Tuesday, July 5, 2016

සතියේ ලග්න පලාපලය - ජුලි 6 සිට

● මේෂ

ආර්ථිකය දුර්වල විය හැක. නව ඉලක්ක සපුරා ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත. කරන කටයුතු වලට බාධා මතුවනු ඇත. ණය ගනුදෙනු අතපසු වීමටද ඉඩක් ඇත.
රැකියා උවමනා අයට නව රැකියා ලැබෙයි. ප්‍රධානීන් සමග සුහදතාවය වර්ධනය වේ. රැකියා වල ගැටළු වලට විසඳුම් ලැබේ.
ගෘහ ජිවිතය තුල නෑදෑයින් සමග වැඩි කාලයක් ගත කිරිමට සිදුවේ. මංගල යෝග වලට, පෙම් සබදතා වලට බාධා තත්ව ඇති විය හැක. අසල්වාසීන්ගේ උදව් ලැබෙන කාලයකි. සිතට යම් සහනයක් එනිසාම උදා වනු ඇත.


● වෘෂභ

අනාගතය සදහා යහපත් පියවර ගැනීමට සුභ කාලයකි. ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. මුදල් ගනුදෙනු වලදී විශේෂයෙන් ප්‍රවේසම් වන්න.
රැකියාවේ කලින් තිබූ ගැටළු නිරාකරණය වෙයි. ප්‍රධානීන්ගේ පැසසුම් පවා ලැබිය හැක. රැකියා සොයන අයට රැකියා ලැබේ.
ගෘහ ජිවිතය තුල ගැටළුකාරි තත්වයකට මුහුණ දීමට සිදුවිය හැක. එහෙත් බුද්ධියෙන් කටයුතු කිරීම තුලම ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඥාතින් සමග සමගිය වර්ධනය වෙයි.


● මිථුන

දියුණුව සදහා ගත් පියවර සාර්ථක වෙයි. මූල්‍ය ගැටළු විසදෙන කාලයකි. එසේ වුවද මුදල් නාස්තිය ගැන සැලකිලිමත් විය යුතුමය.
රැකියාවේ දියුණුව උදා වනු ඇත. රැකියා කටයුතු වල දුර්වලතා මඟ හරවා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ගැටළු මතුවිමට ඉඩක්ද ඇති බැවින් බුද්ධියෙන්, ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල තරමක් අවිශ්වාසය වර්ධනය විය හැක. ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කල යුතුමය. පෙර පැවති ගැටළුවක් නිරාකරණය විය හැක.


● කටක

සතුරු බාධා ඇතිවිය හැක. අවධානයෙන් කටයුතු කල යුතු වේ. නව ආදායම් මාර්ග ඇති වන කාලයකි. මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් විය යුතුය.
රැකියාවේ කටයුතු යහපත් වේ. ප්‍රධානීන් සමග වැඩිපුර කාලය ගත කිරීමට සිදුවේ, ප්‍රධානීන්ගේ පැසසුම්ද ලබයි. විශ්වාසය වර්ධනය වෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදර බැඳීම් වැඩි වෙයි. පිරිස් ඇසුරට සිත යයි. නිදහස අඩු වෙයි. අසල්වාසීන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරිමට සිදුවේ.


● සිංහ

ආදායම් තත්වය යහපත් වෙයි. කරන කටයුතු ගැන උනන්දුව වැඩි වෙයි. ව්‍යාපාර වල මෙතෙක් පැවති ගැටළු විසදෙයි.
රැකියාවේ තත්වය යහපත් වෙයි. රැකියා ස්ථානයේ ගැටළු මතුවීමටද යම් ඉඩක් ඇති බැවින් බුද්ධියෙන් කටයුතු කල යුතුය. ප්‍රධානීන් සමග සිත් තැවුල් ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් තීරණ වලින් පාඩු විය හැක. පිරිස් ඇසුර වැඩි වෙයි.
ඉගෙනීම් කටයුතු වලදී පෙර පැවති අපහසුතාවයන් මග හැරෙයි.


● කන්‍යා

ආදායම් තත්වය වර්ධන වෙයි. නව ආදායම් මාර්ග උදා වෙයි. ගැටළු නිරාකරණය වෙයි. වියදම් පාලනයට යොමු වන්න.
රැකියාවේ දියුණුව ලැබෙයි. ප්‍රධානීන් සමග ඇසුර වැඩි වන කාලයකි. රැකියා ස්ථානයේ විශ්වාසය වැඩි වෙයි. පැසසුම් ලැබේ.
අධ්‍යාපන කටයුතු වලටද සුබයි.
පවුල් ජිවිතය තුල අවුල් විසදෙයි. මංගල යෝග උදා වෙයි.


