Sunday, July 23, 2017

සැප්තැම්බර් අග දක්වා බලපාන “බුධ මාරුව“


ග්‍රහ ලොව පොඩි දරුවා වන “ බුධ“ 2017.7.21 සිට 2017.9 .27 දක්වා සිංහ රශියේ ගෝචර වේ.
ලග්න 12ට පොදුවේ මෙහෙමයි..
-

● මේෂ
  බුධ 5 වැන්නේ  ගෝචර වේ.
  ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකි කාලයකි. එහෙත් නොසිතු මොහොතක කරදර වලටද ලක්විය හැක.
 රැකියාවේ තීරණ ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
 ගෘහ ජිවිතයේ තරමක් බාධා ඇතිවේ. හදිසි අසනීප තත්වයන්ට ලක්විය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුය.


-
● වෘෂභ
 4 වැන්නේ බුධ  ගෝචරවේ.
තුලින් මූල්‍ය ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරී යන කාලයක් විය හැක.
රැකියාවේ දියුනුව පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ කරදර බාධා ඉවත් වේ.  තරඟ  විභාග ආදියෙන් ජය ලැබේ.
පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතු වේ.

-
● මිථුන
 බුධ 3 වැන්නේ ගෝචර වේ.
ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකියාව ලැබීමට ඉඩ ඇති කාලයකි.  නව්‍යතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකිවිය හැක. පහසුවෙන් තම ඉලක්ක සපුරා හැනිමට හැක වනු ඇත. නව රැකියා ලැබේ.
පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වලදී පෙර තිබු දත්ෂතා වර්ධනය කර ගැනීමට ඉඩ ඇත.

-
● කටක

 බුධ 2 වැන්නේ ගෝචර වේ. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කිරිමට ඉඩ ඇත. තම රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩුවි යාහැක. ආයතන ප්‍රධානීන්ගේ තීරණ නිසා  කරදර වැඩිවේ. විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
 පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබිය හැක. ළමයින්ගේ අධ්‍යාපන තත්වය වර්ධනය වේ.
-

● සිංහ
 බුධ 1 වැන්නේ ගෝචර වේ.
 ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.  තම ව්‍යාපාර වෙනුවෙන් නව තීරණ ගැනීමට සිදුවිය හැක.
රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු විසදා ගැනිමට පියවර ගත යුතු වේ. නව රැකියා උදාවේ.
ගෘහ ජීවිතය යහපත් වේ.

-
● කන්‍යා
 බුධ 12 වැන්නේ ගෝචර වේ.
 වැයපස ඉහල යා හැක. සතුරු කරදර ඇතිවිය හැක. එහෙත්  ණය ලබාගැනිමට අවශ්‍ය කටයුතු කර ගැනිමට හැකියාව ලැබිය හැකි වනු ඇත.
අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ. නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුය.
ප්‍රේම  සබඳතා වලදි ප්‍රශ්න ගැටලු මතු වේ. ගේ දොර සමගියට බාධා  ඇතිවිය හැක.

-
● තුලා
 බුධ 11 වැන්නේ ගෝචර වේ.
 ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදිය හැකි වනු ඇත.
 රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
පවුලේ සමගිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වනු ඇත.

-

● වෘශ්චික

 බුධ 1 වැන්නේ ගෝචර වේ. හදිස්සි කරදර ඇතිවිය හැකි ආදායම් මාර්ග වල ආදායම් තත්වය පහල යා හැක. කල්පනාකාරි විය යුතුය.
 රැකියාවට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.
-

● ධනු

 බුධ 9වැන්නේ ගෝචර වේ.
පෙර පැවති වියදම් තත්වය මග ඇරි යයි. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
 රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. ප්‍රේම සබදතා වර්ධනය විය හැක.
-

● මකර
 බුධ 8 වැන්නේ ගෝචර වේ.
 එමනිසා ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වේ.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවනු ඇත.
‍ප්‍රේම  සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවේ.

-
● කුම්භ
 බුධ 7 ගෝචර වේ. වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි.
ණය ලැබේ. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවි හැක.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ


-
● මීන
 බුධ 6 වැන්නේ ගෝචර වේ.
එමනිසා ආර්ථික ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවේ තරමක් බාධා ඇතිවේ. උසස්වීම් තරග විභාග ආදියෙන් නිසි ඵල ලබා ගැනීමට අපහසු තත්වයක් නිර්මාණය විමට ඉඩ ඇත.
පවුලේ සමගියට බාධා ඇති වීමට ඉඩ ඇත. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලටද බාධා ඇතිවේ .


-
Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs


077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment