Tuesday, August 29, 2017

" සතියේ ලග්න පලාපලය "


-
(අගෝ 29 - ඔක් 03)

සඳු ග්‍රහයා, තුලා - වෘශ්චික - ධනු  යන රාශි වල මෙම සතිය තුළ ගෝචර වේ.

පොදු පලාපලයක් පමණි.

-

● මේෂ
    ඔන්න ඔබගේ මේ සතිය තුල බින්දුවටම වැටිලා තියෙන ආදායම් මාර්ග ඉහළ නංවා ගන්න පුළුවන් කාලයක්. ඒ විතරක් නෙවෙයි මෙතෙක් කල් නො ලැබී තිබුණු මුදලක් පවා ලැබෙන්නට පුළුවන් සතියක් තමයි මේ.
රැකියා කරන අයට නම් එතරම් සුබ සතියක් නෙවෙයි. ප්‍රධානීන්ගෙන් බැනුම් පවා අහන්නට වෙන්න  පුළුවන් කාලයක් ඒ නිසා මඳක් අවධානය යොමු කරන්න ඕන සතියක් තමයි මේ. රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අය නම් අය නම් ශුභ කාලයක් වෙන්න පුළුවන් .
ජීවිතයේ මවුපියන්ගෙන් අවවාද උපදෙස් ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. ඊට අමතරව දෙමව්පියන්ට ඇප උපකාර කිරීමට අවස්ථාව උදාවෙන්නට ඉඩ තියනව.

       -
● වෘෂභ
    මේ සතිය ඔබට සොර සතුරන්ගෙන් පරිස්සම් කරගන්න වෙනවා ඔබගේ මුදල් පසුම්බිය, නැත්නම්  මූල්‍ය ප්‍රශ්න රාශියකට ඔබට මුහුණ දෙන්න වෙන්න පුළුවන්, අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන .
රැකියා කරන්න අයට නම් බාධාවක් නොවී කරගෙන යන්න  පුලුවන්. නමුත් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒ සඳහා ලැබෙන අවස්ථාව ප්‍රමාද වෙන්න පුළුවන් නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න .
ගෘහ ජීවිතය නම් දෙන්න දෙමාල්ලො අතර පොඩි පොඩි හා ආරවුල් ඇති වෙන්න පුළුවන් නමුත් අවබෝධයෙන් ඒ තුළින් වන ගැටලු  විසඳා ගන්න ඉඩකඩ ලැබීමට හැකි කාලයක් .
   
-

● මිථුන
     ඔබට නම්  මෙම සතිය තුළ  ඉඩකඩම් වල ප්‍රශ්ණ ගැටලු විසඳා ගන්න හැකියාව ලැබෙන්නට ඉඩ තියනව, ඔබට ලැබෙන ආදායමෙන් නිසි පල ලබාගැනීමට ලැබෙන කාලයක් තමයි මේ.
රැකියා ස්ථානයෙ තමන්ගේ අණසක  පැතිරවීමට අවස්ථාව උදා වෙන්න ඉඩ තියනව මේ සතියේ ඔබට. තමන්ට ලැබෙන රාජකාරි කටයුතු වෙනදාට වඩා ක්‍රියාශීලීව කිරීමට හැකියාව ලැබිමට ඉඩ තියනව.
දරු මුණුපුරන්ගේ ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට සිදු වන කාලයක් වන්නට ඉඩ තියනව. මංගල යෝග උදා වන කාලයන් වෙන්න පුලුවන්, ඔබත් අවිවාහකයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

   -
● කටක
    මෙතෙක් කල් ඇතිව තිබූ මුදල් අවහිරතා තරමක් දුරට මග හැරෙන්න පුළුවන් සතියක් වෙනව මේ සතිය. ඔබගේ මුදල් අවහිරතා වලට ණය  එහෙම ඉල්ලලා තියෙනවා නම් ඒ සඳහා සහනදායි පිළිතුරක් ලැබෙන කාලයක් වේවි.
රැකියා කරන අයට ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම්  ලැබෙන්න ඉඩ තියනව. රැකියා විරහිත තම තමන්ගේ බලාපොරොත්තු සඵල වෙනව, නව රැකියා ලැබෙනට ඉඩ තියනව.
තම නිවෙස තුළ මතභේදයට තුඩුදෙන කාරනා සිදු වෙන්න පුළුවන්, පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. ඔබගේ අධ්‍යාපනයට මෙම සතිය තුළ තිබූ බාධා ඉවත් වෙන කාලයක් වෙනව.
 
    -

● සිංහ
   දුර දිග නොබලා ගත් තීරණ නිසා ඔබගේ ආදායම් මාර්ග හෝ ව්‍යාපාර වලට අවාසි සිදුවිමට ඉඩ තියෙනවා.  ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන .
රැකියා කරන අයට වෙනදාට වඩා උනන්දුවෙන් උද්යෝගයෙන් වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. නව රැකියාවලට යොමු වීමට උත්සාහ දරන අයගේ බලාපොරොත්තු සාර්ථක වෙන්නට හැකියාව ඇති කාලයක් වේවි.
ගෘහ  ජීවිතයේ දී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුයි වෙනදාට වඩා ගැටලු ප්‍රශ්න ඇති විය හැකියි, ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
     -

● කන්‍යා
    නිවසක් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ පිළිබඳව අවස්ථාව  උදාවෙන කාලයක් වෙනව.  ඔබගේ ආදායම් මාර්ගවලට අවහිරතා පෙන්නුම් කරන කාලයක් විමට ඉඩ ඇත.
රැකියා ස්ථානය දුර බැහැර ගමන් බිමන් යෙදෙන්න පුලුවන්. නව රැකියා ඉල්ලුම් කර ඇති තරුන තරුණියන්ට රැකියා ලැබෙන කාලයක් වේ.
දුර බැහැර ගමන් බිමන් යෙදිමට ඉඩ තියෙනවා.  අසල්වැසියන් අතර හොඳ හිත වර්ධනය වෙනවා.
   
   -

● තුලා
   ඔයාලගේ ආදායම් මාර්ග සාර්ථක කරගන්න හිතවතුන්ගෙන්උදව් ලබා ගන්න සිද්ධ වෙන්නට ඉඩ තියනව.
ඔයාගේ රැකියා ස්ථානය මෙතෙක් කල් ගැටලු බාධක ඇති වුණා නම් ඒවා විසඳ ගන්න අවස්ථාවක් උදා වෙන්න පුළුවන්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න .
ඔයාගේ සහකාරිය පිළිබඳව  හිතන්න කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ දෙමාපියන්ගේ ආශිර්වාදයද හිමි වන යහපත් සහකාරියක් ලැබෙන්නට ඉඩ තිබෙනවා.

  -

● වෘශ්චික
   ඔයාගේ ආදායම් මාර්ගවල මාර්ග වල ආදායම් වැඩිකර ගන්න සුදුසු කාලය දැන් එළඹිලා තියෙන්නේ ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.
ඔයාගේ රැකියාවේ රැකියාවේ යටත් පිරිසෙන් කලින් තිබුණු කැපිලි කෙටිලි නැති වන කාලයන් වේවි. නව රැකියාවලට යොමු වීමට උත්සාහ කරන අයගේ උත්සාහය සාර්ථක විමට ඉඩ තිබෙනවා.
ගෘහ ජීවිතයේ වෙනදාට වඩා ප්‍රීතියෙන්  කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ වලට සම්භාෂණවලට සහභාගි වීමට ඉඩ ඇති කාලයකි.

     -

● ධනු
  තම ආදායම් මාර්ගවලට හා ව්‍යාපාර ව්‍යාපාර වලට පිටස්තර පුද්ගලයන් එල්ල වන බාධා හේතුවෙන් ආදායම් මාර්ග අඩපණ වී යාමට ඉඩ ඇත.
නව රැකියා වලට ඉල්ලුම් කර ඇති තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රමාද විමට ඉඩ ඇත. එහෙත් රැකියා කරන අයගේ බාධාවන් අඩු වෙයි.
දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ ඇත. ඒ පිළිබඳව දෙමව්පියන් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.
    -

● මකර
  මෙතෙක් කල් පැවති ආදායම් මාර්ග වල අවහිරතා ඉවත් වි යාමට හැකි සතියකි. ජනතාව සමග කරනු ලබන ගනුදෙනු වලදී සැලකිලිමත්ව කටයුතු කළ යුතුය, ගැටලු ඇතිවිය හැක.
ඔයාගේ රැකියාවක් කරන කොට අනිත් අයගෙන්  තිබෙන බාධාවන් ඉවත් වී යාමට ඉඩ තියෙනවා. රැකියා ඉල්ලුම් කර ඇති අයගේ රැකියා මෙම සතිය තුළ ලැබෙන්නට වැඩි ඉඩක් තිබෙනවා .
පවුලේ අය සහ අසල්වැසියන් සමග ඇති අමනාපකම් අතහැර සිටීමට ඉඩ ලැබෙන කාලයක් උදා වීමට ඉඩ තියෙනවා.
   
-

● කුම්භ
ඔබට සතුරු කරදර එල්ල විය හැකි බැවින් ඒ පිළිබඳව පිළිබඳව සැලකිලිමත් වන්න. නව ආදායම් මාර්ග වලට ඇති උනන්දුව වැඩිවන කාලයක් විය හැකිය.
නව රැකියා ලැබීමට ඇති ඉඩ තවදුරටත් ප්‍රමාද වෙන්න පුලුවන්, රැකියා කරන අයට නම් ඒ සඳහා දුර පළාත්වල සංචාරය කිරීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
ප්‍රේම සම්බන්ධතා වල ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. අසල්වැසියන් සමග සමගියෙන් කටයුතු කිරීමට හැකි කාලයක් වේ.

-
  ● මීන

  ආදායම් මාර්ගවලට යෙදෙන ගැටලු ගැටලු නිරාකරණය කර ගැනීමට ඔබටම විසඳුම සොයා ගැනීමට සිදු වේවි. ණය ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් විය යුතුය .
රැකියා කරන අයට තරග විභාග උසස් වීම් වලට යොමු වීමට අවස්ථා උදා වේවි. නව රැකියා ලැබීමට ඉඩ ඇති කාලයක් වේ.
දෙමාපියන් සමග මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කලයුතු කාලයක් වේ. හන්දි ආශ්‍රිත අසනීප ඇතිවිය හැකි බැවින් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.
  -


Facebook ඉරු සේවය



077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment