Friday, August 18, 2017

" ඉරු මාරුව "

ග්‍රහ ලොව රජතුමා වන රවි හෙවත් ඉරු ග්‍රහයා, 2017 අගෝස්තු 17 වෙනිදා කටක රාශියෙන් මිදී තම ස්වක්ෂෙත්‍ර රාශිය වන සිංහ රාශියට පැමිණෙයි. 2017 සැප්තැම්බර් 17 වනදා වනතුරු මෙම රවි මාරුව බලපායි.

ඉරු ග්‍රහයාගේ මෙම බලවත් වීම තුල රටට යහපත් කාලයකි. රටට විරුද්ධව පවතින සතුරු කරදර තරමක් අඩු වන අතර, විශේෂයෙන් පවතින රජයට විරුද්ධව තිබුනු කුමන්ත්‍රණ වැනි දෑ පරාජය කිරීමට හැකියාව තිබෙන කාලයකි. ආර්ථික වශයෙන් තරමක දුෂ්කරතා තවදුරටත් අපේක්ෂිතය.

පොදුවේ ලග්න 12ට මෙසේය.

-


-
● මේෂ
5 වැන්නට ඉරු පැමිණේ.
තිබුනු කරදර බාධක තරමක් අඩු වෙයි. නව ව්‍යාපාර හෝ ආර්ථික වාසි පෙන්නුම් කරන කාලයකි.
රැකියා ස්ථානයේ තිබු බාධක අඩු වෙයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන්නට හැකියාව ලැබෙනු ඇත. රැකියා අපේක්ෂිත අයට පැතුම් ඉටු වීමට ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපනයට යහපත්ය. දෙමාපියන්ට සතුටින් සිටිය හැක.

-
● වෘෂභ
4 වැන්නට ඉරු පැමිණේ.
ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව - වාසනාව ලැබෙන කාලයකි. වියදම තරමක් වැඩි විය හැක.
රැකි රක්සා අපේක්ෂා කල අයට සුබයි. රැකියාවේ තිබෙන කරදර තරමක් අඩු වී සහනයක් දැනෙනු ඇත.
ගෘහ ජිවිතය තරමක් අසතුටුදායක - අසමගි තත්වයන් ඇති වීමට ඉඩ ඇත, ඒ ගැන සැලකිලිමත් වන්න. දරුවන් වෙනුවෙන් කැපවීමට හැකිය.

-
● මිථුන
3 වැන්නට ඉරු පැමිණේ.
ආදායම් තත්වය වර්ධනය වෙයි. ඉලක්ක සපුරා ගැනිමට හැකියාව ලැබේ.
රැකියාවේ තරමක් බාධා ඇති වෙයි. වෙනදාට වඩා කරදරකාරි කාලයක් වනු ඇත. වෙනදාට වඩා මහන්සියෙන් වැඩ කිරිමට සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල තරමක් බුද්ධිමත්ව කටයුතු කල යුතුය, නැත්නම් සමගියට බාධා ඇති විය හැක.

-
● කටක
2 වැන්නට ඉරු පැමිණේ.
ආදායම් ලැබුනද වියදම වැඩි වීමට ඉඩ ඇත. නමුත් ආර්ථික වාසි උදෙසා නිසි පියවර ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත. නිසි වාසි ඇති කරගත යුතුය.
රැකියා ස්ථානයේ තිබුනු බාධා ඉවත් වෙයි. තම වචනයට අන් අය අවනත කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල තමන්ට සතුටින් වෙනදාට වඩා සිටිය හැක.

-

● සිංහ
1 වැන්නට/ ලග්නයට ඉරු පැමිණේ.
ලග්නාධිපතියා ලග්නයට ඒම තුල තම ඉලක්ක සපුරා ගත හැක. වෙනදාට වඩා ආදායම් මාර්ග දියුණු කර ගත හැකියි.
රැකියාවේ නව ප්‍රවණතාවයක් ඇති වීමට ඉඩ ඇත. රජයේ නිලතල ලැබීමට පවා වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල තමන්ගේ වචනයට අන් අය අවනත කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

-
● කන්‍යා
12 වැන්නට ඉරු පැමිණේ.
ආදායම් මාර්ග පහල බැසිය හැක. තරමක පාඩු විය හැක.
රැකියාවේ කරදර - බාධක තිබෙන්නට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල තරමක ප්‍රශ්න බාධක ඇති වීමටද ඉඩ ඇත.
විදේශ ගමන්/රැකියා වලට සුභ කාලයකි.