● තුලා
සමඵලයි.
මුදල් ගනුදෙනු වලදි වෙනදාට වඩා ප්‍රවේසම් විය යුතුය. වියදම් කළමනාකරණය කර ගන්න. ව්‍යාපාර වලදි පාඩු සිදුවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
රැකියා සොයන අයට නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියාවේ තිබුනු බාධා අඩු වෙයි. නිදහස අඩු වෙයි. මහන්සිය වැඩි කාලයකි.
ගෘහ ජිවිතය තුල බාධා දුරු වෙයි. අසල් වැසියන් සමග සමගිය - සාමදානය වර්ධනය වෙයි.
අධ්‍යාපනයට යම් බාධාද ඇත. විනෝද කටයුතු වලට සිත යයි.


● වෘශ්චික

නව ආදායම් මාර්ග වලට සුභ කාලයකි. ආදායම් මාර්ග වල පෙර තිබූ ගැටළු දුරු වේ. ණය ගනුදෙනු වලින් ප්‍රවේසම් විය යුතුය.
රැකියාවේ කාර්යබහුලතාවය වැඩි වෙයි. රැකියා සොයන අයට යම් ප්‍රමාදයක් ඇතිවිය හැක. ගමන් බිමන් අධික වෙයි. නිදහස අඩු වෙයි.
ගෘහ ජිවිතය බුද්ධියෙන් කටයුතු කල යුතු කාලයකි, වගකීම් වැඩි වෙයි. තමන්ගේ අඩුපාඩු මග හරවා ගත යුතුවේ. ඒ වෙනුවෙන් කටයුතු කල යුතුය. රැවටීම්, වංචා ආදියට හසුවීමටද ඉඩක් පවතින බැවින් බුද්ධිමත් විය යුතුය.


● ධනු

ඉක්මණ් තීරණ වලින් ගැටළු ඇති විය හැක. ආර්ථික තත්වයේ ව්‍යාපාර වල ගැටළු වලට විසදුම් ලැබෙයි. නව ආදායම් මාර්ගයක් උදා විය හැක.
රැකි රක්ෂා කටයුතු වලදී උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කිරීම තුලම පමණක් ජය ලැබේ. නව රැකියා සොයන අයට රැකියා ලැබේ. ගැටළු වලට විසදුම් සොයාගත හැක.
ගෘහ ජිවිතය තුල සිත අවුල් වීමට කරුණු යෙදිය හැක. පවුල තුල අවිශ්වාසය වර්ධනය වෙයි. බුද්ධියෙන් කටයුතු කල යුතු කාලයකි. පිරිස් ඇසුර නිසා තමන්ගේ වගකීම් පැහැර හැරෙන්නට හැකි බැවින් බුද්ධියේ කටයුතු කල යුතුය.


● මකර

ආදායම් මාර්ග වලින් සාමාන්‍ය පරිදි සුභ ඵල ලැබිය හැකි කාලයකි. නව ආදායම් මාර්ග වලින් ගැටළු මතුවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු වේ. බාධා අඩු කරගැනීමට ණය ගනුදෙනු වල ප්‍රවේසම් වන්න.
රැකියාවේ නිදහස අඩු වෙයි. ගමන් බිමන් අධික වෙයි. සිතේ පීඩාකාරි තත්වයන් වැඩි වෙයි. කාර්යබහුල බව වැඩි  වෙයි.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගැටළු මතුවිය හැක. අසල් වැසියන්ගෙන් බාධා, කරදර මතුවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.
හිසේ අසනීප, බඩේ අසනීප, උගුර අමාරු ආදි ගැටළු ආදියෙන්ද පරිස්සම් වන්න.


● කුම්භ

දියුණුව උදෙසා ගත් පියවරක් සාර්ථක වෙයි. ආදායම් මට්ටම සාමාන්‍ය වෙයි. පෙර පැවති දුර්වලතා මගහරවා ගැනීමට සුභ කාලයකි.
රැකියා වලින් මධ්‍ය ප්‍රතිඵල ලැබෙයි. ප්‍රධානින් සමගිය - සාමදානය වර්ධනය වෙයි. රැකියා විරහිත අයට රැකියා ලැබෙයි.
පවුල් ජිවිතය තුල තරමක් ගැටළු මතුවිය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න. පිරිස් ඇසුර වර්ධනය වෙයි. වගකීම් යුතුකම් මග හැරිමටද යම් ඉඩක් පවතී.
මංගල යෝග උදා වෙයි.


● මීන

ආර්ථික තත්වය යහපත් වෙයි. ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුභ කාලයකි. පෙර පැවති ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි වෙයි.
රැකියාවේ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි වෙයි. උසස් වීම් පුහුණු වීම් ආදියට සුභ කාලයකි. රැකියා සොයන අයට රැකියා ලැබෙයි. බාධා අඩු වෙයි.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ දියුණුව සදහා ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වෙයි. පෙර පැවති දුර්වලතා මග හරහා ගැනීමට හැකියාව ලැබේ. සහයෝගයෙන් යුතුව වැඩ කල යුතු කාලයකි. අසල් වැසියන්ගේ උපකාර ලැබේ.
සෙම් රෝග, වාත රෝග වැනි අසනීප තත්වයන් මතුවීමට ඉඩ ඇති කාලයකි.

No comments:

Post a Comment