට ඉල්ලුම් කර ඇති තරුණ තරුණියන්ට සහනදායි පිළිතුරක්  මෙම කාලය තුළ ලැබිමට ඉඩ කඩ ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත  කිරීමට හැකියාව ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වේ.

-

● මකර ලග්නය
මකර ලග්නයේ කුජ 8 වැන්නට පැමිණේ.
තම ආදායම් මාර්ග වලට සහ ව්‍යාපාර වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න, නැතහොත් මූල්‍ය ප්‍රශ්න විසඳා ගැනීමට ඇප උපකාර ගැනීමට සිදුවිය හැක.
රැකියා ස්ථානයේ ගනු ලබන තීරණ වලින් තමන්ට අවාසි සහගත විය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. නව රැකියා ප්‍රමාද කරයි .
පවුලේ සමඟියට බාධා පැමිණේ. අඹු සැමියන් අතර වචන හුවමාරු වීම් සිදු විය හැකිය.

-

● කුම්භ ලග්නය

කුම්භ ලග්නයේ කුජ 7 වැන්නට පැමිණේ.
 හවුල් ව්‍යාපාර වලින්, කොටස් වෙළඳපළ සම්බන්ධ  ව්‍යාපාර වලින් තරමක් බාධා පැමිණීමට ඉඩ ඇත. මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩුවී යන තත්ත්වයක් නිර්මාණය විමට හැකියාවක් පවති.
 රැකියා ස්ථානයේ තමන්ගේ තීරණ වලට වැඩ කිරීමට යාමෙන් ප්‍රධානියාගෙන් දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත.
 අඹු සැමියන් අතර සමගිය වර්ධනය වේ. ගෘහ ජීවිතයෙදි ගැටලුවකට  විසඳුම් සොයා ගැනීමට හැකිවේ.

-

● මීන ලග්නය

මීන ලග්නයේ කුජ 6 වැන්නට පැමිණේ.
  තම ආදායම් තත්ත්වය ආදායමට වඩා වියදම වැඩි වීමට ඉඩ ඇත.  ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් නියුතු අයගේ ව්‍යාපාරයක අවශ්‍යතා ඉටු කර ගැනීමට හිතමිත්‍රාදීන්ගේ උපකාර ලබා ගැනීමට සිදු වේ.
 නව රැකියා ප්‍රමාද වේ.  රැකියාවෙහි  කාර්යබහුලත්වය වැඩි වේ.  දුර පළාත්වල සේවය කිරීමට යාමට සිදුවිය හැක.
ගෘහ ජීවිතයේ  දරුවන්ගේ ප්‍රශ්න විසදා ගැනිම උදෙසා කාලය ගත කිරීමට සිදු වෙයි. දරුවන්ටත් දෙමාපියන්ගේ අවවාද උපදෙස් ලබා ගැනීමට සිදුවෙයි.

-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment