Saturday, July 16, 2016

විශ්ව පාලක ශ්‍රී විෂ්ණු දෙව් රජ

මධ්‍ය විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන්නාවූ කොටසේ සිටින ඉතාම වැදගත් දෙවි කෙනෙකි ශ්‍රී විෂ්ණු දෙවියන්..
උන්වහන්සේ හඳුන්වන්නේ “විශ්ව පාලක“ නාමයෙනි.

* ලක්ෂ්මී දේව මෑණියන්, විෂ්ණු දෙවියන්ගේ දේවිය වන අතර, කුරුල්ලන්ට රජ වූ ගුරුළු රජ, වාහනය වෙයි.

*පින්වත්, සීලයෙන් යුතු අයට ආශිර්වාද කරන විෂ්ණු දෙවිඳුන් විශේෂයෙන් සෙනසුරු ග්‍රහ දෝෂ, අපල දුරු කිරීමට ආශිර්වාදද කරයි.

තදබල සෙනසුරු අපල දෝෂ ඇතිවන්නේ පෙර අත්භවයන්හි මිනිසුන්ට බොහෝ පීඩා දුන් අයටයි. එය කියන විට සිහියට නැගෙන්නෙ ලංකාවෙ දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරින්ය.

* කෙසේ වුවද ඔබටද සෙනසුරු අපල ඇත්නම් පොදුවේ, සෙනසුරාදා දින වල නිල් මල් සහිතව බෝධි පූජාවක් කිරීම වටි. දිශාව පොදුවේ බස්නාහිර වෙයි.
ඉන්පසුව එම පින් විෂ්ණු දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කර, සෙනසුරු දෝෂ දුරු කර යහපත ප්‍රාර්ථනා කිරීම යහපති !

No comments:

Post a Comment