Sunday, July 17, 2016

සතියේ ලග්න පලාපලය ගැන මුල් විපරම - ජුලි 18 සිට

- පොදු පලාපලයකි, කේන්දර සටහන් අනුව වෙනස් වනු ඇත.


● මේෂ
මිශ්‍රඵලයි.
ගැටළු වලට විසඳුම් ලැබෙයි. ආර්ථික වශයෙන් යහපත් නොවෙයි, ඒ අංශයෙන් තරමක් දුෂ්කරතා මතුවිය හැක. උත්සාහයෙන් කැපවීමෙන් කටයුතු කර ප්‍රතිඵල බලාපොරොත්තු වන අයට යහපත් කාලයකි.
නව ආදායම් මාර්ග වලටද තරමක් ගැටළු ඇතිවිය හැක.
රැකියා සොයන අයට රැකියා ලැබේ. උසස්වීම් ආදි ප්‍රතිඵලයන් බලාපොරොත්තුව සිටින අයට තරමක් ප්‍රමාද වෙයි. තම සුදුසුකම් වලට ගැලපෙන රැකියා අවස්ථාවකට ප්‍රමාද පවති.
ගෘහ ජිවිතය තුල සිතට සහනය ලැබෙයි.
අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙයි.


● වෘෂභ
තරමක් ශුභයි.
ආදායම් මාර්ග යහපත් වෙයි. දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදුවෙයි. යාන - වාහන ආදිය මිලදී ගැනීමට සුභ කාලයකි. රැකියාවේ මෙතෙක් පැවති ගැටළුකාරි තත්වයන් සමනය වෙයි.
රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ප්‍රමාද වෙයි. රැකියා ස්ථානයේ ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න, එවැනි දේ නිසා සිත කලකිරීමට පත් වේ.
ගෘහ ජිවිතය තුලද සිතේ යම් කලකිරිමක් ඇතිවිය හැක. නෑයන්, සහෝදරයන්ගෙන් දුරස් වේ.
යොදාගත් ගමන් වලින් තරමක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. විවාහ කටයුතු ආදියට තරමක් බාධා ඇතිවිමට ඉඩ ඇත.



● මිථුන
සමඵලයි.
ආදායම් මාර්ග වලින් තරමක් යහපත් ප්‍රතිඵල අත්විය හැක. අවස්ථානුකූලව ගනු ලබන පියවරක් සාර්ථක වනු ඇත. මුදල් වැයවීම අධික විය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
රැකියා කටයුතු වලින් මධ්‍යම ප්‍රතිඵල ලැබිය හැක. රැකියා සොයන අයට රැකියා ලැබෙයි. රැකියාව නිසි ලෙස කරගෙන යාමටද හැකියාව උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ගමන් බිමන් යෙදෙයි. පෙම් සබදතා වලට ගැටළු මතු විය හැක. පවුලේ අය අතර සමගිය වර්ධනය වෙයි.
කලක් පැවති අසනීපයකට ප්‍රතිකාර ගැනීමට හැකි වෙයි.


● කටක
ශුභයි.
නව ආදායම් මාර්ග වලට යොමුවීමට උත්සාහ කරන අයට මෙතෙක් තිබු බාධා ඉවත් වෙයි. ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙයි. ව්‍යාපාර දියුණු කර ගැනීමට අවස්ථාව උදා වෙයි.
රැකියාවේ රාජකාරි සාමාන්‍ය අයුරින් කරගෙන යාමේ හැකියාව ලැබෙයි. තාක්ෂණික අංශයේ රැකියා වලට සුභ කාලයකි. ප්‍රධානින්ගේ ඇසුර වැඩි වන කාලයකි.
 ගෘහ ජිවිතය තුල සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කල යුතුමය. ගේ දොර වැඩ කටයුතු සදහා වැඩි ඉඩක් වෙන් කිරීමට සිදුවේ.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට තරමක් අසුභ ප්‍රතිඵල ලැබෙන කාලයකි.


