Sunday, July 9, 2017

සතියේ ලග්න පලාපලය - ජුලි 10-16



 මෙම සතියේ සඳු/ චන්ද්‍රයාගේ ගමන සිදුවන්නේ ධනු,මකර, කුම්භ යන රාශි හරහාය.



පොදු පලාපලයක් පමණි.
-

● මේෂ
මේෂ ලග්නයේ සදු 9.10.11 වැන්නේ මෙම සතියේ් ගෝචර වේ.
ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකි කාලයක් විය හැකිය.
 රැකියාවේ බාධාකාරි තත්වයන් මග හැරි යා හැක. නව රැකියා උදාවේ.
 තරග විභාග ආදියට සහභාගි විමට  ඉඩ කඩ ලැබිය හැකි වනු ඇත.
 දරුවන්ගේ අධ්‍යපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි. පවුලෙ සමගිය වර්ධනය වේ.



-

● වෘෂභ

වෘෂභ ලග්නයේ  8,9,10 වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
මෙතෙක් පැවති ආදායම් මට්ටම තරමක් පහල යාමේ හැකියාවක් පවති.  එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුනු යෙදේ.
 රැකියාවට තරමක් බාධා මතු වේ, කල්පනාකාරි විය යුතුය.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.
 ආදර සබදතා වලට බාධා මතුවේ.

-

● මිථුන
මිථුන ලග්නයේ 7.8.9  වැන්නේ සදු මෙම සතියේ ගෝචරවේ.
තම ආර්ථික තත්වය  වර්ධනය වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්  පෙන්නුම් කරයි. යාන වාහන සම්බන්ධ  ගැටලු නිරාකරනය කර ගත හැක.
ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙයි. නව රැකියා උදා වේ. රැකියාවේ නව ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
ඉගෙනීම් කටයුතු වල දී දරුවන්ගේ වෙනදාට වඩා උනන්දුව වැඩිවීමට කරුනු යෙදිමට ඉඩ ඇත.


-

● කටක

කටක ලග්නයේ 6.7.8 වැන්නේ සදු මෙම සතියේ ගෝචරවේ .
ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකුල පියවර ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත, නැතහොත් මුල්‍ය ගැටළු ඇතිවිය හැකිය.
 නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
  පවුලේ සමගිය වර්ධනය වේ.

-

● සිංහ

සිංහ ලග්නයේ 5.6.7. වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
 ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් මතු වේ. එසේම ගනුදෙනු වලදී ප්‍රවෙසමෙන් කටයුතු කල යුතුය.
 රැකියාවෙන් තමනට යහපත් ප්‍රතිඵල ලැබීම අඩුය. එසේම තමන් කැපවී සේවය කිරීමට දරන උත්සහයන්ටද බාහිර ගැටළු ඇති වේ.
පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● කන්‍යා

කන්‍යයා ලග්නයට 4.5.6 . වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
ආර්ථික තත්වය  වර්ධනය කිරිමට හැකියාව ලැබෙන කාලයක් වනු ඇත.  මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරනය කර ගැනිමට හැකි කාලයක් වනු ඇත.
 රැකියාවේ බාධා ඉවත් විමට කරුනු යෙදෙන කාලයකි.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි. මිතුරු ඇසුර වර්ධනය කරගත හැක.

-

● තුලා
තුලා ලග්නයේ  3.4.5. වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
 ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් තිබු  ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. අාදායම් තත්ව යහපත් වේ.
 රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. සමගිය වර්ධනය වේ.  මෙතෙක් තිබු කරදර බාධක මගහැරි යයි.


-

● වෘශ්චික


වෘශ්චික ලග්නය් 2.3.4. වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
 වෙනදාට වඩා තම ව්‍යාපාර ආදායම් මාර්ග වල ප්‍රගතියක් පෙන්නුම් කරන සතියකි. ව්‍යපාර ක්ෂෙත්‍රයෙ නව පියවරක් ගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු විය හැක.
 පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති සතියක් වේ.


-

● ධනු
ධනු ලග්නයේ 1.2.3 මේ සතියෙදි සදු ගෝචර වෙයි.
ව්‍යාපාර පසුබැමකට ලක් වන සතියක් විය හැකිය.  කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස් කිරීමෙන් සුබ ඵල ලබාගත හැක.   මෙතෙක් තිබුනු ගැටළු නිරාකරණය කරගත හැක.
රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන සතියකි.
පවුල් ජිවිතයේ සමගිය ඇති වන අතර පවුල වෙනුවෙන් කැපවීමට සිදුවන සතියකි.

-

● මකර

මකර ලග්නය් 12.1.2. වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
 මෙතෙක් පැවති ආදායම් මාර්ග වල ආදායම් තත්වය ඉහල යා හැකිය. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හැකියාව ලැබිමට ඉඩ ඇති සතියක් වේ. තිබු බාධාවන් ඉවත් වේ.
රැකියාවේ කරදර අඩුවී නව රැකියා උදා විය හැකි සතියක් වේ.  තම රැකියාවේ ප්‍රවණතාවයක් පෙන්නුම් කල හැකි වේ.
 ගෘහ ජිවිතයේ තරමක ගැටළු තත්වයන් උදාවිය හැකි සතියක් වේ. කල්පනාකාරිව කටයුතු කල යුතුය.


-

● කුම්භ
කුම්භ ලග්නය් 11.12.1. වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
 අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය වේ.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. විදෙස් ගත වීම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.



-

● මීන


මීන ලග්නය් 10.11.12. වැන්නේ සදු මෙම සතියේ ගෝචර වේ.
ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි.
ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇති වනු ඇත. මිතුරු ඇසුර වර්ධනය වේ. පැවති ගැටළු විසදා ගැනීමට හැකිවේ.

-

Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment