Monday, August 21, 2017

සිකුරු මාරුව - අගෝ 21 - සැප් 15 (2017)

ග්‍රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා අගෝ 21, සඳුගේ රාශියක් වන කටක රාශියට පැමිණේ. මෙතෙක් පැවති  වැසි සහිත කාලගුණය මදකට පහව යයි.

අගෝස්තු 21 සිට සැප්තැම්බර් 15 දක්වා සිකුරු කටක ලග්නයේ ගෝචර වේ .

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
-

● මේෂ
     මේෂ ලග්නය සිකුරු 4 වැන්නට පැමිණේ.
 එම නිසා තම ව්‍යාපාරවල ආදායම් තත්වය තරමක් පහල යාමට ඉඩ ඇති කාලයක් වේ. වැය  පස ඉහළ යයි.
 රැකියාවේ බාධා ඇති විය හැක. රැකියා කරන අයට සතුරු කරදර එල්ල වීම වීමේ අවදානමක් ඇත.
  පවුලේ සමගිය වර්ධනය වේ. දෙමාපියන්ගේ අවවාද ලැබේ.
 
       -
● වෘෂභ
     වෘෂභ ලග්නයේ සිකුරු 3 වැන්නට පැමිණේ.
 මෙතෙක් තිබූ බාධා ඉවත් වේ. කරන කටයුතු සාර්ථක වේ.
 රැකියාවේ තිබූ කරදර බාධක ඉවත් විය හැක.
තම මිතුරන් අතර ප්‍රසිද්ධිය වැඩිවෙයි. මංගල යෝග උදා වේ. පෙම් සබඳතාව වර්ධනය වේ.
    -

● මිථුන
     මිථුන ලග්නයේ සිකුරු    2 වැන්නට පැමිණෙයි.
 මෙතෙක් හෙළි කර තිබු ධනය වැය වීමට කරුණු යෙදේ. තම ව්‍යාපාර වල මූල්‍ය ගැටලු ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
 රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදේ. රැකියාවේ මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.
 ගෘහ  ජීවිතයේ සමගිය වර්ධනය වේ.

   -
● කටක
    කටක ලග්නයේ සිකුරු ලග්න ගත වේ (01).
 මෙතෙක් තිබූ මූල්‍ය ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. ණය ලැබිමට ඉඩ ඇත.
 නව රැකියා උදා වේ. රැකියාවේ වෙනසක් හෝ උසස් වීමක් පෙන්නුම් කරන කාලයකි.
 ගෘහ ජීවිතයේ සමගිය සතුට වර්ධනය වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට ඉඩ ලැබෙන කාලයකි.

    -

● සිංහ
   සිංහ ලග්නයේ සිකුරු 12 වැන්නට පැමිණේ.
 මූල්‍ය ගැටලු ගැටළු ඇතිවිමට ඉඩ ඇත,  ඒවා විසදගන්න පියවරක් ගත යුතුය.
රැකියාවේදී ආයතන ප්‍රධානීන්ගේ දෝෂාරෝපණය එල්ල වීමට ඉඩ ඇත.
 තම මිතුරන් නිසා කරදර විඳීමට සිදු වන කාලයකි. ගෘහ ජීවිතයේ පැවති සමගිය අඩපණ වන කාලයක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කල යුතු වේ

.     -
● කන්‍යා
    කන්‍යා ලග්නයේ සිකුරු 11 වැන්නට පැමිණේ.
 තම ව්‍යාපාර වල මෙතෙක් තිබූ ගැටලු හෝ ගැටලුවක් නිරාකරණය කරගැනීමට කර ගැනීමට හැකියාව  ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ කාලයක් වේ.
 රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලැබේ. රැකියාවේ නව ප්‍රවණතාවක් පෙන්නුම් කරන කාලයකි. ගෘහ ජීවිතයේ තම අභිමතය පරිදි වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි. මංගල යෝග ස්ථිර වීමට ඉඩ ඇති කාලයකි.
   
   -
● තුලා
 
තුලා  ලග්නයේ සිකුරු 10 වැන්නට පැමිණේ.
 මෙතෙක් තම ව්‍යාපාරවල  තිබූ ගැටලු  විසඳාගැනීමට හැකියාව ලැබෙන කාලයක් වෙයි. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සපලවේ සපල වේ නව රැකියා ලැබේ .ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය වේ මෙතෙක් විසඳා ගැනීමට නොහැකිව තිබූ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි .
 
  -
● වෘශ්චික
    වෘශ්චික ලග්නයේ සිකුරු 9 වැන්නට පැමිණේ.
 තමන්ට තිබූ කරදර බාධක ඉවත් වෙයි. ව්‍යාපාරවල දියුණුව ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
රැකියාවේ දියුණුව ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.  නව රැකියා ලැබේ.
 ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත  කිරීමට හැකියාව ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වේ.

     -

● ධනු
    ධනු ලග්නය සිකුරු 8 වැන්නට පැමිණේ.
 තම ව්‍යාපාර වලට බාධා පැමිණීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.   මූල්‍ය ගැටලු  ඇතිවීමට
ඉඩ ඇත.  ණය ලබා ගැනීමට සිදු වේ.
 ගෘහ ජීවිතය සමග සමගිය නැති වීමට ඉඩ ඇත සැලකිලිමත් විය යුතුය. ප්‍රේම සම්බන්ධතා වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත.

    -
● මකර
   මකර ලග්නයේ සිකුරු 7 වැන්නට පැමිණේ.
 හවුල් ව්‍යාපාර සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත,  එනිසා කල්පනාවෙන් වැඩ වැඩ කටයුතු කළ යුතුය.
රැකියාවේ වෙහෙසකාරී බව වැඩිවේ.
ගෘහ ජීවිතේ සමගිය වර්ධනය වේ. තම අනාගතය උදෙසා වැඩ කටයුතු කළ යුතු කාලයකි.

    -
● කුම්භ

   කුම්භ ලග්නයට සිකුරු 6 වැන්නට පැමිණේ.
 තමන් ගනු ලබන තීරණ ගැටලු සහගත විය හැක. ඒ ගැන සැලකිලිමත් විය යුතුය. තම ව්‍යාපාර වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත.
රැකියාවේ  ගැටලු ඇති වීමට ඉඩ ඇත. නව රැකියා ප්‍රමාද වේ.
කෙල්ලන්ගෙන් දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත. මෙතෙක් ගනු ලබන තීරණ වලට බාධා එල්ල  වීමට ඉඩ ඇත.

   -

● මින

  මීන ලග්නයේ සිකුරු 5 වැන්නට පැමිණේ.
 ව්‍යාපාර වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට ඉඩ ඇත. මෙතෙක් තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.  නව රැකියා ලැබේ. රැකියා කරන අයගේ ගැටලු නිරාකරණය වෙයි.  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ .
 
-

irusewaya


irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment