Sunday, July 10, 2016

සතියේ ලග්න පලාපලය - ජුලි 11 සිට


● මේෂ‍
එතරම් ශුභ නැත.
කරගෙන යන වැඩ කටයුතු වලට යම් බාධා තත්වයන් මතුවීමට ඉඩ ඇත. වියදම් අධික වීමටත්, ඒ තුලම ව්‍යාපාර ආදියේ ඇද වැටීම් - පාඩු ආදියත් ඇතිවිමට ඉඩ ඇත.
රැකියා සොයන අයට යම් බාධා තත්වයන් මතුවිය හැක. වැඩ කටයුතු අධික කාලයකි. සුළු සුළු අතපසුවීම් ආදිය සිදුවීමට ඉඩ ඇත. සිත නොසන්සුන් විය හැක.
ගෘහ ජිවිතය තරමක් අවුල් සහගත විය හැක. බොහෝ බාධා තත්වයන් අපේක්ෂිත නිසා බුද්ධියෙන් කටයුතු කරන්න. වැඩ කටයුතු අතපසු වීමටද ඉඩ ඇත
බඩ වැල්, මුත්‍රාශය, ගර්භාෂය ආශ්‍රිත ලෙඩ රෝග ආදියෙන් පරිස්සම් වන්න.


● වෘෂභ
තරමක් ශුභයි.
දියුණුව වෙනුවෙන් පියවරක් ගැනීමට සුභ කාලයකි. ගැටළු නිරාකරණය වෙයි. මුදල් කළමනාකරණයේදී පරිස්සම් වන්න, පාඩු සිදුවිය හැක.
රැකියාවේ කටයුතු යහපත් වෙයි. රැකියාවට පැවති ගැටළු නිරාකරණය වෙයි.
තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි.
පවුලේ අය සමග වෙනදාට වඩා ලගින් ඇසුරු කිරීමට ඉඩ ලැබෙයි. දෛනික කටයුතු වලදී වෙනදාට වඩා සිතේ නිදහසක් ඇති වේ.
හිසේ අසනීප, සෙම් රෝග ආදි ලෙඩ රෝග ඇතිවිමට ඉඩ ඇත. පරිස්සම් වන්න.


● මිථුන
ශුභයි.
අාදායම් තත්වය යහපත් වෙයි. මෙතෙක් පැවති අර්බුද වලින් නිදහස ලැබෙන කාලයකි. නව ආදායම් මාර්ග පෑදෙන කාලයකි. ධනය වැඩි කරගත හැකි වාසනාව උදා වේ.
රැකියාවේ වගකීම් වැඩි වෙයි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙයි. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් වලටද සුබ කාලයකි. රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් ගති වැඩි වෙයි. අන් අයගේ අදහස් වලට ගරු කරයි. එනිසා පවුලේ සමගිය - සාමදානය වර්ධනය වෙයි.
සෙම් රෝග සෑදිමේ අවදානමක්ද පවති.



● කටක
ශුභ සතියකි.
ආදායම් තත්වය සාමාන්‍ය පරිදි වේ. ඒත් සුළු සුළු ගැටළු ඇතිවිමට ඉඩ ඇති අතර, බුද්ධිමත්ම ක්‍රියා කිරිම තුල ඒ ගැටළු විසඳා ගත හැක. නිෂ්පාදන අංශයේ ව්‍යාපාර වලට සුභ කාලයකි.
රැකියාවේ රාජකාරි සම්බන්ධව වෙනදාට වඩා උනන්දු වන කාලයකි. ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලැබෙයි.
ගෘහ ජිවිතය තුල අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. තමන්ගේ දුර්වලතා මඟහරවා ගැනිමට හැකියාව ලැබෙන කාලයකි. අසල් වැසියන් සහ පවුල තුල සුළු සුළු ගැටළු ඇතිවිමට ඉඩ ඇති අතර ඒවා බුද්ධියෙන් විසඳා ගත හැක.


● සිංහ
තරමක් ශුභයි.
වාහන මිලදී ගැනීම් වලට සුභ සතියකි. මුදල් අධිකව වැය වීමට ඉඩ අතර එනිසාම ඉතිරිය අවම කරයි. රැකියාවේ ප්‍රතිඵල අඩුවිය හැක. රවි සහ බුධ මහ දසා හෝ අතුරු දසා ගත කරන අයට රැකියාවේ ශුභ ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා සොයන අයට නව රැකියා අවස්ථා ලැබෙයි. රැකියාවේ පීඩාකාරි ගති යනාදිය ඇතිවිමටද ඉඩක් පවතින නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය  තුල සබඳකම් වර්ධනය වේ.
මංගල යෝග උදා වෙයි. මනා කළමනාකරණයකින් දෛනික වැඩ කටයුතු කරගෙන යාමේ හැකියාව ලැබේ.


● කන්‍යා
ශුභයි.
ව්‍යාපාර වලට සුභයි. තම අරමුණ කරා යාමට සුභ කාලයකි. උනන්දු වැඩි වෙයි. හවුල් ව්‍යාපාර වලට තරමක් අපලයි.
රැකියාව යහපත් වෙයි. මෙතෙක් පැවති අඩුපාඩු මඟ හරවා ගත හැකි වෙයි. උනන්දුව, උද්යෝගය වැඩි වෙන කාලයකි. රැකියා සොයන අයට රැකියා ලැබේ.
ගෘහ ජිවිතය තුල ගමන් බිමන් වැඩිපුර යෙදේ. මිතුරන් වැඩිපුර ඇසුරු කිරීමට යාමෙන් ප්‍රශ්න ඇති විය හැකි නිසා අවදානමත් වන්න.
බඩේ අමාරු, වාත රෝග යනාදිය වැලදීමේ අවදානමක් ඇත.


● තුලා
සමඵලයි.
ආදායම් මාර්ග ඇහිරේ. වියදම් කිරිමේදි පාලනයකින් යුතුව ඒ කටයුතු කරගත යුතුය. ව්‍යාපාර ආදියෙන් පාඩු සිදුවිමට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කල යුතු වේ.
රැකියා සොයන අයට රැකියා ලැබේ. රැකියා කරන අයගේ රැකියා තත්වය යහපත් වෙයි, ඒ පිලිබද උනන්දුව වැඩි වෙයි. රැකියාව වෙනදාට වඩා අවබෝධයකින් යුතුව සතුටින් කරගෙන යාමේ හැකියාවද පවතින නිසා ඒ තත්වය සුබයි.
ගෘහ ජිවිතය තුල ඥාතින්ගේ සහෝදරයින්ගේ ඇසුර වැඩි වෙයි. වැඩිහිටියන්ගෙන් අවවාද, අනුශාසනා ලැබේ.
අධ්‍යාපන කටයුතු වලට සුභ කාලයකි. ගේ දොර වැඩ කටයුතු වලට වෙනදාට වඩා උනන්දුව ඇති වෙයි.



● වෘශ්චික
සමඵලයි.
ව්‍යාපාර කටයුතු අඩාල වීමේ හැකියාවක් ඇත. ආදායම් මාර්ග වලට බාධා ඇතිවී අවහිර වීම සිදුවිය හැක. මුදල් නිකරුනේ වැයවීම සීමා කරගත යුතුය.
රැකියාවේ කටයුතු වලට බාධා මතුවෙයි. අතපසුවීම් ආදිය නිසා ප්‍රධානින්ගේ දෝෂාරෝපණ ආදිය එල්ල වීමට ඉඩ ඇත. රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය තුල ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි විමට අවස්ථා  ලැබේ. එයින් යහපත් මිතුරන් ඇසුරු කිරීමට අවස්ථා උදා වේ.
ඉගෙනීම් කටයුතු වලට යහපත්ය.