-
● තුලා
11 වැන්නට ඉරු පැමිණේ.
නව ව්‍යාපාර ඇරඹීමට හැකියාව ඇත. අතමිට මුදල් ගැවසෙනු ඇත. දෝෂ භංග වෙයි.
රැකියාවේ උසස් වීම් අපේක්ෂිතය - නතර වී තිබුනු උසස් වීම්, තරග විභාග ආදියට යහපත්ය.
ගෘහ ජිවිතය තුල පිය පාර්ශවයෙන් ලැබීම් ලැබෙන්නට ඉඩ වැඩිය. පවුලේ සමගිය වර්ධනය වනු ඇත.

-
● වෘශ්චික
10 වැන්නට ඉරු පැමිණේ.
යහපත් ආදායම් මාර්ග උදා වෙයි. වෙනදා තිබුනු කරදරකාරි ගති අඩු වී යයි.
රජයේ රැකියා වලට ඉල්ලුම් කරන අයට සුබ කාලයකි. නව තනතුරු බලාපොරොත්තු වූ අයට සුබයි.
ගෘහ ජිවිතය තුල තරමක් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. ඔබගේ මුරණ්ඩු ගති නිසා එම ගැටළු උග්‍ර වීමට ඉඩ ඇත.

-
● ධනු
9 වැන්නට ඉරු පැමිණේ.
ආර්ථික තත්වය තරමක් උදාසීන වීමට ඉඩ ඇත. ව්‍යාපාර සැලසුම් කිරීමට හොද කාලයකි.
රැකියා ස්ථානයේ මාරු වීම් පෙන්නුම් කරයි. නව උසස් වීම් අපේක්සා කල අයට ඒවාට යහපත්ය.
ගෘහ ජිවිතය තුල උසස් අධ්‍යාපනයට වාසනාව තිබේ, විදේශ ගත වීම් ආදියට සුබයි. එම කටයුතු වලට තිබුනු බාධා අඩු වෙයි.

-
● මකර
8 වැන්නට ඉරු පැමිණේ.
හදිසියේ ධන හානි ඇති වීමට ඉඩ ඇත. ආදායම් තත්වය තරමකට අඩපණ වීමට ඉඩ ඇත.
රැකියාවේ පෙර තිබුනු සහනදායි තත්වයන් දුරු වීමටද යම් ඉඩක් ඇත. නව රැකියා අවස්ථා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ගැටළු ඇති විමට ඉඩ ඇත. ප්‍රේම සබදතා කල්යාමට ඉඩ ඇත.

-
● කුම්භ
7 වැන්නට ඉරු පැමිණේ.
හවුල් ව්‍යාපාර ඇරඹීමට යහපත්ය. ආර්ථික වශයෙන් ණය ලබා ගැනිම් වලට හැකියාව ලැබෙන කාලයකි. ප්‍රවේගකාරි ගති නිසා ගැටළු ඇති වීමටද යම් ඉඩක් ඇත.
රැකියාවේ පෙර තිබුනු සහනදායි බව අඩු වී තරමක වෙහෙසකාරි ස්වරූපයක් ලැබීමට ඉඩ ඇත. නව රැකියා ලැබීමට බාධා ඇති විය හැක.
ගෘහ ජිවිතය සතුටින් ගත කිරිමට හැකියාව ඇත.


-
● මීන
6 වැන්නට ඉරු පැමිණේ.
ආර්ථික වශයෙන් පසුබෑම් වලට ලක්වී ආදායම පහල බැසිමට ඉඩ ඇත. ව්‍යාපාර වලට ප්‍රශ්න ඇති විය හැකි නිසා බුද්ධිමත් වන්න.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානින් සමග ගැටුම් ඇති වීමට ඉඩ ඇත. අංශ ප්‍රධානින් සමගද අනවශ්‍ය ගැටළු ඇති විමට ඉඩ ඇත. බුද්ධිමත් වන්න.
යටි බඩ ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න. තරමක කලබලකාරි ගති වැඩිවිමට ඉඩ ඇත.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment