Monday, July 25, 2016

සතියේ ලග්න පලාපලය - ජුලි 26 සිට


● මේෂ
නව ආදායම් මාර්ග වලට යොමු වීමට තරමක් අපහසු කාලයකි. ආදායම් මාර්ග දියුණු කරගැනීමට, ශ්‍රමය වැඩිපුර කැප කල යුතු කාලයකි. කරදර අඩු වෙයි.
රැකියාවට පෙර තිබුනු සහනකාරි ගතිය තරමක් අඩු වෙයි. කාර්යබහුල බව වැඩි වෙයි. නිදහස අඩු වෙයි. සතිය අග වනවිට සහනදායි තත්වයක් උදා වනු ඇත. නව රැකියා ප්‍රමාද වේ.
ගෘහ ජිවිතය තුල ගෙදර දොර කටයුතු වලදි පවුලේ අයගේ සහයෝගය ලැබේ. අසල්වැසියන් සමග සමගිය - සුහදතාවය වර්ධනය වෙයි.
සෙම් අමාරු, උගුර - නාසය ආශ්‍රිත රෝග වැළදීමට ඉඩ ඇත.



● වෘෂභ
ආදායම් වර්ධනය කරගත හැකි වෙයි. අමතර ආදායම් මාර්ග වලට යොමුවීමට සුභ කාලයකි. පොලව සම්බන්ධ ව්‍යාපාර වලට සුභ කාලයක් වේ. ආර්ථික අපහසුතා වලට යම් තරමක් සහන ලැබෙනු ඇත.
රැකියාවේ කටයුතු වලට සතුරු කරදර වැඩි වෙයි, අවදානම් ඇති වෙයි. නිදහස අඩුවී වගකීම් වැඩි වන කාලයකි. රැකියා සොයන අයට රැකියා හිමි වෙයි.
පවුලේ අය සමගියට අන් අය නිසා බාධා පැමිණිය හැක. වැඩිහිටියන් නිසා කරදර වලට මුහුණ පෑමටද සිදුවිය හැක. ඉක්මණ් තීරණ වලට යෑමේදී බුද්ධිමත්ව කටයුතු කල යුතුය.



● මිථුන
ආර්ථික තත්වය යහපත් වෙයි. ව්‍යාපාර වැඩි දියුණු වෙයි. මූල්‍ය ගැටළු විසඳෙයි. ණය ලැබෙයි.
රැකියාවේ තත්වය යහපත් වේ. රැකියා සොයන අයට සුභ ප්‍රතිඵල ලැබෙයි.
තරඟ විභාග ආදියෙන් සුභ ප්‍රතිඵල ලැබේ.
ගෘහ ජිවිතය තුල සමගිය වර්ධනය වේ. නෑයන්, සහෝදරයින් සමග සමගිය සාමදානය වැඩි වෙයි. විනෝද ගමන් යෙදිය හැක.
අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට සුභ කාලයකි.


● කටක
ආර්ථික තත්වය යහපත් වනු ඇත. මුදල් කළමනාකරණය කරගත යුතුමය. වියදම් අධික වීම නිසා එය මනාව කළමනාකරණය කර නොගතහොත් ගැටළු මතුවිය හැක.
රැකියාවේ තත්වය යහපත් වේ. දියුණුවට යම් පියවරක් ගැනීමට හැකියාව ලැබේ. දුර ගමන් වලින් සුභ ප්‍රතිඵල අත්වෙනු ඇත. නව රැකියා වාසනාවද හිමිය.
ගෘහ ජිවිතය තුල කරන කටයුතු අවුල් විය හැක. වැඩිහිටියන් සමග ගැටළු ඇති විය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඉක්මණ් තීරණ නිසා අවාසි සිදුවන්නට හැක.


● සිංහ
ආදායම් තත්වය යහපත් වෙයි, එසේ වුවද වියදම් පාලනය කරගත යුතු වෙයි. මෙතෙක් පැවති ආර්ථික ගැටළු විසදෙයි. නව ව්‍යාපාර වලට බාධා මතු වෙයි.
රැකියාවේ කටයුතු වලදි පෞද්ගලික වැඩ කටයුතු වලට වැඩිපුර කාලයක් යෙදීමට සිදුවෙයි. රාජකාරි පැහැර හැරීම්ද, සිත් තැවුල් ඇතිවිමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල වැඩ කටයුතු අතපසු වීමට ඉඩ ඇත. වැඩිහිටියන් නිසා තමන්ගේ වැඩ වලට බාධා ඇති වේ.
පවුලේ සමගියට බාධා සිදුවිය හැක.
අධ්‍යාපන කටයුතු වලට සාර්ථක වෙයි.


● කන්‍යා
ආදායම් තත්වය තරමක් සුබ වෙයි. අමතර ආදායම් මාර්ග වලින් සුභ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙයි. සති අග වන විට මූල්‍ය ගැටළු නිර්මාණය වීමේ අවදානමක්ද පවති, අවධානයෙන් සිටින්න.
රැකියාවේ දියුණුව ලගා කර ගැනීමට හැකියාව ලැබේ. වැඩ අධික විය හැක, නිදහස - විවේකය අවම විය හැක. නව රැකියා අවස්ථා උදාවිය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝජනා ස්ථිර විය හැක. කලින් තිබූ කලබලකාරි ගති තරමක් අඩු වෙයි.
අධ්‍යාපන කටයුතු වලට සුභ සතියකි.


● තුලා
ආදායම් මාර්ග වලට ප්‍රශ්න - බාධා මතු වෙයි. මූල්‍ය ගනුදෙනු ප්‍රමාද වෙයි. බුද්ධියෙන් කටයුතු කිරීම තුලින් තරමක් ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා වල යෙදෙන අයට වැඩ අධික සතියකි. ශරීරය වෙහෙසවා කරන වැඩ කටයුතු වලින් සුභ ප්‍රතිඵල උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල කලබල ගති අඩු වෙයි. සිත සන්සුන් වෙයි. ප්‍රේම සබදතා වලට බාධා මතු වෙයි. මංගල යෝග උදා වෙයි. හිතමිත්‍රාදීන්ගෙන් උදව් ලැබේ.



● වෘශ්චික
ආදායම යහපත් වෙයි. නව ආදායම් මාර්ග උදා වෙයි. වියදම් පාලනය සති අගදී විශේෂයෙන් කරගත යුතු වේ. ඉඩම් මිලදී ගැනීම් වලට සුභ සතියකි.
රැකියා සොයන අයට රැකියා ප්‍රමාද වෙයි. රැකියා ස්ථානය වෙනස් වීමටද ඉඩක් ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ අය වෙනුවෙන් කාලය කැප කිරීමට සිදු වෙයි. යහලුවන් සමග ඇසුර වැඩි වෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු විය හැක. ඒ ගැන සැලකිලිමත් වන්න.



● ධනු
ආදායම් මාර්ග ඇහිරිය හැක. ආර්ථික තත්වය දුර්වල විය හැක. වියදමද අධික වීම නිසා ගැටළු මතුවිමට ඉඩ ඇත. භූමිය සම්බන්ධ ව්‍යාපාර වලට සුභ සතියකි.
රැකියාවේ තමන්ට පැවරෙන රාජකාරි නිසි ලෙස ඉටු කරන කාලයකි. ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලැබෙනු ඇත. උනන්දුව වැඩි වෙන කාලයකි. රැකියා සොයන අයට රැකියා ලැබේ.
ගෘහ ජිවිතය තුල ඉවසීම වැඩි කරගත යුතු වේ. නැත්නම් ගැටළු මතුවිය හැක. උසස් අය ඇසුරට ලැබේ. ‍
බඩේ අසනීප ආදිය වරින්වර මතුවිමට ඉඩ ඇත.


● මකර
ආදායම් මාර්ග ස්ථාවර වෙයි. නව ආදායම් මාර්ග වලට තරමක් බාධා මතු වෙයි. තැන්පත් ධනය වැඩි කරගැනීමට හැකියාව ලැබෙයි.
රැකියාවේ නියුතු අයට ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදු වෙයි.  රැකියා ස්ථානයේ අන් අය සමග සමගිය වර්ධනය වේ. රැකියා අවස්ථා ප්‍රමාද වෙයි.
ගෘහ ජිවිතය තුල ඉවසීම වැඩි කරගත යුතු වේ. දෙමාපියන්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක. විශේෂ අය මුණ ගැසීමට ඉඩ ලැබෙයි. දේශපාලන කටයුතු වලට හෝ සමාජීය කටයුතු වල නිරත වීමට ඉඩ ප්‍රස්තා, අවස්ථා ලැබෙනු ඇත.



● කුම්භ
දියුණුවට යම් පියවරක් ගැනීමට සුභ කාලයකි. උනන්දුව වැඩි කරගත යුතු වෙයි. වෙලදාම් කටයුතු වලට සුබ සතියකි.
රැකියා කටයුතු අඩපණ වීමට හැකියාව ඇත. මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගැනීමට වඩාත් මහන්සි විය යුතුමය. රැකියා සොයන අයට තරමක් හොද රැකියා ලැබේ.
ගෘහ ජිවිතය තුල දුර ගමන් වල යෙදීමට අවස්ථාව උදා වෙයි. පවුලේ අය සමග සමගිය වර්ධනය වෙයි. නෑයින්ගේ උදව් උපකාර ලැබේ.
අධ්‍යාපන කටයුතු අතපසු විය හැක.


● මීන
වියදම පාලනය කරගැනීමට කටයුතු කල යුතුය. ආදායම් මාර්ග වලින් තරමක් සුභ ප්‍රතිඵල ලබන්නට හැකි වෙයි. ණය ලැබෙයි.
රැකියා කරන අයට සුබ සතියකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. ප්‍රධානින්ගෙන් වගකීම් වැඩිපුර ලැබිය හැක. රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල විනෝද ගමන් වලට අවස්ථාව සැලසෙයි. පවුලේ සමගිය වර්ධනය වෙයි. හිත මිතුරන් නිසා ගැටළු මතුවන්නට ඉඩ ඇති සතියකි.
උගුරාශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත.

No comments:

Post a Comment