● ධනු
සාමාන්‍ය සතියකි.
ආදායම් තත්වය සාමාන්‍ය වෙයි. අමතර ආදායම් මාර්ග වලට ඉඩ සැලසෙයි. ණය ලැබෙයි. හිතට යම්කිසි සහනයක් උදා වෙයි.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා කරන අයගේ රැකියා සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. උනන්දුව, උත්සාහය වැඩි වන කාලයකි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. වගකීම් වැඩි වෙයි. ගැටළු ඇති වීමට ඉඩක් ඇත. මිතුරු ඇසුර වැඩි වන කලයකි. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.



● මකර

නව ආදායම් මාර්ග වලට එළඹීමට කාලයයි. ආදායම් තත්වය යහපත් වෙයි. මුදල් පරිහරණය ක්‍රමවත්ව කරගෙන යා යුතුය. කලක් පැවති ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකි වෙයි. අනාගතය උදෙසා තමන්ගේ දියුණුවට පියවරක් ගන්නා කාලයකි.
රැකියා කටයුතු වලදී ඉවසීම ප්‍රගුණ කරගත යුතුවේ, නැතහොත් කරදර - ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. රැකියා වල පුහුණු වීම් ආදියට සුභ කාලයකි.
ගෘහ ජිවිතය තුල දුර ගමන් බිමන් යෙදිය හැක. කලබල ගති වැඩි වෙයි. වගකීම් පැහැර හැරීමටද ඉඩ ඇත.
උගුර ආශ්‍රිත රෝගා බාධ ඇතිවීමට ඉඩ ඇත.



● කුම්භ
ශුභ නැති සතියකි.
ආදායම් මාර්ග ඇහිරෙයි. ආදායමට වඩා වියදම වැඩි වීමට ඉඩ ඇත. ව්‍යාපාර වලින් පාඩු සිදුවිය හැක. මුදල් නාස්තිය සිදුවිය හැක. බුද්ධිමත් වන්න.
රැකියාවේ කටයුතු වලදී දෛනික රාජකාරි වලදි ගැටළු ඇතිවිය හැක. රැකියා සොයන අයට සාමාන්‍ය රැකියා ලැබේ. තම රැකියාව පිලිබද කලකිරීමේ ස්වභාවයක් ඇතිවිමටද ඉඩ ඇත. ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කිරිම යහපත් වෙයි.
ගෘහ ජිවිතය තුල මිත්‍ර සබදතා වලින් පාඩු ගෙනදිය හැක. මෙතෙක් පැවති ගැටළුකාරි තත්වයන් වැඩිවිය හැක. පිරිස් පාලනයට යොමුවීම තුලින් ගැටළුකාරි තත්වයන් වැඩිවී පාඩු සිදුවිය හැක.


● මීන
එතරම් ශුභ නැත.
මුදල් වැයවීම පාලනය කරගත යුතුය. බලාපොරොත්තු නොවන දේට වැඩිපුර මුදල් යෙදවීමට සිදුවිය හැක. ආර්ථිකය දියුණු කරගැනීමට අවශ්‍ය කරන පියවර ගැනීමට හැකියාව ලැබේ. නැතහොත් ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
රැකියා සොයන අයට රැකියා ලැබීම් ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල මිතුරු ඇසුර නිසා පවුලේ සමගියට බාධා ඇතිවිමට ඉඩ ඇත. සිත් පීඩා සහිත සතියක් වීමට ඉඩ ඇත. කලබලයෙන් ඉක්මණින් කටයුතු කිරීමට යාමෙන් ගැටළු උග්‍ර විය හැක.
ඉගෙනීම් කටයුතු වලට එතරම් ප්‍රතිඵලදායක කාලයක් නොවේ.
විනෝදය සදහා වැඩිපුර යොමුවීමට සිත් වේ.

No comments:

Post a Comment