Saturday, July 30, 2016

මතු බුදු බව පතන පත්තිනි මෑණියන්



පත්තිනි දේව මෑණියන් මතු බුදු බව පතන උතුම් දෙව් දුවකි.

පත්තිනි දේව මණ්ඩලය, “නාග පත්තිනි, ජල පත්තිනි, මල් පත්තිනි“ ලෙස සත් පත්තිනි මෑණිවරුන්ගෙන් සමන්විත වෙයි.

ලෝකයේම ඉතා ප්‍රචලිත ආගමක, ආගමික ශාස්තූවරයා නිවන් දකින්නේ පත්තිනි මෑණියන් බුදු වන ආත්ම භාවයේය. ලංකාවෙ එම ආගමට අදාල පූජනීය ස්ථාන වල අතීතය සොයා බැලීමේදි ඒවා පත්තිනි මෑණියන්ට වන්දනාමාන කල තැන් බව සොයාගත හැක. එනම් නම සහ ආගමික විශ්වාසය ජනතාව විසින් වෙනස් කරගෙන ඇත. නමුත් දෙවියන් වෙනස් වී නැත.

පත්තිනි මෑණියන් සම්‍යක් දෘෂ්ටික උතුම් දේව මාතාවකි. ගැහැණු දරුවන්ට විශේෂයෙන් ආරක්ෂාව සලසයි. එතුමිය පතිවෘතතා බෙලෙන් නොයෙක් ප්‍රාතිහාර්ය පා ඇත.

ඔබටද පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද ගැනීමට අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ, සිලවන්ත වීමය. පිනට කැමති වීමය. යහපත්ව ජිවත් වීමය (වැඩියෙන් පඩුරු ලබාදිම හෝ ලොකු පූජා වට්ටි ගෙනයාම නොවේ).

එසේම පින්කම් කර පත්තිනි මෑණියන්ටද මේ පින් අනුමෝදන් වේවායි පැතීමද ඉතා වටී.

#ඉරු

No comments:

Post a Comment