● සිංහ
සමඵලයි.
දියුණුව උදා කරගැනීමට හැකි කාලයකි. නමුත් උත්සාහයෙන් වැඩ කටයුතු කල යුතුම වේ. නැතහොත් මූල්‍යමය ගැටළු විසඳා ගැනීමට ප්‍රමාද වනු ඇත. මුදල් ගනුදෙනු වලින් තරමක් පාඩු සිදුවිය හැක. මුදල් පරිහරණයේදි සැලකිලිමත් විය යුතුය.
රැකියාව සාමාන්‍ය පරිදි සිදු වෙයි.
තරඟ  විභාග, උසස් වීම් ආදියට ඉල්ලුම් කර ඇති අයට, සුභ ප්‍රතිඵල ලබාගත හැකි කාලයකි. ස්වයං රැකියා, සුළු ව්‍යාපාර වල යෙදෙන අයටද සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල අන් අයට තමන්ගේ මතයට අවනත වීමට සිදු වේ. ගුරුහරුකම් ලබාදෙන කාලයකි. අධ්‍යාපනයේ විශේෂ දක්ෂතා පෙන්නුම් කරන කාලයකි.
මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් වන්න.



● කන්‍යා
තරමක් ශුභයි.
ආදායම් මාර්ග වල තත්වය යහපත් වෙයි. ගැටළු නිරාකරණය වෙයි. මුදල් පරිහරණයේදි පරිස්සම් විය යුතුයි, මුදල් ගැටළු පැන නැගිය හැක.
රැකියාව සාර්ථකව කරගෙන යා හැක. උසස් වීම්, විභාග ආදියට සුභ කාලයකි. නව රැකියා ඉල්ලුම් කරන අයට
සුදුසු රැකියා ලැබෙනු ඇත. දුරගමන් යෙදෙයි.
ගෘහ ජිවිතය තුල ශුභ කාලයක් උදා වෙයි. දරුවන්ගේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත. ඉගෙනීම් කටයුතු වල යෙදෙන අයටද සුබ කාලයකි. පවුලේ සමගිය - සාමදානය වර්ධනය වේ. තමන්ගේ ගැටළු සාකච්ඡාවෙන් විසදා ගත හැක.



● තුලා
ශුභ සතියකි.
 ගැටළු වලට විසදුම් ලබා ගැනීමට බුද්ධියෙන් තීරණ ගත යුතු කාලයකි. මූල්‍ය ක්ෂෙත්‍රයේ ගැටළු පැන නැගීමේ හැකියාවක් පවති.
රැකියා කටයුතු වල යෙදෙන අයට සුභ ප්‍රතිඵල බුක්ති විඳිය හැක. යහපත් රැකියා අවස්ථාවන් උදා වෙයි. ප්‍රධානින් සමග වැඩිපුර කාලය ගත කිරිමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තුල තමන්ට යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයකි. පෙම් සබදතා වලට ගැටළු නිර්මාණය විය හැක.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට තරමක් බාධා ඇති වේ.


● වෘශ්චික
මිශ්‍රඵලයි.
මුදල් නාස්ති වේ. වියදම අධික විය හැක. අරපරිස්සම් වන්න. අමතර ආදායම් මාර්ග වලට යොමුවිමට සිතෙන කාලයකි. බුද්ධියෙන් තීරණ ගත යුතු කාලයකි. ව්‍යාපාර වලට ප්‍රබල ගැටළු මතුවිය හැකි කාලයකි.
රැකියා කටයුතු වල යෙදෙන අයට තරමක් ශුභ කාලයකි. බලාපොරොත්තු වන ජයම නොලැබීමට ඉඩ ඇත. රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ප්‍රමාද විය හැක. ප්‍රධානින්ගේ අවධානය තමන් කරා යොමුවිමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතයට තරමක් බාධා මතු වෙයි. පෙම් සබදතා වලදි ගැටළු මතුවිමට ඉඩ ඇත.
පවුලේ අයගේ අසනීප වැඩිය හැකියි. තරමක් කණගාටුදායක කාලයක් විය හැක.



