Wednesday, July 13, 2016

මෛත්‍රි බෝධිසත්වයන් සහ නාථ දෙවියන්

මෙය බොහෝදෙනෙකු වරදවා සිතන කාරණාවකි. එනම් මෛත්‍රි බෝධිසත්වයන් සහ නාථ දෙවියන් යන දෙදෙනාම 1ක් අයෙකු කියාය.

මෛත්‍රී බෝධිසත්වයන් යනු ඊළගට බුදු වීමට සිටින බෝධිසත්වවරයාය.
ශ්‍රී නාථ දෙවිඳුන් මූලිකව මහනුවර දළදා දන්ත ධාතූන්වහන්සේ ආරක්ෂා කරන අතර, මෛත්‍රි බෝධිසත්වයන්ගෙන් පසුව බුද්ධත්වයට පත්වීමට සිටින බෝධිසත්වයන්ය.

මෙම දෙවිවරුන් 2නාගේ ස්වරූපය බොහෝවිට සමානය. වස්ත්‍රාභරණද  එක සමානය.
එනිසා අපට ලබාදී ඇති මතය නම්, දෙදෙනාම 1 අයෙකු බවයි.
භාවනා කරන අයගේ ප්‍රාර්ථනා තුලින් මෙම දෙවිවරු දැකිය හැකි වුවද නිසි අවබෝධයකින් තොරව භාවනාවෙ යෙදෙන අයට දෙවිවරු 2ම දර්ශනය වුවද එක් අයෙකු සේ පෙනීමට පුලුවන.

දෙවිවරු දෙදෙනා හඳුනා ගත හැක්කේ මෙසේය.

* මෛත්‍රී බෝධිසත්වයන්ගේ කරේ තිබෙන නූල, ප්‍රමාණයෙන් විශාල නූලකි. නාථ දෙවියන්ගේ කරේ තිබෙන ප්‍රමාණයෙන් නූල කුඩාය.

* මෛත්‍රි බෝධිසත්වයන්ගේ ඇත්තේ රතු නෙළුම් මලකි. ශ්‍රී නාථ දෙවියන්ගේ සුදු නෙළුම් මලකි.


මෛත්‍රී බෝධිසත්වයන් මෙන්ම ශ්‍රී නාථ දෙවියන්ද සම්බුද්ධ ශාසනය රකින, දහමට අනුව කටයුතු කරන, සීලය රකින අයට ආශිර්වාද කරන සුපින්වත් දෙවිවරු වෙති..

සිත පහදවාගෙන, ප්‍රදර්ශනයට නොව සැබෑවට පින්කමක් ලෙස පින් කරන්න... සමහර අසපු විශාල පරිමාණයෙන් සාදා තිබුනද ඒවායෙ ගැබ්වී තිබෙන්නෙ ප්‍රදර්ශනය සහ දහමේ හරයන් විනාශ කිරිම නිසා ඒවායින් සිදුවන කුසලය අල්පය.
ඊට වඩා කුසලයක් සැදැහැ සිතින් නිවසේ සිට කරන බුද්ධ වන්දනාවකින් ලැබෙනු ඇත.

නිසි පින්කම් කර අනුමෝදන් කිරිමේදි මෙම දෙවිවරුන්වද සිහි කරන්න...

No comments:

Post a Comment