● ධනු
මධ්‍යම ඵල සහිතයි.
ආදායම් මට්ටම යහපත් කරන අයට හොද ප්‍රතිඵල ලැබෙන කාලයකි. වියදම් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙයි. මූල්‍යමය ගැටළු විසදෙයි.
ධනවත් අය මුණ ගැසීම නිසා තම ආර්ථිකය යහපත් වේ.
රැකියාවෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙයි. උසස් වීම්, තරග විභාග ආදියට යහපත් කාලයකි. පුහුණු වීම් වලට අවස්ථාව ලැබෙයි. නිදහස තරමක් අඩුවිය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. විවාහයට සුදුසු අය මුණ ගැසෙයි. දරුවන් බලාපොරොත්තු වන අයට, සුභ ප්‍රතිඵල ලැබෙන කාලයකි.




● මකර
මිශ්‍රඵලයි.
ආදායම් මාර්ග වලින් හොද ආදායම් ලැබෙයි. ආර්ථික වශයෙන් තිබුනු ගැටළු විසදෙයි. මූල්‍යමය උපකාර ලැබෙනු ඇත. වෙනත් ආදායම් මාර්ග වලට යොමුවිමටද සුභ කාලයකි.
රැකියාවේ කටයුතු වලින් තරමක් අශුභ ප්‍රතිඵල ලැබිය හැකියි. බාධා වැඩිවෙන්නට ඉඩ ඇත. සිතට තරමක් පීඩාකාරි තත්වයක් ඇතිවන අතර, එය උත්සන්න වන්නටද ඉඩ ඇත. රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝජනා ස්ථිර වෙයි. විවාහයට සුදුසු සහකරුවන් හෝ සහකාරියන් ලැබෙනු ඇත. වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනු ඇත.
සෙම් ආශ්‍රිත රෝග, මුඛ රෝග උත්සන්න වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කරන්න.



● කුම්භ
මධ්‍යම ඵලයි.
ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබෙයි. ඉවසීමෙන් කටයුතු කිරිම තුලින් තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. නැත්නම්, නව ආර්ථික ගැටළු නිර්මාණය වීමේ අවදානමද පවති. කල්ගත වූ ප්‍රශ්නයකට විසදුම් ලැබෙයි.
රැකියා තත්වය යහපත් වෙයි. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. කාර්යබහුල සතියකි. විවේකය අඩු වෙයි. පවුලේ අය සමග සමගිය - මිත්‍රත්වය වර්ධනය වෙයි. පෙම් සබදතා වලට වැඩිහිටියන්ගේ අවසර ලැබෙයි, බාධා තත්වයන් අඩු වෙයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, තරග විභාග ආදියෙන් ජය ලැබෙයි.


● මීන
ශුභයි.
දියුණු වීමට අවස්ථාවක් උදා කරගැනීමට හැකිවේ. ව්‍යාපාර වල ගැටළුකාරි තත්වයන් මග හැරෙයි. මෙතෙක් තිබු ගැටළු නිරාකරණය වෙයි. ආදායම් මාර්ග සරු වෙයි.
රැකියා සොයන අයට රැකියා ලැබේ. රැකියා කරන අයට තම රාජකාරි අතපසුවීම නිසා දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත, විශේෂයෙන් ප්‍රධානීන්ගෙන්. එවන් කරුණු වලට කලකිරිම් ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල විවාහ කටයුතු ආදියෙන් යම් යම් ගැටළුකාරි තත්වයන් වලට මුහුණ පෑමට සිදු වෙයි. අන්‍යන්ගේ සිත් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. ප්‍රිය සම්භාෂණ වලට යාමට අවස්ථාවන් ලැබේ. ඥාතින් අතර සමගිය වර්ධනය වෙයි.



No comments:

Post a Comment